ජිනීවා අභියෝගයෙන් ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳවත් ඒ සඳහා ක‍්‍රියාකළ යුතු ආකාරයත්, ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක හා මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත ශ්රී වර්ණසිංහ විසින් සිංහල හා ඉංග‍්‍රීසි යන මාධ්‍ය දෙකෙන්ම සකස් කරන ලද ‘‘ජිනීවා අභියෝගය ජය ගන්නා මඟ’’ විශේෂ වැඩපිළිවෙළ 18ක් අන්තර්ගත කෘතිය අද (21) එළිදැක්විණ.
ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාවලිය ගැනත් ඉන්පසු ඇතිවිය හැකි තත්ත්වයන් ගැනත් විවිධ පිරිස් විවිධ මත පළකරමින් සිටින බවක් පෙනී යයි. එහෙත් අපට ජිනීවා අභියෝගයට පිළිතුරු සෙවිය හැක්කේ ප‍්‍රශ්නයේ හරයත්, අදාළ රටවල සැබෑ වුවමනාවනුත් නිවැරදිව තේරුම් ගැනීමෙන් පමණක් බව නිශාන්ත ශ්රී වර්ණසිංහ මහතා සඳහන් කරයි.
ආණ්ඩුවේ හා විපක්ෂයේ සිටින සුළු පිරිසකගේ යෝජනාව වන්නේ පොලිස් හා ඉඩම් බලතලද, නීති සම්පාදනය කිරීමේ බලයද සහිතව උතුරු හා නැගෙනහිර ඒකාබද්ධ පළාත් සභාව ශක්තිමත් කර, එය දෙමළ රාජ්‍ය පක්ෂයට (අපට අනුව නව දෙමළ නාසිවාදී බෙදුම්වාදයට) පවරා දිය යුතු බවයි. උගත් පාඩම් කොමිසමේ සියලු නිර්දේශ ක‍්‍රියාත්මක කළ යුතු බවටද ඔවුහු අවධාරණය කරති. මෙම සතුරු බලවේග විසින් විදේශ බලවේගවල මැදිහත්වීම හරහා 2009 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සම්මත කළ ශ‍්‍රී ලංකාවට පක්ෂ යෝජනාව හා උගත් පාඩම් කොමිසමේ බලය බෙදීමේ යෝජනාව මඟින් අවසානයේදී සිදුව ඇත්තේ ශ‍්‍රී ලංකාවට එරෙහි උගුල ශ‍්‍රී ලංකාවේ අය ලවාම සකසා ගැනීමකි.
ආණ්ඩුවේ සිටින තවත් පිරිසකගේ යෝජනාව වන්නේ බටහිර ලෝකයත්, ඉන්දියාවත්, ශ‍්‍රී ලංකාවට එරෙහිව යමින් සිටින්නේ ආර්ථික වුවමනාවන් නිසා බවත්, ඒ නිසා අප කළ යුත්තේ ලංකාවේ තෙල් නිධි හා තෙල් බෙදාහැරීම, විදුලි ජනනය, වරාය පාලනය, වටිනා ඉඩම් වැනි ආර්ථික කප්පම් මඟින් ඔවුන් දිනාගැනීම බවත්ය. මෙය සම්පූර්ණයෙන්ම ශ‍්‍රී ලංකාවේ ආර්ථික ස්වෛරීත්වය විනාශ කර දැමීමේ උපායක් බව අමුතුවෙන් කිවයුතු නො වේ.
මෙහිදී අප විසින් අවධාරණයෙන් යුතුව පෙන්වා දෙන්නේ, කළ යුතුව ඇත්තේ බටහිර ලෝකය ලිබියාවේදීත්, ඉන්දියාව භූතානයේදීත් ආර්ථික කප්පම් ලබාගත්තද, එමෙන්ම එම රටවල් හීලෑ වුවද, කිසි විටෙක එම රටවල් සිය උපාය මාර්ගයන් අත් නොහරින බව ඔප්පු කර ඇති බවයි.
ශී‍්‍ර ලංකාවට අද අවශ්‍යව ඇත්තේ රටට එරෙහි බලවේග හා ඔවුන්ගේ අරමුණු නිසි ලෙස හඳුනාගෙන, ඔවුන්ගේ විසංවාදයන් මතුවෙන ලෙසත්, ශ‍්‍රී ලංකාවේ මිතුරු බලවේගවල සම්මුතීන් ශක්තිමත් වන ලෙසත් වූ උපාය මාර්ගයක් හා මූලෝපායික ක‍්‍රියාකාරීත්වයක් මුදාහැරීමය. ඒ සඳහා ප‍්‍රධාන ක්ෂේත‍්‍රයන් 04 ක් යටතේ 18 වැදෑරුම් යෝජනා මෙමගින් ඉදිරිපත් කර සිටිමු.
ජාත්‍යන්තර ක්ෂේත‍්‍රය යටතේ, තානාපති සේවාව, ජාත්‍යන්තර යුධ කඳවුරු, නොබැඳි විදේශ ප‍්‍රතිපත්තිය, අධිරාජ්‍ය විරෝධී පෙරමුණ, ඉන්දියාවේ ප‍්‍රාන්ත හැසිරවීම, ජාත්‍යන්තර බෞද්ධ කේන්ද්‍රය, ජාත්‍යන්තර පාරිසරික ව්‍යාපාරයේ කේන්ද්‍රය හා මුස්ලිම් අභියෝගයට මුහුණදීම යන කරුණු විශ්ලේෂණය කොට ඇත.
ආර්ථික ක්ෂේත‍්‍රය යටතේ, ආර්ථික දියුණුව සහතික කිරීම, බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම, ආයෝජන විවිධාංගීකරණය, අපනයන විවිධාංගීකරණය හා නව උත්පාදන ආර්ථිකයක් යන කරුණු අන්තර්ගත වේ.
සමාජ ක්ෂේත‍්‍රය යටතේ, සියලු ආයතන ව්‍යවස්ථානුකූලව හා නීතියේ ආධිපත්‍යයට යටත්ව හැසිරවීම හා අන්‍යාගමිකකරණය යනාදිය ඇතුළත්ය.
දේශපාලන ක්ෂේත‍්‍රය යටතේ, භූමියේ අයිතිය, දේශීය හර පද්ධතිය රැකගැනීම හා ජාතිමාමක පුළුල් එක්සත් බලවේගයක් යන ප‍්‍රධාන කරුණු ඇතුළත්ය.
ජිනීවා වටලෑමටණි කඩා පැනීම හා අස්ථාවරකරණයටණි අරාජිකකරණයට එරෙහිව ඉතා ඉක්මනින් මෙම 18 වැදෑරුම් උපායික ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැංවිය යුතුය යන්න අපි අවධාරණය කරමු යැයි කෘතිය එළි දක්වමින් නිශාන්ත ශ්රී වර්ණසිංහ මහතා පවසයි.
Leave a comment