ජපානයේ වාහන සොරකම් කර මෙරටට ගෙන්වා විකුණන අයෙකු අල්ලයි

March 20, 2019

ජපානයේදි සොරකම් කරන ලද රුපියල් කෝටි 4 ක් පමණ වටිනා ටොයොටා වර්ගයේ ජිප් රථයක් කැළණිය නිවසක තිබියදි අත්අඩංගුවට ගැනිමට පානදුර වලාන දුෂණ මර්ධන ඒකකයේ නිළධාරින්ට ඊයේ (19) හැකිව තිබේ.
ටොයොටා වි 8 වර්ගයේ ජිප් රථයක් ජපානයේදි සොරකම්කර එහි කොටස් ගලවා කොටස් වශයෙන් මෙරටට ගෙනවිත් එකලස් කර ඇති බව පානදුර වලාන දුෂණ මර්ධන ඒකකය පවසයි.
මෙහිදි අත්අඩංගුවට ගත් සැකකරු කිරිබත්ගොඩ පදිංචි තිස් අටහැවිරිදි පුද්ගලයෙකි.
පානදුර වලාන දුෂණ මර්ධන ඒකකය මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන පවත්වනු ලබයි.

t

o

p