විදේශ ඇමති සහ විපක්ෂ නායක අතර හමුවක්

June 21, 2017

විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා සහ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා අතර හමුවක් අද (21) පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විණි.
පැයක පමණ වේලාවක් පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විපක්‍ෂ නායකවරයා කියා සිටියේ රටක් ලෙස ඉදිරියට යෑම සඳහා වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බවයි.
යහපාලන රජයේ ක්‍රියාකාරිත්වය ශක්තිමත් කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයේ මතය, විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවේ අවධානයට ලක් කළ බවද, ආර්. සම්බන්ධන් මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී M. A. සුමන්තිරන් මහතා ද එක්ව සිටියේය.

t

o

p