Local News

අමෙරිකාවට යන්න ග්‍රීන් කාඩ් ලොතරැයිය

ශ්‍රී ලංකාව ඇතුළු රටවල උපන් පුද්ගලයින්ට ඇමරිකාවට සංක්‍රමණික වීසා ලබා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයට සහභාගිවීමේ අවස්ථාව මේ වන විට උදා වී ඈත.මෙහිදී, සංක්‍රමණික වීසාවක් සඳහා සුදුසුකම් ලැබුවහොත් ඔවුන්ට ඇමරිකාවේ නීත්‍යාණුකූල ස්ථීර නේවාසිකයින් විය හැකිය. ඒ අනුව ග්‍රීන් කාඩ් ලොතරැයිය යනුවෙන් හඳුන්වන 2016 විවිධත්ව වීසා ලොතරැයි වැඩසටහනට 2014 ඔක්තෝම්බර් 01 වනදා සිට අයදුම්පත් භාරගන්නා බව කොළඹ පිහිටි Read More

රාජිත සේනාරත්න බාබර් වැඩෙත් කරයි

තෙල්වත්ත, පැරෑලියේ ධීවර නැංගුරම්පොළ ඉදිකරන තුරු තම රැවුල නොකපන බව 2005 දී පැවසූ ධීවර රැකියාවේ නිරත සම්බරේ නම් පුද්ගලයාගේ රැවුල ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කපා තිබේ.අමාත්‍යවරයා විසින් පැරෑලිය නැංගුරම්පොළට මුල්ගල් තබා පොරොන්දුව ඉටු කිරීමෙන් පසු එම පුද්ගලයා අමාත්‍යවරයා ලවා රැවුල කප්පවා ගැනීමටද එකඟ වී තිබේ.

කක්කුස්සි වත්තේ කාන්ති(බට්ටි) පොලීසියට එරෙහිව තනිවම නැගිටී..

පසුගියදා රත්නපුර නගරය මැදදී පොලිස් සැරයන්වරයෙකු විසින් දරුණු ලෙස පහර දීමකට ලක් වූ රත්නපුර කක්කුස්සිවත්තේ කාන්තිලතා (බට්ටි) නම් කාන්තාව රත්නපුරේදී මාධ්‍ය හමුවක් පැවැත්වූවාය. එහිදී ඇය පැවසුවේ තමන් පොලිස් දෙපාර්තමේන්තුවට හා අදාල නිලධාරියාට එරෙහිව මානව හිමිකම් නඩුවක් පවරන බවත් වන්දි ලෙස කෝටි පහක මුදලක් ඉල්ලන බවත්ය.

බුද්ධිමත්, පිරිසිදු නායක රනිල් අපේ ජනාධිපති අපේක්‍ෂකයායි – කරු

දෙවරක් අගමැති ලෙස කටයුතු කළ බුද්ධිමත් පිරිසිදු නායකයෙක් එජාපවය සිටින බවත් එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් එම පක්‍ෂ නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා පවසයි. සිරිකොතේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේද කීය. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ මේ දිනවල විවිධ ආරංචි පැතිරෙමින් පවතිනවා. මේ යෝජිත ජනාධිපතිවරණය නිදහස් Read More

බොදු බල සේනා සංවිධානය හා 969 බෞද්ධ සංවිධානය අතර ගිවිසුමක්

බොදු බල සේනා සංවිධානය හා 969 බෞද්ධ සංවිධානය විශේෂ ගිවිසුමකට අද පස්වරුවේ අත්සන් තබනු ලෑබුවා. මෙම ගිවිසුම දකුණු ආසියාව ත්‍රස්තවාදයෙන් තොර සාම කලාපයක් කිරීම සඳහා වන අතර මේ සඳහා දකුණු ආසියානු කලාපයේ ක්‍රියාන්විත බෞද්ධ සංවිධාන සහ ත්‍රස්ත විරෝදී හින්දු ,කතෝලික සහ මුස්ලිම් සංවිධාන සියල්ල එකතු කර ගනිමින් මෙම කලාපය ආදර්ශ මත් සාම කලාපයක් ගොඩනැගීම සඳහා Read More

පහේ විභාගයේ දිස්ත‍්‍රික් කඩඉම් ලකුණු

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ සිසුන් සඳහා ඒ ඒ දිස්ත‍්‍රික්කටන්හි අවම ලකුණු සීමාවන් ප‍්‍රකාශයට පත් කර තිබේ. එම සීමාවන් මෙසේයි. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, මාතර, ගාල්ල, කෑගල්, කුරුණෑගල – 163 / දෙමල මාධ්‍ය – 159 හම්බන්තොට, අනුරාධපුරය, පෙළොන්නරුව, රත්නපුරය – 161 / දෙමළ මාධ්‍ය – 155/ 157 බදුල්ල, අම්පාර, ත‍්‍රිකුණාමලය, පුත්තලම, මොණරාගල – Read More

සාකාමීව යාච්ඥා කරමින් සිටි බැතිමතුන්ට වතුර හා කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීම හෙලා දකිමු

පසුගියදා කළුතර – කටුකුරුන්ද ප‍්‍රදේශයේ ශූ. පිලිප්නේරිතුමන්ගේ ප‍්‍රතිමාවක් ස්ථාපිත කිරීමට කිතුනු ජනතාව විසින් ප‍්‍රතිමාවක් රැගෙන ගොස් ආගමික වතාවත් කරමින් සිටියදී එය කඩාකප්පල් කිරීමට පැමිණ ප‍්‍රචන්ඩ ක‍්‍රියාවන් හී යෙදුනු පිරිස සම්බන්ධවත්, එම අවස්ථාවේ කිසිවක් සොයා නොබලා දනගසාගෙන යාච්ඥා කරමින් සිටින ලද බැතිමතුන් හට පොලීසිය වතුර හා කදුළු ගෑස් ප‍්‍රහාර එල්ල කිරීමත් සම්බන්ධව කතෝලික දහම රැකගැනීමේ ජාතික Read More

ඔබත් ඡන්ද දායකයෙක්ද? වහාම බලන්න..

ඡන්ද හිමි නාම ලේඛණයේ ඔබේ නමත් ඇතුලත් වී ඇතිදැයි පරීක්‍ෂා කර බලන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය ඉල්ලා සිටී. ජාතික හැඳුනුම්පත් අංකය යොදා එය පරක්‍ෂා කර බලන ලෙසත් නම සඳහන් නොවන්නේ නම් ග‍්‍රාම නිලධාරීවරයා හමු වී නම ඊට ඇතුළු කර ගන්නා ලෙසත් කාර්යාලය ඉල්ලා සිටී. යොමුව http://www.slelections.gov.lk/id/index.aspx

t

o

p