රනිල් මිස වෙන කිසිවෙක් එ.ජා.පෙ.න් අගමැති ධූරය ගන්නේ නෑ

November 28, 2018

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මිස එම පෙරමුණේ වෙනත් කිසිදු සාමාජිකයෙකු මේ මොහොතේ අග්‍රාමාත්‍ය ධූරය බාරගත යුතු නැති බව එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු බහුතරය පෙන්වුවද ඔහුට අග්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම දේශපාලන සදාචාරයටද සම්පූර්ණ පටහැනි බැවින් අග්‍රාමාත්‍යවරයා විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බවට වන ස්ථාවරයේ කිසිදු වෙනසක් නොකිරීමටද මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.

ව්‍යවස්ථා විරෝධි පෞද්ගලික මතවාද වලට මේ මොහොතේ හිස නැමුවහොත් එය අනාගතය වැරදි පූර්වාදර්ශයක් වනු ඇති බවද  මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික මතය වී තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා සමග තිබෙන පෞද්ගලික ප්‍රශ්න නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩා දැමීමට කිසිවකුත් ඉඩ දීමට හැකියාවක් නැති බවද මන්ත්‍රී කණ්ඩායම් ඒකමතිකව තීරණය කළේය.

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී රැස්වූ මන්ත්‍රී මණ්ඩලය මේ සම්බන්ධව තීරණවලට එළඹ ඇත.

t

o

p