සැගවුණු න්‍යාය පත්‍ර මත දරුවන්ගේ අධ්‍යාපනය සමග සෙල්ලම් කරන්න එපා

March 18, 2019

සැඟවුණ න්‍යාය පත්‍රයන්ට අනුව පාසල් දරුවන් ඇපයට තබා ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත නොවන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා තුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.
ගුරු විදුහල්පති වැටුප් ගැටළුව සමතයකට පත් කීරීම සඳහා මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

 

අලව්ව රත්නාලංකාර විද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය.

මෙම ගැටළුව අද ඊයේ දිනක සිට නොව අතීතයේ සිට පැවත ගෙන එන බව ද කියා සිටි අමාත්‍යවරයා, කමිටුවක් පත්කර මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර, තීරණයක් සුදානම් වන බවත්, එයට සුළු කාලයක් ගත වන බව පැවසීය.

මෙම වසර 4 ඇතුළත ගුරුවරුන්ගේ මුලික වැටුප සියයට 100 කින් වැඩිකර ඇති බවත්, වර්තමානයේ වැටුප රුපියල් 46,000 ක් වන බවත් පැවවු අමාත්‍යවරයා, 3 වන ශ්‍රේණියේ ගුරුවරයෙකුගේ වැටුප 16,100 ක් වු වැටුප වත්මන් රජය විසින් එකට එකක් වැඩි කර ඇති බව ද කියා සිටියේය.

පාසල් දරුවන්ගේ ජීවිත සමඟ දේශපාලනය නොකරන ලෙසත්, වෙන වෙන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න නොකරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

t

o

p