කටාර්හි ඉන්න සියලූම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතයි

June 21, 2017

කටාර් රාජ්‍යයේ වෙසෙන සියලූම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරිම වෙනුවෙන් අත්‍යවශ්‍ය සෑම පියවරක්ම ගෙන තිබෙන නිසා මෙරට සිටින ඔවුන්ගේ  ඥාතින් බිය විය යුතු නැතැයි විදේශ ඇමති රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (21) ප්‍රකාශ කළේය.

කටාර් රාජ්‍යයේ තත්ත්වය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

කටාර්, එක්සත් ආරාබි එමිර් රාජ්‍යය, බහරේන්, සෞදි අරාබිය හා ඊජිප්තුවේ තානාපති කාර්යාල හාහර විදේශ කටයුතු අමාත්‍යාංශය වත්මන් තත්ත්වයේ වර්ධනයන් ඉතා සමීපව නිරික්ෂනය කරනු ලබන අතර කටාර් හි විදේශ අමාත්‍ය එච්.එච්. මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජසිම් අල්තානි මහතා සමඟ සෘජු දුරකතන සංවාදයකද, කටාර් හි තානාපති රසීඩ් ශාෆි අල් මාර්රි, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අබ්දුල්හමීඩ් අබ්දුල්ෆාටා කාසිම් අල් මුල්ලා, ඊජිප්තු තානාපති හිෂාම් අසාන් සහ සෞදි අරාබියේ තානාපති වෙනුවෙනට වැඩබලන මහම්දුහ් මොහොමඩ් අලි අලාෆ් යන මහත්වරු කොළදි අඛණ්ඩව මුළ ගැසි ගල්ෆ් කලාපයේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කලා.

ගල්ෆ් කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ගත් කළ සෞදි අරාබියේ 193000 ක්ද, එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ 125000 ක්ද, කටාර් හි 150000 ක්ද, බහරේන්වල 18000 ක්ද වශයෙන් සිටිනවා.

ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කැළබීමටත් වික්ෂිප්තභාවයටත් පත්වූ බවක් පෙනෙන්නට තිබුණු බව මා මේ ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. කෙසේවෙතත් එහි තත්ත්වය ස්ථාවර හා සන්සුන් බව කටාර් හි බලධාරින් සහතික කර තිබේ. කටාර් හි පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙක් හෝ ශ්‍රී ලංකා ව්‍යාපාරයකට බලපෑමක් සිදුව ඇති බව වාර්තා වී නොමැත.

මාගේ උපදෙස් පරිදි පරිදි 2017 ජුනි 14 වෙනි දින කටාර් හි ශ්‍රී ලංකා තානාපතිවරයා ශ්‍රී ලංකා සංවිධාන 22 ක ශ්‍රී ලාංකිකයන් 300 කට ආසන්න පිරිසක් දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට කැදවා මතුව ඇති තත්ත්වය සහ හදිසි අවස්ථාවකදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කළේය. මම ද ඔවුන් සමඟ දුරකතනය ඔස්සේ සාකච්ඡා කළෙමි.

තවද මේ රටවල බලධාරින් ශ්‍රී ලාංකිය ජාතිකයන් වෙත ඔවුන්ගේ අඛණ්ඩ සහාය සහතික කර සිටි අතර වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් කිසියම් සහායක් හෝ උපදෙස් අවශ්‍ය නම් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම කටාර් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධ වන ලෙස දන්වා ඇත.

කෙසේ වෙතත් මතුවිය හැකි හදිසි තත්ත්වයකදි අපේ රට වැසියන් යළි මව්බිමට ගෙන්වා ගැනිමට අවශ්‍ය සියලූ කටයුතු අප විසින් සුදානම් කර ඇති අතර තාවකාලික ගමන් ලියකියවිලි නිකුත් කිරිමද විදේශ කටයුතු අමාත්‍යාංශයේ, විදේශ රැකියා අමාත්‍යාංශයේ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හා ජාත්‍යන්තර ආයතනවල සහාවද ඇතිව කටයුතු කරනවා.

මීට අමතරව කටාර් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24 පුරා ක්‍රියාත්මක වන ඒකකයක් මේ සම්බන්ධයෙන් පිහිටුවා තිබෙනවා.

t

o

p