Local News

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මත වූවත් පක්ෂ නො වූ රටවල් ගණන ඊට වඩා වැඩියි

ශී‍්‍ර ලංකාවට එරෙහිව අමෙරිකාව ප්‍රමූඛ රටවල් ඉදිරිපත් කළ යෝජනාවලිය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අද (27) සම්මත වුවත් ඊට විරුද්ධව රටවල් 12ක් හා ඡන්දය දීමෙන් වැළකී සිටීමට රටවල් 12ක් තීන්දු කළ නිසා යෝජනාවට පක්ෂ වූවාට වඩා වැඩි රටවල් ගණනක් ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පස්වරුවේ හම්බන්තොට දී පැවති Read More

ටීඑන්ඒ එකේ අයට අවශ්‍ය අවශ්‍ය විධියට ජාතිවාදී ප්‍රකාශ කරන්න, රටට එරෙහිව ක්‍රියාකරන්න ඉඩ දිය යුතු නෑ

මුල් වතාවට වඩා මෙවර ජිනීවා යෝජනාවේ අරමුණු හා වපසරිය පුළුල්  වූ බවක් පැහැදිළියි. යෝජනාවේ ආරම්භක හැඳින්වීමේ හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ආගමික පිරිස්වලට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් සඳහන් කර තිබේ. අධිකරණයේ නිදහස, කාන්තා හිංසනය, මාධ්‍ය නිදහස වැනි සමාජමය කරුණු ගණනාවක් යෝජනාවේ හැඳින්වීමේම සඳහන් කර තිබේ. යුධ අපරාධ පිළිබඳව නොව ක්‍රම ක්‍රමයෙන් මෙම වපසරිය පුළුල් කිරීමක් දැකිය හැකිය. Read More

දමිළ ඩයස්පෝරාවේ ජිනීවා අසාර්ථක උද්ඝෝෂණය

ශී‍්‍ර ලංකාවේ සංහිදියා ක‍්‍රියා පිළිවෙතට බාධා වන අයුරින් කටයුතු නොකරන්නයැ යි ඉල්ලමින් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට යුරෝපයේ ඇතුළු විදේශ රටවල වාසය කරන ශී‍්‍ර ලාංකිකයෝ 5000කට අධික පිරිසක් දැවැන්ත උද්ඝෝෂණයක පසුගියදා (24) නිරත විය.

ජිනීවා සමුළුවේදී චීනය, ශ්‍රී ලංකාවට ඕනෑ ම සහයක් ලබා දීමට සූදානම් බව චීන දේශපාලන උපදේශක කමිටු සභාපති පවසයි

චීන ෂැංහයි ප්‍රාන්තයේ දේශපාලන උපදේශක කමිටු සභාපති ගරු වූ ෂිමිං (Hon.Wu Zhiming) මහතා ඇතුළු දූත කණ්ඩායම හා නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා අතර හමුවක් පසුගියදා පාර්ලිමේන්තුවේ පිහිටි නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී පැවැත්විණි.

අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳ කොමිසමේ විමර්ශන කාලපරිච්ඡේදය 1983 සිට 2009 දක්වා සංශෝධනය කෙරේ

උතුරු හා නැගෙනහිර පළාත්වලින් අතුරුදහන් වූවා යැයි පැවසෙන පුද්ගලයින් සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශන කාල රාමුව 1983 සිට 2009 දක්වා කාලපරිච්ඡේදය ආවරණය වනසේ සංශෝධනය කර ඇත. මින් පෙර මෙහි කාල පරිච්ඡේදය වූයේ 1990 සිට 2009 දක්වාය.

දහස් ගණන් පෙළපාළිකරුවෝ ශී‍්‍ර ලංකාවේ සංහිඳියාවට බාධා නොකරන ලෙස එක්සත් ජාතින්ගෙන් ඉල්ලා සිටිති

අද (24) ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරියේ දි යෝධ පෙළපාළියක් පැවැත් වු යුරෝපයේ වෙසෙන ශී‍්‍ර ලාංකීයයෝ මෙරටේ සංහිඳියා කි‍්‍රයා පිළිවෙතට බාධා වන අයුරින් කටයුතු නොකරන ලෙස ජගත් සංවිධානයෙන් ඉල්ලා සිටියහ.

අතුරුදහන් වූවන් පිළිබඳ කොමිසමට නැගෙනහිරෙන් නව පැමිණිලි 1,289ක්

අවශ්‍ය නම් ස්වාධීන පරීක‍්ෂණ කණ්ඩායමක් පත් කරනවා – ලේකම් චෙන්කලාඩි, වාකරේ හා මඩකළපුවේ පුද්ගලයන් 129 දෙනෙක් නැගෙනහිර පළාතේ සිය පළමු මහජන සාක‍්ෂි කැඳවීමට එක් වූ බවත් එහිදී නව පැමිණිලි 1,289ක් ලැබුණු බවත් පුද්ගල අතුරුදහන්වීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම් එච්.ඩබ්. ගුණදාස මහතා පැවසීය. කොමිසමට අනුව යාපනයේ හා කිලිනොච්චියේ පැවති සාක‍්ෂි විමසීම්වලදී ලැබුණු පැමිණිලිවලින් කිහිපයක් Read More

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාවට එරෙහිව ශ්‍රී ලාංකිකයෝ පෙළගැසෙති

ශ‍්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාව ප‍්‍රමුඛ රටවල් විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ගෙනා යෝජනාවලියට මාර්තු 27 දින පැවැත්වෙන ඡන්ද විමසීමේ දී සහයෝගය ලබා නොදෙන්න යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවලට බලකරන උද්ඝෝෂණයක් පැවැත්වීමට යුරෝපයේ වෙසෙන ශ‍්‍රී ලාංකික එකමුතුව කටයුතු සංවිධානය කර ඇත.

ශ්‍රී ලංකාව තුළ රසායනික අවි භාවිතයක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් නොමැත

ශ්‍රී ලංකාව 1993 ජනවාරි 14 ජාත්‍යන්තර රසායනික අවි සම්මුතියේ ආරම්භක සාමාජිකයෙක් වෙයි. ශ්‍රී ලංකාව තුළට රසායනික අවි හෝ රසායනික නිෂ්පාදනය කළ හැකි රසායන ද්‍රව්‍ය ගෙන්වා නැති බවත්, එවැනි රසායනික අවි මෙරටෙහි භාවිත කළ බව හුදෙක් මනඃකල්පිත අදහසක් බවත්, ශ්‍රී ලංකාවේ රසායනික අවි සම්මුතිය පිළිබඳව ජාතික අධිකාරියේ අධ්‍යක්ෂ ආචාර්ය රොහාන් පී. පෙරේරා මහතා පවසයි.  

t

o

p