යහ පාලනයේ ප්‍රජාතන්ත්‍රාවාදය කෝ ?

February 23, 2015

රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම, දේශපාලන රැඳවියවන් හා දේශපාලන සිරකරුවන් ගේ අයිතීන් ලබාදීම, පැවැති දේශපාලන තත්වය විසින් විදෙස්ගත වීමට බලකෙරෙනු මාධ්‍යවේදීන් හා දේශපාලන ක‍්‍රියාකාරිකයන්ගේ අයිතීන් ලබාදීම සම්බන්ධව ආණ්ඩුවට බල කරන  ඒකාබද්ධ උද්්ඝෝෂණ මලාවක ආරම්භ කරන බව අද 23 පෑවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

මෙම මාධ්‍ය හමුව සදහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, නව සමාජවාදී පක්ෂය,ශ‍්‍රී ලංකා සමාජවාදී පක්ෂය, මාම්වාදී කොමියුනිස්ට් පක්ෂය,නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, එක්සත් කම්කරු සමිති සම්මේලනය, නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ව්‍යාපාරය , අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහභාගීවිය.

වර්ත්මාන රජය බලයට පත් වීමෙන් පසු යහ පාලනයක් උදා කරන බව පවසා සිටියත් එය සිදු නොවු බවත් පසුගිය කාලයේ දේශපාලන පළිගෑනීමට ලක්වුවන් හට නෑවත එන ලෙස ආරධනා කර මාධ්‍ය හමු පෑවත්වනවා. ඒත් ඔවුන් නෑවත මව් රටට පෑමිනි පසු විවිධ බාදා කිරීම් සිදු කරන බව පවසයි.

මේ ක්‍රමයට විරුද්ධව රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම, දේශපාලන රැඳවියවන් හා දේශපාලන සිරකරුවන් ගේ අයිතීන් ලබාදීම, පැවැති දේශපාලන තත්වය විසින් විදෙස්ගත වීමට බලකෙරෙනු මාධ්‍යවේදීන් හා දේශපාලන ක‍්‍රියාකාරිකයන්ගේ අයිතීන් ලබාදීම සදහා රජයට බල කරන පළමු උද්ඝෝෂණය 2015.02.24 දින සවස 3.00 ට කොළඹ දුම්රියපොල ඉදිරිපිටදී සියලු සන්විදාන ඒකාබද්ධව පෑවෑත්වීමට නියමිතව ඈත.

1

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p