ඇමෙරිකාවෙන් පෞද්ගලිකත්වය රැකගන්න මානව හිමිකම් ප්‍රඥප්තියක් අවශ්‍යයි

March 31, 2014

social web site_310314

ඇමෙරිකානු සහ හංගේරියානු සම්භවයක් සහිත වොන් නියුමාන් විසින් 1940 දශකයේදී යාන්ත්‍රික පරිගණකය නිර්මාණය කරන තුරු ඉලක්කම් සහ ගණනයට පළමුව භාවිත කළේ ඇබකසයයි. පසුව යාන්ත්‍රික ගණන යන්ත්‍රයත්, අනතුරුව වැඩි ධාරිතාවක් සහිත විද්‍යුත් ගණන යන්ත්‍රයත් භාවිතයට ගැනිණ. එවකට දත්ත එක් රැස්කර ගබඩා කිරීමේ අවශ්‍යතාත් ඉතාම සුළු මට්ටමින් පැවතිණ. එහෙත් කාලයත් සමඟ ඉහළ කාර්යක්ෂමතාවත් වැඩි දත්ත ගබඩා කිරීමේ අවශ්‍යතාවත් හේතුවෙන් පරිගණකයේ විවිධ විකාශ සහ දත්ත රැස්කිරීමේ සහ ගබඩා කිරීමේ විවිධ ක්‍රම බිහිවූ බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (31) උදෑසන සමාජජාල වෙබ් අඩවි භාවිතය සම්බන්ධයෙන් ජාතික විද්‍යා පදනමේ පැවති සම්මන්ත්‍රණයේදී පෙන්වා දුන්නේය.

1960 බිහිවූ ඉලෙක්ට්‍රෝනික සිලිකන් ලෝකය නුදුරු අනාගතයේදී මිනිස් සෛල භාවිතය දක්වා නව තාක්ෂණික පිම්මක් ළඟා කරගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි. 1950 දශකයේදී ශ්‍රී ලංකාව පළමු පරිගණකය භාවිත කරන්නේ සිගරට් ගණන් කිරීම සඳහායි. අද වන විට තනි අයිතියට, පෞද්ගලික භාවිතයට යොදා ගන්නා ඉතා කුඩා පරිගණක ලක්ෂ ගණනක් රට තුළ පරිහරණය කෙරේ. එමෙන්ම ලොකු කුඩා බේදයකින් තොරව Facebook වැනි සමාජජාල වෙබ් අඩවිද වැඩි වශයෙන් භාවිත කිරීමේ ප්‍රවණතාවක් රට තුළ නිර්මාණය වී ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. එහි අහිතකර භාවිතයන් සහ ප්‍රති විපාක සම්බන්ධයෙන් වත්මන් සමාජය ඉතා කෙටි කලක් තුළ වැඩි කතාබහක් ඇති කර ගත්තේය. පරිගණක සහ අන්තර්ජාල තාක්ෂණයටත් එහි භාවිතයටත් විධිමත් සහ විනිවිද නියාමනයක් අත්‍යාවශ්‍ය බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

අපේ මතු පරපුර සුරැකිව පවත්වාගන්නට නම් වැඩිහිටි සැමගේත්, දෙමාපිය, ගුරුවර කොයි කාගේත් වගකීම වන්නේ රටට එන, ළමුන් භාවිත කරන විවිධ තාක්ෂණික ක්ෂේත්‍ර, විශේෂයෙන්ම අන්තර්ජාලය පිළිබඳ ඉගෙනීමක් සහ මනා අවබෝධයක් ලබා ගැනීම බවද අමාත්‍ය චම්පික රණවක පවසයි.

2014 මාර්තු 12 වනදාට වෙබ් අඩවි සහ පිළිගත් අන්තර්ජාල සම්මුතීන් පිහිටුවා වසර 25ක් වේ. මේ වන විට පරිගණක, අන්තර්ජාල සහ දුරකතන (ඇමතුම් හා SMS) ආශ්‍රයෙන් අපගේ පෞද්ගලිකත්වය සොයා බලමින් මානුෂීය නිදහසට ජංගම දුරකතන, අන්තර්ජාල සහ පරිගණක හරහා බලපෑම් එල්ල කිරීම සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතී. එහි ප්‍රධාන මොළකරු, මෙහෙයුම්කරු බවට කටයුතු කරන්නේ ඇමෙරිකාවයි. අපගේ පෞද්ගලිකත්වය, සමස්ත ලෝකයේ පෞද්ගලිකත්වය ඇමෙරිකාවෙන් රැකගන්න නම්, ඒ සඳහා සුවිශේෂි වූ මානව හිමිකම් ප්‍රඥප්තියක් අත්‍යාවශ්‍ය බව අමාත්‍ය චම්පික රණවක මහතා අවධාරණය කර සිටී.

අන්තර්ජාල සහ පරිගණකයේ ඉතිහාසයත්, එහි හොඳ සහ නරක ප්‍රතිඵල පිළබඳවත් ආතර් සී. ක්ලාක් ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සනත් පනාවැන්නගේ මහතා බස්නාහිර පළාත් ගුරුවරුන් දැනුවත් කළ අතර, ශ්‍රී ලංකා පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයේ සයිබර් අපරාධ සම්බන්ධ සහකාර පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි රණසිංහ මහත්මිය විසින් එහි පවතින ප්‍රවණතා සම්බන්ධව පිරිස දැනුවත් කළේය.

social web site_310314_1 social web site_310314_2 social web site_310314_3

The Editor

Previous story Next story

Leave a comment

t

o

p