ලබන 14දා ගෙවීමට ඇති ණය වාරිකය ගැන අගමැති හෙළි කරයි

January 11, 2019

ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවන විශාලතම ණය වාරිකය වන අමෙරිකානු ‍ඩොලර් මිලියන 2600 ක මුදල ලබන 14 වැනිදා ගෙවීමට සිදුව ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී  (10) ප්‍රකාශ ක‍ළේය.
මෙරට ඉතිහාසය තුළ වැඩිම ණය ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇත්තේ 2019 වසරේදී බවත් එම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 5900 ක් බවත් අගමැතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම පසුගිය රජය සමයේ ලබාගත් ණය ආපසු ගෙවීම රටට බරක් නොවන අයුරින් සිදුකිරීමට‍ සැළසුම් කර තිබුනද ඔක්තොම්බර් 26 වැනිදා සිදුකළ දේශපාලන වියවුල හේතුවෙන් සියළු කටයුතු එක තැන සිරවූ බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී (10) විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

t

o

p