නාවික හමුදා මෙහෙයුම් මගින් මේ වසරේදි කේරළ ගංජා කිලෝ 770 ක් අල්ලයි

March 18, 2019

මෙම වර්ෂය තුළ පමණක් නාවික හමුදා මෙහෙයුම් මඟින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 770 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර පවසයි.

 

ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මහතා‍ගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා රජය විසින් සිදු කරගෙන යනු ලබන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සඳහා නාවික හමුදාව සක්‍රිය දායකත්වය ලබා දෙමින් සිටින අතර, ඒ අනුව මුහුද සහ වෙරළ තීරයන් මෙන්ම ගොඩබිම් ප්‍රදේශ‍යන් ආශ්‍රිතව සිදු කරනු ලබන මෙවැනි මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි.

 

ඒ අනුව උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ ( 17) උදෑසන පේදුරුතුඩුව, තික්කම් වෙරළ තීරයේ සිදු කළ පා මුර සංචාරයක් අතරතුරදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 91යි ග්‍රෑම් 561 සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ගංජා තොගය ශ්‍රී ලංකා දේශසීමාව හරහා මෙරටට රැගෙන ඒමට ඇතැයි සැක පළ කෙරේ.

 

අත්අඩංගුවට ගත් පුද්ගලයින් 47 සහ 60 වන වියෙහි පසුවන තික්කම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බව හඳුනා ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් කේරළ ගංජා තොගය සහ පුද්ගලයින් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ කටයුතු පේදුරුතුඩුව පොලිසිය විසින් සිදු කරනු ලබයි.

t

o

p