පාර්ලිමේන්තුව ගැන මට කියන්න ලැජ්ජයි

January 9, 2019

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අනාගත පරපුරට ආදර්ශයක් නොවේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන්දෙණියේ දී අද (9) පැවසීය.

තමා පාර්ලිමේන්තුවේ නොහොබිනා අයුරින් හැසිරුණේ නැති වුවත් පාර්ලිමේන්තු සභිකයකු නිසා පාසලකට පැමිණ දරු දැරියන්ට උපදෙසක් දෙන්නට තරම් තත්ත්වයක නැතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වැනි සංවත්සරය සහ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

පාසල් උත්සවයට එන විට තමන් කතා තළ යුතු දැයි සිතමින් පැමිණි බව කී අග්‍රාමාත්‍යවරය තමන් ආදර්ශයක් වී අනෙක් අයට කතා කළ යුතු බවද පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ ද කීවේය.

පාර්ලිමේන්තුව ගැන මට කියන්න ලැජ්ජයි. අපේම හැසිරීමෙන් අපේ ආදර්ශය නැතිකරගෙන තිබෙනවා. ක්‍රිකට් තරග අතරතුර පාසල් අතර ගැටුමකටත් අන්ත අයුරින් එදා සිදුවීම ඇතිවුණා.
අපට වුණේ කුමක්ද කියලා පාර්ලිමේන්තුවෙන් විමසීමට බලාපොරොත්තු වෙනවා.”

t

o

p