Local News

ස්වාභාවික විපත් සිදු වූ සෑම විටකම ජන ජීවිතය රැක ගැනීමට රජය සමත්වීම විශාල ජයග‍්‍රහණයක් – ජනපති

ස්වාභාවික විපත් නිසා පසුගිය වසර කිහිපය තුළදී අප රට බොහෝ ආපදා අවස්ථාවන්ට මුහුණ දී තිබෙන බව පෙන්වාදෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒ සෑම අවස්ථාවකම දී ම ජන ජීවිතය අඩාලවීම අවම කර ගනිමින් කටයුතු කිරීමට රජය සමත්වීම විශාල ජයග‍්‍රහණයක් බව සඳහන් කරයි. අදට යෙදී තිබෙන ජාතික සුරක්ෂිත දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් Read More

මුතුහෙට්ටිගම සිංගප්පුරුවට පනී..

අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් වරෙන්තු ලැබ සිටි නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද අළුයම විදේශ ගතව තිබේ. රාත්‍රී 12.40ට පමණ ඔහු මෙලෙස රටින් පිටව ගොස් ඇති අතර එසේ ගොස් ඇත්තේ සිංගප්පූරුවට බව පැවසේ. නියෝජ්‍ය අමාත්‍යවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් පෙරේදා පොලිස්පතිවරයාට නියෝග කර තිබිණ.

ඡන්දදායකයාට වෙලා තියනදේ………..

මෙවර මැතිවරණයේ දී ඡන්දදායකයා වැටී ඇත්තේ සිංහයා සහ වෘකයාට රජකම දුන් බැටළුවන්ගේ තත්ත්වයට යැයි වමේ පොදු අපේක්ෂක දුමින්ද නාගමුව  පවසයි.ඔහු මෙසේ පැවසුවේ දෙසැම්බර් 24 වන දා පන්නිපිටියේ දී පැවති ජන හමුවක දී ය. එහි දී ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.              “ජන කතාවක තියනවා,කැලේ රජා තෝරගන්න සත්තු අතර තිබුණ ඡන්ද විමසීමක් Read More

දකුණු අධිවේගයෙන් 8ක් රෝහලට

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ. කොළඹ සිට ගැලනිගම බලා ධාවනය වු වැන් රථයක පිටුපසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය. අනතුරෙන් වැන් රථයේ ගමන් කළ පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කර ඇත. අනතුර සම්බන්ධයෙන් මොටර් රථයේ රියදුරු අත්අඩංගුවට Read More

ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක‍්‍රමය රක්ෂණ ආවරණය ඉහළ නංවයි

2015 අයවැය මඟින් නිවේදනය කරන ලද 50%කින් තැන්පතු රක්ෂණ ආවරණය වැඩි කිරීමේ තීරණයට අනුව ශ‍්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක‍්‍රමය එක් ආයතනයක එක් තැන්පතු හිමියෙකු සඳහා සිය තැන්පතු රක්ෂණ ආවරණය 2015.01.01 දින සිට බලපැවැත්වෙන පරිදි රුපියල් 200,000 සිට රුපියල් 300,000 දක්වා වැඩි කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. සංශෝධිත රක්ෂණ Read More

මෙවර පොලිස්පති මහජන දිනය නොපැවැත්වේ

සතියේ සෑම සිකුරාදා දිනයන් ම පොලිස්පති මහජන සහන දිනය ක්‍රියාත්මක වන මෙම සතියේ පොලිස් මහජන සහන දිනය යෙදෙන (26) දා සහන දිනය ක්‍රියාත්මක නොවන බව පොලිස් මූලස්ථානය දැනුම්දෙයි. තැපැල් ජන්ද විමසීම හේතුවෙන් මෙම සතියේ පොලිස්පති මහජන සහන දිනය නොපැවැත්වීමට තීරණය කොට ඇත. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ජන්ද විමසීම ඊයේ (23) සහ අද (24) පැවැත්වෙන අතර පොලිස් Read More

රූබලයේ ඇද වැටීම ලෝකයටම බලපාවි

ආර්ථික විද්‍යා මූලධර්මවලට අනුකූල වෙළඳපොළ අර්බුදයක් රුසියාව තුළ වර්ධනය වෙමින් ඇතැයි රුසියාව පදනම් කරගත් දේශපාලන විශ්ලේෂකයකු වන අයර්ලන්ත ජාතික බ‍්‍රයන් මැක්ඩොනල්ඞ් පවසා තිබේ. ඔහු අනතුරු හගවා ඇත්තේ එය රුසියාවට පමණක් සීමාවී අවසන් වීමට ඇති ඉඩකඩ බෙහෙවින් අඩු බවයි. පසුගියදා එක් දිනක් තුළ රුසියානු රූබලය 20%කින් කඩා වැටුණු අතර ඉන් පවා ඩොලර් හෝ යුරෝ මිලදී ගැනීමට Read More

නත්තල හා අලුත් අවුරුද්ද නිමිත්තෙන් ඉන්දු – ශ‍්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ධීවරයින්ට නිදහස

ඉන්දීය අත්අඩංගුවේ සිටි ශ‍්‍රී ලංකා ධීවරයින් 30ක් හා ශ‍්‍රී ලංකා අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 66ක් නිදහස ලබති.

මෛත‍්‍රී පාලනයේ තිස් දෙනෙකුට අඩු අමාත්‍ය මණ්ඩලයක් – පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි

විශාල ඇමති මණ්ඩලයක් වෙනුවට තිස් දෙනෙකුට අඩු අමාත්‍ය මණ්ඩලයක් ඇති කෙරෙන බව අද (23) සෝලිස් හොටෙල් හිදී පැවති මාධ්‍ය සාකච්ජාවකදී සාධාරණ සමාජයක් වෙනුවෙන් ජාතික ව්‍යාපාරයේ මාදුළුවාවේ සෝභිත හිමියෝ ප‍්‍රකාශ කළහ.

දශලක්ෂයක පුරවැසි අදහස් විමසමින් සකස්කළ “මහින්ද චින්තන ලොව දිනන මඟ” එළි දැක්වේ

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය වන මහින්ද චින්තන ලොව දිනන මඟ කොළඹදී දෙසැම්බර් 23 වැනිදා නිකුත් වූ අතර එය සකස් කිරීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් ලබාදී ඇති අදහස් සහ යෝජනා සංඛ්‍යාව 1,003,421කි.

t

o

p