පොලිස්පති සි.ඩි වික්‍රමරත්න, නිතිපති දප්පුල ද ලිවේරා, ආරක්ෂක උපදේශක ඉලංගකෝන්

April 29, 2019

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද, සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නිතිපතිවරයා ලෙස ද පත් කර තිබේ.

එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කර තිබේ.

මේ අතර, නීතිපති ජයන්ත ජයසූරීය මහතා නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත.

ඒ අනුව නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය මහතා අද(29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

අදාළ සියලූ පත්වීම්ලාභීන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් බා ගෙන තිබේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

t

o

p