Local News

කොරියානු මගී පාරුවක් සමඟ තුන්සීයක් අතුරුදහන්

නිවාඩු නිකේතන පිහිටි ‘යෙජු’ (Jeju) දුපතේ සිට යාත්‍රා කරමින් තිබුණ මගී ප්‍රවාහක නෞකාවක් පෙරළී දියබත් වීමෙන් එහි ගමන් ගනිමින් සිටි තුන්සීයකට අධික මගීන්ට සිදු වූ දෙයක් දැන ගන්නට නැතැයි දකුණු කොරියාවේ වෙරළාරක්ෂක අංශ පවසති.

තිනකුරල් මාධ්‍යවේදියාට ප්‍රහාරයක්

තිනකුරල් පුවත්පතේ යාපනය වඩමරච්චි ප්‍රාදේශීය වාර්තාකරු සිවඥානම් සෙල්වදීපන් නැමැත්තාට සඳුදා රාත්‍රී යාපනයේ නෙල්ලිඅඩි පළාතේදී කිසියම් පිරිසක් විසින් යකඩ පොලු වලින් පහරදීම නිසා බරපතළ තුවාල ලබා පේදුරුතුඩුව මන්තිහෙයි රජයේ රෝහලට ඇතුළත් කොට තිබේ.

එල්ටීටීඊ නායක ගෝබි ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට

හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් කණ්ඩායමක් හා යුද හමුදා සාමාජිකයින් පිරිසක් අතර ඊයේ (10) රාති‍්‍රයේ වවුනියාව, නෙඩුන්කේනි, වෙඩිවෙත්තිකල්වු ප‍්‍රදේශයේදී ඇති වූ ගැටුමක දී යුද හමුදා සෙබළෙකු සහ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් යැයි කියන පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි වාර්තා වේ.

ගැටුමෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන්ගේ මනෝ උපදේශන හා මනෝ සමාජීය උපකාරය සඳහා සම්බන්ධීකරණ ප්‍රවේශයක්

උතුරේ හා නැගෙනහිර ගැටුමෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන්ට මනෝ සමාජීය හා මනෝ උපදේශන උපකාර සැලසීම සඳහා සම්බන්ධීකරණ හා පුළුල් ප්‍රවේශයක් හැකි ඉක්මනින් ක්‍රියාවට නැංවෙනු ඇත.

2013 අය-වැයෙන් සියලු ආර්ථික ඉලක්ක සාක්ෂාත් කරගෙන තිබෙනවා

පසුගිය වසරේ ආර්ථික වර්ධන වේගය 7.3%ක් බවත් 2013 අය-වැයෙන් සියලු ආර්ථික ඉලක්ක සාක්ෂාත් කර ගෙන ඇති අතර මධ්‍යම ශ්‍රේණියේ ආර්ථික වේගයක් මේ රටේ ඇති කරන්න කටයුතු කරන බවත් අද හොඳම වෙළෙඳනාමය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් පත්ව ඇති බවත් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

යුද්ධයේ නිමාව ශ‍්‍රී ලංකාවේ “ශ්‍රේෂ්ඨ ජයග‍්‍රහණයක්” පාකිස්ථාන ආරක්‍ෂක හමුදා ප‍්‍රධානියා කියයි

ශ‍්‍රී ලංකාව පීඩාවට පත් කළ දශක තුනකට ආසන්න යුද්ධය අවසන් කිරීම “ජාතියේ ශ්‍රේෂ්ඨ ජයග‍්‍රහණයක්” බව පාකිස්ථාන ආරක්‍ෂක හමුදා කාර්යමණ්ඩල ප‍්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරල් රෂාද් මහමුද් (Gen. Rashad Mahmood) මහතා කියා සිටී.

LTTE සංවිධානයේ නෙදියවන් කණ්ඩායමේ දෙවැනියා අත්අඩංගුවට

LTTE සංවිධානයේ නෙදියවන් කණ්ඩායමේ දෙවැනියා ලෙස සැලකෙන කපිලන් නන්දගෝපන් සති 3කට ඉහතදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් බවත් ත්‍රස්ත විමර්ශන දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින  බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

ත්‍රස්තවාදයෙන් විනාශ වූ අපේ ගෙවල් හදාදුන් යුද හමුදාවට අපේ ගෞරවනීය ස්තූතිය – වෙල්ලමුල්ලි වයික්කාල් ජනතාව

අපේ ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ආරක්ෂක හමුදාවන්ගේ සහයෝගයෙන් අපේ ජනතාව ඉතා සංතෝෂයෙන් ඉන්නා බව වෙල්ලමුල්ලි වයික්කාල් ග්‍රාමයේ ඇන්ටනි ජෝසප් සවරිනායගම් මහතා ඊයේ (03) මුලිතිව්, වෙල්ලමුල්ලි වයික්කාල් ගම්මානයේ දී පැවසුවේය. වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ ත්‍රස්වාදීන් නිසා විනාශයට පත් ව යුද හමුදාව මඟින් සම්පූර්ණයෙන් අලුත්වැඩියා කරන ලද නිවාස 9ක් ඊයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා Read More

සියලු අවතැන් ජනතාවගෙන් 98%ක් මුල්ගම්බිම්වල පදිංචිකර අවසන්

සාමය උදා වීමෙන් අනතුරුව අවතැන් ව සිටි සියලු දෙනාම ඒ අය පදිංචිව සිටි තැන්වලම පදිංචි කිරීම ජනාධිපතිතුමාගේ අභිලාෂය වී තිබූ බවත් ඒ අනුව අවතැන් වූ ජනතාවගෙන් 95%ත් – 98%ත් පමණ දෙනා මේ වනවිට තමන්ට අයත්ව තිබූ භූමිවලම තමන්ගේ නිවාසවලම නැවත පදිංචිකිරීම අවසන් කර තිබෙන බවත් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා Read More

ලෝක තරුණ සමුළුව ශ්‍රී ලංකාවේ

ලෝක තරුණ සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැයි 06 වැනි දින හම්බන්තොට රුහුණු මාගම්පුර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ කෙරේ.

t

o

p