මුස්ලිම් සංවිධාන හා සාකච්ඡා කොට ආරක්ෂාවට තර්ජන ඇති ඇදුම් පැළදුම් ගැන පනතක්

April 29, 2019

මුස්ලිම් සංවිධාන සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අන්දමේ ඇඳුම් පැළඳුම් තහනම් කරලීමේ නීති රීති සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට පණත් කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා.

මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනෑම දෙයක් ඇඳුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා හෝ  අමාත්‍ය මණ්ඩලයේ කිසිදු අමාත්‍යවරයෙක් විරෝධතාවයක් පළ කළේ නැහැ. යයි අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ පවසයි.

මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනෑම දෙයක් ඇදුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පසුගියදා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් මේ වන විට විවිධ මාධ්‍යයන් ඔස්සේ අසත්‍ය කාරණයක් ඉදිරිපත් කරමින් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ගරු මුදල් අමාත්‍ය මංගල සමරවීර මැතිතුමාටත් විවිධ විවේචන සිදු කරමින් පවතියි.

මේ යෝජනාව සම්බන්ධයෙන් කිසිදු විරෝධතාවයක් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා හෝ  අමාත්‍ය මණ්ඩලයේ කිසිදු අමාත්‍යවරයෙක් විරෝධතාවයක් නොකළ බවත් මේ පිළිබදව මුස්ලිම් පූජකතුමන්ලා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් පමණක් සිදු කළ බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

‘’අද රටේ ඇති වෙලා තියෙන තත්වය සම්බන්ධයෙන් අපි රජයක් හැටියට නොයෙකුත් ක්‍රියා මාර්ග ඉදිරියට ඇති නොවෙන විදිහට ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සියලු දෙනාම අපිට පැවරිලා තියෙන වගකීම් යටතේ කටයුතු කරන්න උපරිම උත්සාහයක් ගන්නවා .ඒ අතරවාරයේ මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනම දෙයක් ඇදුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් මම යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.ඒ අවස්ථාවේදී මොනම හේතුවකින්වත් කිසිම කෙනෙක් ඒ සම්බන්ධයෙන් විරුද්ධ වුණේ නැහැ.

 

ගරු අග්‍රාමාත්‍යතුමාගේ අදහස වුයේ සාමාන්‍යයෙන් මුස්ලිම් ජනතාවට බලපාන දෙයක් නිසා මේ තීරණය ක්‍රියාත්මක කරන්න පෙර මුස්ලිම් පූජකතුමන්ලා දැනුවත් කරන්න කියලා.ඒ අනුව ඒ කටයුතු මා විසින් කරන්නට යෙදුනා.නොයෙකුත් අය පටු දේශපාලන වාසි ගන්න මේ සම්බන්ධයෙන් ගරු අගමැතිතුමා ගරු මුදල් ඇමතිතුමා දිගින් දිගටම විවේචනය කරමින් නොයෙකුත් මාධ්‍ය හරහා නැති මතයක් ගොඩ නගන්නට උත්සාහ කරනවා.මම ඉතාම කරුණාවෙන් කියන්නේ මෙවැනි පටු දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්න එපා.ගරු අගමැතිතුමා ඉතා පුළුල් විදිහට කල්පනාවෙන් වැඩ කරලා නායකයෙක් හැටියට අපි සියලුම ජාතීන් ජීවත් වෙන රටේ තීරණ ගන්න කොට ඒ අදාළ අයට දැනුවත් කිරීම අපේ වගකීමක් හැටියට සළකන නිසයි එතුමා ඒ විදිහට සදහන් කළේ කියන එක මම වගකීමක් ඇතිව කියනවා ‘’.

මුහුණ සහ ශරීරය ආවරණය වන සේ බුර්කා සහ නිකාබ් ඇඳුම් සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයිතුල් උලමා සංවිධානය අප්‍රේල් 24 වන දින ප්‍රකාශයක් කරමින් පෙන්වා දුන්නේ මුහුණු අනාවරණය කිරීම ඉස්ලාම් සංස්කෘතියට පටහැනි නොවන බවයි.

ඒ නිසා මේ අවස්ථාවේ මුහුණු ආවරණය වන පරිද්දෙන් බුර්කාව හා නිකාබ් ඇඳුම් පැළඳීමෙන් වැළකීම වඩාත් සුදුසු බව ද එම සංවිධානය පෙන්වා දී තිබුණි.

දැනට හදිසි නීතිය යටතේ මේ ආකාරයේ ඇඳුම් හා පළදනා තහනම් කිරීමට ජනාධිපතිතුමා පියවර ගෙන ඇත.

මුස්ලිම් සංවිධාන සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව හදිසි නීතිය නොමැති සාමාන්‍ය තත්වයන් යටතේ දී පවා ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අන්දමේ ඇඳුම් පැළඳුම් තහනම් කරලීමේ නීති රීති සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට පණත් කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

t

o

p