ඒකාබද්ධයේ දිනය වැරදුනත් විශ්වාසභංගයට හරි දිනයක් සභානායකගෙන්

May 20, 2019

කර්මාන්ත හා වාණිජ කටයුතු, නැවත පදිංචි කිරිම් හා වෘත්තීය පුහුණු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ප්‍රධානතම කරුණක් වන දිනය වැරදි වුවත් එය න්‍යාය පුස්තකය වෙත ඇතුළත් කිරීමට කතානායක පියවර ගන්නේ නම් විශ්වාභංග විවාදයට ලගම දිනයක් දෙන්න සුදානම් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පෙරමුණේ ඇමතිවරුන්ට එරෙහි විශ්වාසභංග පරාජය කිරීම රජයට මහලොකු කජ්ජක් නොවන බව කියු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  ඒකාබද්ධ විපක්ෂයට දිනය නිවැරදිව සටහන් කර විශ්වාසභංගයක්වත් ඉදිරිපත් කිරිමට නොහැකි තරම් බංකොලොත් වී ඇතැයිද පැවසීය.
විශ්වාසභංගය වැනි වැදගත් ලියැවිල්ලක දිනය නිසි ලෙස ඉදිරිපත් කළ නොහැකි අවස්තාවක එය ප්‍රතික්ෂේප කිරීම වැදගත් රාජ්‍ය ආයතනයක වගකීම බවද ඇමතිවරයා කීවේය. එහෙත් තමා දුටු විශ්වාසභංග යෝජනාවේ දිනය ලෙස 2018 මැයි 09 ලෙස සඳහන්ව තිබුණේ යැයි ද එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ හැකි වරදක් බවද කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.
විශාල වරදක්වුවද එය න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතිනම් ලගම දිනයක් විවාදය සදහා ලබාදීමට සුදානම් බවද ඇමතිවරයා පැවසීය. ඒකාබද්ධ විපක්ෂ නඩයට යළි යන එන මං නැති වෙන ලෙස රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංගය පරාජය කරන බවද ඇමතිවරයා කීවේය.

t

o

p