ජිනීවා සමුළුවේදී චීනය, ශ්‍රී ලංකාවට ඕනෑ ම සහයක් ලබා දීමට සූදානම් බව චීන දේශපාලන උපදේශක කමිටු සභාපති පවසයි

March 26, 2014

Wu Zhiming & Chandima Weerakkodi meet

චීන ෂැංහයි ප්‍රාන්තයේ දේශපාලන උපදේශක කමිටු සභාපති ගරු වූ ෂිමිං (Hon.Wu Zhiming) මහතා ඇතුළු දූත කණ්ඩායම හා නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේ පිහිටි නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාව මේ වන විට ලබා ගනිමින් සිටින සංවර්ධන දියුණුව පිළිබදව චීන රජයේ ප්‍රශංසාව හා ඉදිරි සංවර්ධන කටයුතු සදහා චීනයේ උපරිම සහයෝගය ලබා දෙන බව ද වූ මහතා පැවසීය. ශ්‍රී ලංකාව තුළ ආයෝජනය තුළින් දකුණු ආසියානු කලාපයේ අනෙකුත් රටවල් තුළ ද වෙළඳපොළ හිමි කර ගත හැකි බව සහ අඩු පිරිවැටුපකට ශ්‍රමික සම්පත ලබා ගත හැකි බැවින් ආයෝජකයින්ට වැඩි ලාභයක් ශ්‍රී ලංකාවේ ආයෝජනය තුළින් ලබා ගත හැකි බව නියෝජ්‍ය කථානායකවරයා ෂිමිං මහතා ඇතුළු දූත කණ්ඩායමට පැවසීය. ෂැංහයි ප්‍රාන්තයේ වෙසෙන ප්‍රධාන ආයෝජකයින් මෙරට ආයෝජනය සඳහා යොමු කිරීමට හා සංචාරකයින් ශ්‍රී ලංකාවට යොමු කිරීම සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරවීමට ද වූ මහතා එකඟතාව පළ කරනු ලැබීය.

ජිනීවා සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වන ඕනෑම ගැටලුවකදී චීනය ශ්‍රී ලංකාවට සහය පළ කිරීම සඳහා නොපසුබටව ඉදිරිපත් වන බවට ද ඒ මහතා නියෝජ්‍ය කථානායකවරයාට තහවුරු කර සිටියේ ය.

ෂැංහයි ප්‍රාන්තය හා ශ්‍රී ලංකාවේ කොළඹ නගර සභාව අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීමට ද මෙම සංචාරයේදී කටයුතු කරනු ලබන අතර ඒ තුළින් කොළඹ නගරයත්, ෂැංහයි නගරයත් අතර අන්‍යොන්‍ය සහයෝගිතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද එම වැඩසටහනත් සාර්ථක කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සහයෝගය ලබා දෙන ලෙසට ද වූ මහතා නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිටින ලදී.

The Editor

Previous story Next story

Leave a comment

t

o

p