නාමල් කුමාර හා අමිත් වීරසිංහ පොලිස් අත්අඩංගුවේ

May 14, 2019

ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරි ක්‍රියාහේතුවෙන් මහසෝන් බලකායේ අමිත් වීරසිංහ හා දුෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමර ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අමිත් වීරසිංහව විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් තෙල්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර නාමල් කුමාර අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොල පොලිසියට පැමිණි අවස්ථාවේදීය.

කුලියාපිටිය ඇතුළු නගර කිහිපයක ඇති වූ සිද්ධින් සම්බන්ධයෙන් නාමල් කුමාර අත්අඩංගුවට ගෙන ඇති අතර මිනුවන්ගොඩ සිද්ධින් සම්බන්ධයෙන් අමිත් වීරසිංහ අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ.

නාමල් කුමාරව වරකාපොල පොලිසිය මගින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති අතර පැමිණිල්ලක් කිරීම සඳහා පොලිසියට පැමිණී අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.

 

t

o

p