දෙමටගොඩ චමින්ද ගේ ගෝලයෝ දෙදෙනෙකු හෙරොයින් සමග අල්ලයි

March 26, 2019

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දෙමටගොඩ චමින්දගේ සමීපතමයින් දෙදෙනෙකු හෙරොයින් සමඟ ඊයේ (25) සවස පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ ,මිගහවත්ත පදිංචි කසුන් චින්තක නොහොත් “වැලිපාරේ කසුන්” (27) සහ පෑලියගොඩ, වැලිපාර පදිංචි වීරපුරගේ අරුණ උදය කුමාර නොහොත්  “ලාල් බබා” (47) යන අය වේ.

වැලිපාරේ කසුන් යුද හමුදාවේ සේවය කර ඇති අයෙකු බවත් ඔහු ඉන් පලාවිත් සිටි අයෙකු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුනසේකර මහතා පවසයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 50ක් පමණ සොයා ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්යය බලකාය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

t

o

p