ගෝඨාභයගේ ලංකාවේ පුරවැසිභාවය තීරණය කිරිමේ බලය ‍ෆොන්සේකාට පවරයි

April 10, 2019

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යධූරය නිර්දේශ කර යැවීමට රජය අද (10) තීරණය කරනු ලැබීය.
රජය මේ තීරණයට එළැóයේ ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට හිමිවිය යුතු බවට කලින් නිර්දේශ කළ අමාත්‍යාංශ විෂයයන්වලට අමතරවය.
එක්සත් ජාතික පෙරමුණු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කණ්ඩායම අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී ඉහත කාරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
කිසියම් පුද්ගලයෙකු ද්විත්ව පුරවැසිභාවය හෝ ශ්‍රී ලංකා පුරවැසිභාවය දීමට අවසන් අනුමැතිය පළ කළ යුත්තේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විසිනි.
අමාත්‍යධූරය ලැබෙන තෙක් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සියළු කටයුතු අධික්ෂණය කරන ලෙස ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වෙත අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ දිනයේදීම දැනුම්දීමට නියමිතව පැවතුනි.
පෞද්ගලික ජපන් සංචාරය නිමකර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවට පැමිණි විගස ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අභ්‍යන්තර කටයුතු විෂය පැවරීමට අදාළ නිර්දේශය යොමු කිරීමට නියමිතය.

t

o

p