Local News

මෛත්‍රීගේ බිරිය හා දරුවන් ගැන හෙළි නොවූ කතාව

මැති ඇමැතිවරුන් තරමටම ඔවුන්ගේ බිරින්දෑවරුන්ද දරුවන්ද රටුන් අතර බොහෝ ප්‍රසිද්ධය. හැරත් බොහෝ මැති ඇමැතිවරුන්ගේ නිල කාර්ය මණ්ඩලවල තනතුරු දරන්නේ ඔවුන්ගේ බිරියන් හා දරුවන්ය. ඇමැතිවරයා තම අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන්නේ සිය බිරිය හා දරුවන් පසක තබාගෙනය. ඉකුත් කාලයේ හුන් ඇමැතිවරියක් සිය අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනවල ප්‍රධානීන් සමග නිල සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ පළාත් සභා මන්ත්‍රීවරයෙකු වූ තම Read More

ජනතාව තෑබු අපේක්ෂාවන් නව පාලනය මගින් ඉටු නොකිරීමට වෑඩි ඉඩක් තියනවා

මෛත්‍රීපාල සිරිසේන මහතාව ජයග්‍රහණය කර වූ නාගරික පීඩිතයින් මැද පාංතික ජනතාව උතුරේ දෙමළ ජනතාවල මුස්ලිම් ජනතාවල වතු කම්කරු ජනතාව හා ධීවර ජනතාව තබා ඇති අපේක්ෂාවන් නව පාලනය මගින් ඉටු නොකිරීමට වැඩි ඉඩක් ඇතැයි පවසන වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව මහතා සුපුරුදු පරිදි පුද්ගලික වැඩක් බලාගෙන ඉන්නේ නැතිව ජනතාව අයිතීන් දිනා ගැනීම සඳහා මැදිහත් විය යුතුයැයි Read More

ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය

2015 ජනාධිපතිවරණ‍යේ ඡන්ද විමසීමේ කටයුතු අද (08) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා මධ්‍යස්ථාන 12314ක් තුළ දී පැවැත්වු අතර දිස්ත්‍රික් මට්ටමින් 60%කට වැඩි ප්‍රමාණයක් ඡන්ද ප්‍රකාශය කොට ඇත. ඒ අනුව,   බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඡන්දදායකයන් 1, 586, 598ක්  ලියාපදිංචි වී සිටි අතර ඒ අතුරින්  75%ක ප්‍රමාණයක් ද,  ගම්පහ දිස්ත්‍රික්කයේ Read More

බණ්ඩාරනායක ජන්ම දින සැමරුම අද

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ හිටපු අග‍්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ 116 වන ජන්ම දින සමරුව අද (08)ට යෙදී ඇත. බණ්ඩාරනායක මහතාගේ ජන්ම දින සැමරුම ගාලු මුවදොර පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියස දී පැවැත්වීමට නියමිතය. එස්‌.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන් උපත ලැබුවේ 1899 දී හොරගොල්ල වලව්වේය. පළමුව 1927 දී කොළඹ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වෙමින් දේශපාලනයට පිවිසි Read More

වැසි රහිත පැහැබර කාලගුණ තත්ත්වයක්

අද (08) දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර  කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද උදෑසන 05.30ට නිකුත් කරන ලද අනාවැකියට අනුව ඉදිරි දිනවල දී හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහීන අපේක්ෂා කළ හැක. ප්‍රධාන නගර සඳහා කාලගුණ අනාවැකිය       ගාල්ලට සන්ධ්‍යා කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි Read More

ශ්‍රී ලංකාවේ 7වෙනි ජනාධිපතිවරණය අද

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වෙනි ජනාධිපතිවරයා තේරීමේ ජනාධිපතිවරණය අද (08) පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතී. මෙවර ජනාධිපතිවරණය සඳහා ‍අපේක්ෂකයන් 19ක් ඉදිරිපත් වී සිටිති. 2015 ජනාධිපතිවරණය සඳහා මැතිවරණ දිස්‌ත්‍රික්‌ක 22ක ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති මුළු ඡන්ද දායකයන් සංඛ්‍යාව 15,044,490කි. එයින් තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 545,500 කි. ඡන්ද මධ්‍යස්‌ථාන 12,314ක Read More

පාප් වහන්සේගේ සංචාරය ආවරණයට දෙස් විදෙස් මාධ්‍යවේදීන් 1000ක්

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ආවරණය කිරීම සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීන් 800 – 1000 අතර පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි සුදුතුම් පියලංකා මාධ්‍ය හා තොරතුරු කාර්යාංශයේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා පැවසීය. පියතුමා එසේ පැවසුවේ ඊයේ(6) දා පෙරවරුවේ ‘සෙඩෙක්’ ආයතනයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. සුදුතුම් පිය ලංකා ගමන සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි. Read More

ජනාධිපතිවරණයට සියලු පාසල් අද සිට තෙදිනක් වසයි

රට පුරා පිහිටි සියලු පාසල් හෙට (8) පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් අද (7) හෙට (8) සහ අනිද්දා (9) තෙදින වසා තැබේ. මෙම පාසල් යළි ආම්භ කරන්නේ ලබන 12 වනදා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටී.

හෙට-අනිද්දා බාර් වහලා

හෙට දිනයේ පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම නිමිත්තෙන් හෙට සහ අනිද්දා දෙදින තුල රට පුරා සියළු සුරා සැල් වසා දමන බව සුරා බදු කොමසාරිස් ජනරාල් නිවේදනය කරයි.

ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ජාතික කාන්තාවන් සිය අනන්‍යතාව තහවුරු කළ යුතුයි

2015 ජනාධිපතිවරණයේ දී මුස්ලිම් ජාතික කාන්තාවන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර මුහුණු ආවරණ ඉවත් කොට තම අනන්‍යතාව තහවුරු කළ යුතු යැයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසීය. ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරිවල නියුතු වී සිටින කාන්තා නිලධාරිනියක් වෙත මුහුණු ආවරණය ඉවත් කොට සිය අනන්‍යතාව තහවුරු කළ යුතු අතර Read More

t

o

p