ආරක්ෂාව ගැන තමාට වඩා දන්න කෙනෙක් පාර්ලිමේන්තුවේ ඇති නම් තමා ෆිල්ඩ් මාෂල් තනතුර ඔහුට දෙනවා

April 24, 2019

ආරක්ෂාව සම්බන්ධයෙන් තමාට වඩා දන්නා කෙනෙකු ආණ්ඩුව පැත්තේ හෝ විපක්ෂය පැත්තේ සිටි නම් තමා ෆිල්ඩ් මාෂල් තනතුර ගලවා ඔහුට දෙන බව ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදි අද (24) ප්‍රකාශ කළේය.

හදිසි නිති විවාදයට එක්ප වෙමින්සු සරත් ෆොන්සේකා මහතා කීවේ ඉරිදා දින දිවයින පුරා සිදුවු පිපිරීම් නිසැකයෙන්ම වසර 7ක් හෝ 8ක් සැලසුම් කර සිදු කරන්නට ඇති බවයි.

හදිසි නිතිය පැනවිඹේ යෝජනාව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කිරීමෙන් පසු එම විවාදය ආරම්භ විය. එහිදි කරුණු දක්වමින් මන්ත්‍රීවරයා මෙසේද කීය.

එල්.ටී.ටී.ඊ සංවිධානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට වසර 12ක් පමණ ගතවුනා. නමුත් මොවුන් එය එක වරම සිදු කළේ නිසැක වශයෙන්ම වසර කීපයක සැලසුමක්. මිය ගිය ත්‍රස්ථවාදීන් කීප දෙනා පමණක් නොව තවත් 300-400 ක් වැනි ප්‍රමාණයක් ලංකාවේ සිටිය හැකියි.

අපේ රටේ සිදුවු විශාලම ඛේදවාචකයට දවස් කීපයකට පෙර මුහුණ දුන්නා, වසර 32 පුරා පැවති යුද්ධයක වුවත් එකම දිනක දී මෙවැනි විශාල ඛේදවාචකයක් සිදු වුයේ නැහැ. ඊට හේතුව හෙමින් පටන් ගෙන පසුව වර්ධනය වු නිසායි එයට හමුදාව හා රට මුහුණ දීමට පුරුදුව සිටියා.

කෙසේ නමුත් 360 දෙනෙකු මිය ගොස් 500 අධික සංඛ්‍යාවක් තුවාල ලබා අද වන විට මුළු මහත් රටම දුක් වෙන තත්ත්වයකට පත්ව තිබෙනවා, මේ අවස්ථාවේ මම ආණ්දේඩුව පැත්තේ සිට නොව රටේ පැත්තේ සිට මේ පිළිබඳව අදහස් දක්වනවා.

රටක් ලෙස මුහුණ දුන් මෙම ඛේදවාචකය ගැන තමාට වේදනාවක් තිබෙනවා. එසේ වන්නේ රටට සේවය කළ අයෙක් වශයෙනුයි.ආණ්ඩුව ආරක්ෂා කිරීම හෝ පුද්ගලයින් ආරක්ෂා කිරීම අදළ වන්නේ නැහැ.

රට ගොඩ ගන්නේ කෙසේ ද, රට ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද යන යථාර්ථයට මුහුණ දී කථා කළ යුතුව තිබෙනවා. වසර 32 ක් දුක් වින්ඳ රට බේරා ගත්තා. හෘද සාක්ෂියට අනුව දේශපාලන හා හමුදා නිලධාරීන්ගේ දුර්වලතා මත මෙවැනි කාලයක් පුරා යුද්ධය ඇඳී ගියා.

නැතිනම් ඒ යුද්ධයත් වසර කීපයකට පෙර අවසන් කිරීමට ඉඩ තිබුනා නමුත් එවැනි දුර්වලතා ප්‍රභාකරන් වැනි අය හඳුනා ගත් නිසාවෙන් යුද්ධය වසර 32 ක් පුරා ඇඳී ගියා. එහි ප්‍රතිඵලයක් ලෙස රට වැසියා බොහෝ දුක් වින්දා.

අද නැවතත් ජනතාවට භයානක තත්ත්වයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදයට මේ තත්ත්වයට පැමිණීමට විශාල කාලයක් ගත් වුනා. නමුත් දැන් ත්‍රස්ථවාදය මෙවැනි විශාල තැනකින් ආරම්භ කර තිබෙනවා. ත්‍රස්ථවාදීන් දෙපිරිසගේ අරමුණු වෙනස්.

රට බෙදන්න ආව නිසා එල්.ටී.ටී.ඊ සංවිධානය භූමිය මත පදනම්ව විනාශ වී ගියා, මොවුන් පැමිණ ඇත්තේ රට බෙදීමට නොව ප්‍රහාර එල්ල කිරීමටයි, ඔවුන්ගේ ආගමට යම් ප්‍රතිරූපයක් ගොඩ නැඟීම සඳහා මෙය කළ බව පේනවා.

මෙය ඉතා දරුණු විෂබීජයක්. දැන්  නැවතත් ජනතාවගේ ජීවිතවල අවිනිශ්චිත තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

එකතු වෙලා මෙය ජයග්‍රහණය කළ යුතුයි. විශේෂයෙන් අහන්න අකමැති වුවත් විශේෂයෙන් දේශපාලඥයින් පහුගිය යුද්ධය අවසන් වු පසුව නිවැරදි මාර්ගයේ ගියේ නැහැ.

එය තමාගේ මතය වුවත් මෙයට විරුද්ධ වීමට ඕනෑම අයෙකුට හැකියි, යුද්ධය අවසන් වු වහාම අපි විශාල උත්සවාකාර ජීවිතයක් ගත කරන්න අවස්ථාව ලැබූනා. එය වරදක් නොවුණත් දේශපාලඥයින් මෙන්ම හමුදා නිලධාරීන් ලෙස ඔවුනුත් විනෝදකාරී ලෙස ජීවත් නොවී එයින් එහාට ගොස් වගකීමකින් රට ආරක්ෂා කිරීමට පෙලඹීමට අවශ්‍යවුනා.

රටක් රැකීමට දේශපාලඥයින්ට හා හමුදා නිලධාරීන්ට යුද්ධයක් තියෙන්නම අවශ්‍ය නොවේ. ඒ වගකීම අපි පැහැර හැර තිබෙනවා.

යුද්ධය අවසන් වු දිනයේ සිට විනෝදකාමීත්වය හොඳින් තිබුනා, අවධානම් සහිත තැන් අපි කිසි විටෙකත් තේරුම් ගත්තේ නැහැ.

රටක ආරක්ෂාව ප්‍රමුඛතා මත පළමු වන ස්ථානය, ආර්ථිකය ප්‍රමුඛතා මත දෙවැනි ස්ථානයේ තිබිය යුතු නැහැ. අපේ දේශපාලඥයින් ආරක්ෂාව වෙනුවෙන් අවධානය අඩුවෙන් යොමු කළා.

යම් රටක ආරක්ෂාව නැතැයි යනු,  වගකිව යුත්තෝ ඒ වගකීම ඉටු කර නෑ කියන එකයි. එයින් අපට ගැළවිය නොහැකියි.

කුමන පක්ෂයක සිටියත්‍ මෙම තත්ත්වයට වගකිව යුතුයි. පසුගිය දිනවල ඇතිවු සිද්ධිය ගැන විදෙස් බුද්ධි අංශ දැනුම් දී ඇත්නම් එහි වගකීමක් තිබුනා.

බුද්ධි අංශයේ ප්‍රධානියා පොලිස්පතිවරයා යටතේ නොසිටන බවත් පැවසු මන්ත්‍රීවරයා, ආරක්ෂක ලේකම් හා ආරක්ෂක ඇමති යටතේ එම තනතුර තිබෙනවා.

එනිසා නිසැකයෙන්ම මේ පිළිබඳව පොලිස්පතිවරයා මෙන්ම ජනාධිපතිවරයා හා අදාළ අමාත්‍යවරුන් දැනුවත් වී ඇති බව පේනවා. පොලිස්පති ගෙදර යැවීම මෙයට විසඳුමක් නොවෙයි..

පොලිස්පතිට වඩා ඉහළින් තවත් වගකිව යුත්තන් රැසක් සිටිනවා. මෙය රටේ ආරක්ෂාවට එල්ල වු විශාල ප්‍රහාරයක්.

කෙසේ වෙතත් අද ඇතිව තිබෙන තත්ත්වයට පසුගිය වසර 10 පුරා තිබු සියලු ආණ්ඩු වගකිව යුතුයි. වැරදි හදා ගෙන ඉදිරියට ගත යුතු පියවර ගැනීමට වගබලා ගත යුතුයි.

නාමල් කුමාර හෝ මධූෂ් වැනි අයට ලබා දුන් ප්‍රමුඛස්ථානය වත් මෙවැනි තොරතුරක් සම්බන්ධයෙන් ලබා දී නොමැති බව ද සඳහන් කළ ඒ මහතා, ජනපතිට හා අගමැතිට මේ පිළිබඳ වහාම ක්‍රියාත්මක වීමට ඉඩ තිබු බව ද පැවසීය.

t

o

p