වැටුප් ඉල්ලා කරන දුම්රිය වර්ජනයෙන් මගීන් දැඩි අපහසුතාවයක

June 21, 2019

දුම්රිය සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර 45ක් පමණ මේ වන විට අවලංගු වී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි කාර්යාලය පවසයි.

එසේවුවද දුම්රිය ගමන්වාර 10ක් පමණ අද දින ක්‍රියාත්මක වු බව දුම්රිය එන්ජිම් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

ඒ අනුව නුවර, රඹුක්කන, මහව, හලාවත, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල සිට කොළඹ දක්වා දුම්රිය ධාවනය කර ඇත.

වැටුප් විෂමතාවය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති අරම්භ කළ පැය 48 ක සංකේත වැඩ වර්ජනය මේ වන විට ක්‍රියාත්මකව පවතියි.

මේ හේතුවෙන් කොටුව දුම්රියපොළ ඇතුලු දුම්රිය ස්ථාන කිහිපයක අද පාළු ස්වරූපයක් දක්නට ලැබුණි.

වැටුප් විෂමතාව, උසස්වීම් ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරී වෘත්තීය සමිති සංගමය ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් පසුගිය 19 වනදා සිට පැය 48ක වැඩ වර්ජනයක නිතරවීමට තිරණය කරන ලදි.

නමුත් මුදල් අමාත්‍යවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡාවක් ලබාදෙන බවට පොරොන්දු වීමත් සමඟ ඔවුන් වැඩවර්ජනය තාවකාලිකව නවතා දැමුවේය.

කෙසේ නමුත් ඊයේ (20) පස්වරුවේ මුදල් අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීමත් සමඟ දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරී වෘත්තීය සමිති සංගමය ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩවර්ජනයක නිරත වීමට තිරණය කළේය.

වැඩ වර්ජනය මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක විමට නියමිතව තිබුණත් පස්වරුවේ සිටම දුමිරිය ධාවනය අඩාල වීම හේතුවෙන් මගීන් දැඩි ලෙස අපහසුතාවට පත්වුණි.

ඊයේ රාත්‍රියේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක ඇති වුණේ කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා ධාවනය වන දුමිරිය සඳහා රියදුරෙකු නොමැති බව පැවසීමත් සමඟින්.

කෙසේ නමුත් පසුව දුම්රිය ගමනාන්තය දක්වා ධාවනය කිරීම සඳහා එක් දුමිරිය රියදුරෙකු ඉදිරිපත් වුණි.

ක්‍රියාත්මක දුම්රිය වර්ජනය හේතුවෙන් අද උදෑසන කොටුව දුම්රියපොළ ඇතුලු දුම්රිය ස්ථාන කිහිපයකම දක්නට ලැබුනේ පාළු ස්වභාවයක්.

t

o

p