එ.ජා.ප මැයි දින පෙළපාලියේ හොඳම ජනතා පෙළපාළිය වාරිය‍පොළෙන්

May 3, 2017

එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි දින සැමරුමේදී හොඳම ජනතා පෙළපාළිය ලෙස සංස්කෘතික කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බි. නාවින්න මහතාගේ වාරිය‍පොළ ආසනයේ කණ්ඩායම් තේරී පත්විය.
කොළඹ කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැලියේදී පෙරේදා (01) සවස මේ බව ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී මෙලෙස දවෛනි තුන් වෙනි ස්ථාන දිනාගත් කණ්ඩායම් සඳහාද පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සමරු තිළිණ ද පිරිනැමිණි.
හොඳම දවෛනි ජනතා පෙළපාළිය ලෙස නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ තිස්සමහාරාම කණ්ඩායමක් තෙවන ස්ථානය ජාතික සේවක සංගමයේ සභාපති අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ කුලියාපිටිය ආසන කණ්ඩායමත් දිනා ගත්හ. හොඳම සංදර්ශනය රථ ඉදිරිපත් කිරීමෙන් රත්නපුර දිස්ත්‍රික් සංවිධානය  පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ඒ. විජේතුංග මහතාට පළමු ස්ථානයත් බියගම ආසන සංවිධායක ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාට දවෛනි ස්ථානයත්, සිරිකොත පක්ෂ මූලස්ථානයට තෙවන ස්ථානයත් හිමිවිය.

t

o

p