මහරගම පොලිසියේ කොස්තාපල් ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියයයි

February 28, 2019

(ශානි පොල්ගම්පොල)

මහරගම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු අද (28) උදෑසන 9.45 ට පමණ රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර, තලාව, නො.811 පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ මනෝජ් දිසානායක නැමැති විසි නව හැවිරිදි තරුණයෙකි.මොහු මහරගම පොලිසියේ රථවාහන අංශයට අනියුක්තව පොලිස් කොස්තාපල් (84370) ලෙස රාජාකාරි කල පුද්ගලයෙකි.

මොහු අද උදෑසන පොලිසියේ ආපන ශාලාව අසලදි මෙලෙස ගිනි අවියෙන් වෙඩිතබාගෙන ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තබා ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර මහරගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

t

o

p