උදයංග වීරතුංගට එරෙහිව පියවර ගැනීමට අමාත්‍යාංශ 3ක් ඒකාබද්ධ වෙයි

February 9, 2018

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට එරෙහිව පියවර ගැනිම සඳහා මෙරට අමාත්‍යාංශ 3 ක් ඒකාබද්ධව කටයුතු කරන බව රජය ප්‍රකාශ කරයි.
නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ අධිකරණ හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ 3 මේ සඳහා ඒකාබද්ධව ක්‍රියාකරමින් සිටියි.
ඉහත අමාත්‍යාංශ 3 මේ ක්‍රියාවලියේදි ඒකාබද්ධව කටයුතු කරනු ලබන්නේ විෂයභාර අමාත්‍යාවරුන් වන සාගල රත්නායක, තිලක් මාරපන හා තලතා අතුකෝරාල යන මහත්ම මහත්මීන්ගේ සෘජු අධික්ෂණය යටතේය.
යුක්රේනයේ සිට ඩුබායි හරහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට පැමිණි හිටපු තානාපති උදයංග විරතුංග මහතා ජාත්‍යන්තර පොලිසිය භාරයට පත්වූයේ ශ්‍රී ලංකාවේ තානාපතිවරයෙකුට හිමි රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරිම හේතුවෙනි.
යුක්රේන පුරවැසිභාවය හිමි ගුවන් ගමන් බලපත්‍රය භාවිතා කරමින් ඩුබායි දක්වා පැමිණි උදයංග විරතුංග මහතා එතැන් සිට ඇමරිකාව බලා ගමන් ගැනිමට ශ්‍රී ලංකා රජය විසින් තානාපතිවරුන් සඳහා නිකුත් කළ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය ඉදිරිපත් කළද එය කල් ඉකුත්විම නිසා ඩුබායි  හි ආගමන විගමන නිලධාරින් විසින් ජාත්‍යන්තර පොලිස් භාරයට පවරනු ලැබුනි.
හිටපු තානාපති උදයංග විරතුංග මහතාට විරුද්ධව නිල් නිවේදනය නිකුත් කර තිබිම නිසා ජාත්‍යන්තර පොලිස් භාරයෙන් නිදහස් වුවද දැනට සිටින රටෙන් පිටව යාමට ඔහුට හැකියාවක් නැතැයි නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඊට අමතරව උදයංග වීරතුංග මහතාට අයත් පුරවැසිභාවය හිමි යුක්රේනයේ වලංගු ගමන් බලපත්‍රයද ආගමන විගමන නිලධාරින් භාරයේ පවතින හෙයින් ඔහුට එරටින් පිටව යාමට හැකියාවක් නැතැයි ද නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.
හිටපු තානාපති උදයංග මහතා වෙනුවෙන් පියවර ගැනිම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය, අධිකරණ හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශය හා නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි නිලධාරින් කණ්ඩායමක් මේ වන විටත් අබුඩාබි බලා ගොස් සිටිති.
මිග් යානා ගණුදෙනුවට අදාළ පරික්ෂණවලට සහාය නොදිම පදනම් කර ගනිමින් මෙරට අධිකරණය විසින් නිකුත් කළ රතු වරෙන්තුවද මේ වන විට අදාළ නිලධාරින් විසින් ජාත්‍යන්තර පොලිසියට යොමු කර ඇතැයි නිතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ඉහත අමාත්‍යාංශ තුනෙහි විෂයභාර අමාත්‍යවරුන්ගේ සෘජු අධික්ෂණය යටතේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට එරෙහිව ඉදිරි සති කිහිපය තුළ අවශ්‍ය පිවර ගනු ඇතැයිද නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

t

o

p