චින සංචාරය නිමවා ජනපති මෙරටට පැමිණෙයි

May 16, 2019

චීනයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (16) අළුයම දිවයිනට පැමිණ ඇත.

මේ අතර චීනයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීන අග්‍රාමාත්‍ය ලී ක්වෑන්ග් මහතා අතර සාකච්ඡාවක් පවත්වා ඇත.

ඊයේ පස්වරුවේ බීජිං නුවරදී මෙම සාකච්ඡාව පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ අනපේක්ෂිත තත්ත්වය පිළිබද සිය කණගාටුව පල කළ චීන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ත්‍රස්ත අභියෝග ජය ගැනීමට චීනයෙන් ලබාදිය හැකි සහයෝගය සියලු ආකාරයෙන් ලබාදීමට මැදිහත්විම සිදු කරන බව යැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

දෙරටේ ජනාධිපතිවරු සාකච්ඡා කළ පරිදි ත්‍රස්තවාදී කටයුතු සඳහා අන්තර්ජාලය යොදාගැනීම පාලනය කිරිමට චීන ආධාර ලබාදීමට කටයුතු කරන බව චීන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර ත්‍රස්තවාදය මැඩලීමට ශ්‍රී ලංකා ආරක්ෂක අංශවල ක්‍රමෝපායික හැකියාවන් ප්‍රවර්ධනය කිරිමට හැකි ආධාර ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ද චීන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ඇති වූ හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වලට රුපියල් කෝටි 260ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීම, පොලිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය පහසුකම් සැපයීම ඇතුළු දැක්වූ සහයෝගිතාව වෙනුවෙන් චීන රජය වෙත ස්තූතිය පල කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ සියලු රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව නිදහස් මෙන්ම සමෘද්ධිමත් රටක් ලෙස ගොඩනැගීමට කටයුතු කරන බවයි.

මේ අතර දෙරටට අදාල  ආර්ථික සංවර්ධන කරුණු රැසක් පිළිබදව ද මෙහිදී සාකච්ඡා වී ඇත.

ශ්‍රී ලංකාවේ ඉතාමත් ඉහළ ප්‍රමිතියෙන් සහ ගුණාත්මක භාවයෙන් යුත් නිෂ්පාදනවලට චීනයේ ඉල්ලුමක් පවතින බවත් ඒ සඳහා හොඳ වෙළදපලක් නිර්මාණය කරදීමට හැකියාව පවතින බවත් චීන අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

t

o

p