Local News

දෙවැනි පෙලේනායකයෝ පහළොවක් ප්‍රභාකරන් ඝාතනය කළා

ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් මෙහෙයවනු ලබන ‘සත්‍යාගාරය’ වැඩසටහනේ සාකච්ඡා සටහනකි මේ. පසුගියදාවිකාශය වූ මේ වැඩසටහනට සහභාගී වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්තිමුරලිදරන්(කරුණා) මහතායි. ආයුබෝවන් ඔබතුමාට… ආයුබෝවන්. ඔබ කවුද? ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්. ඔබගේ රැකියාව? දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීකම විනයාගමූර්ති මුරලිදරන් මන්ත්‍රීතුමාගෙරැකියාව. ඔබ එල්. ටී. ටී. ඊ. සංවිධානයට බැඳුණෙ ඇයි? Read More

ජනපති මෛත්‍රීපාල දෙවියන් බැහැදැකීමට සැරසෙන විට තිරුපති දෙවො‍ලේ රන්දොරටුවේ යතුර කැඩී ගිහින්?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඉන්දීය සංචාරය අතරතුරදී සුප්‍රකට තිරුපති කෝවිල වැඳපුදාගෙන ඒමට ගිය බැව් ඉන්දියාව ඇතුළු බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකොට තිබිණි. ඔහු තිරුපති හෙවත් ‘තිරුමාල ශ්‍රී වෙන්කතේෂ්වර කෝවිල’ වෙත ගොස් එහි පූජාවකට සහභාගී වන්නට සූදානමින් සිටි අවස්ථාවේ සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ ඉන්දියාවේ සුප්‍රකට පුවත්පතක් වන ‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ හි වාර්තාකොට තිබුණ සිදුවීම මෙසේය.මෙය සිදුවී Read More

නින්ද නිසා හිරේ ගිය හොරා

මහියංගණය පූජා නගරයේ කඩයකට අලූ‍යම් කාලයේ ඇතුළුවූ සොරකු කිරිපිටි, සබන්, තේකොළ, බිස්කට් බෑග් දෙකකටද අසුරා පසෙක තබා මේසය මතම නින්දගොස් සිටියදී, කඬේ හිමිකාරිය උදේ කඩය විවෘත්ත කරද්දී දක්නට ලැබී ඇත. මේ බව මහියංගණය පොලිසිය වෙත දැනුම් දිමෙන් අනතුරුව පොලිසිය පැමිණ ඔහු අත් අඩංගුවට ගන්නා තුරුම සොරා අවදිවූයේ නැත  

එස්.බී. යළි UNP යට

හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට ඉල්ලුම්කර ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. කෙසේවුවද අදාල ඉල්ලීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු බුරුලක් ලබාදී නොමැති බවද පැවසේ. මේ ඉල්ලීම කර ඇත්තේ පසුගිය කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රීවරුන් එක්කරගන්නා ලද පුද්ගලයකු හරහා බවද පැවසේ.

ආණ්ඩුව සමඟ බැදීමක් නෑ

දින 100යේ වැඩපිළිවෙල තුළ රටට යහපත් වූ ව්‍යවස්ථා සංශෝධන ඉටු කර ගැනීමේ වගකීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටින නමුත්, ආණ්ඩුව සමඟ වගකීමක් හෝ බැදීමක් නොමැති බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ ඊයේ (03) රාත‍්‍රියේ හිරු ටී.වී. ඔස්සේ විකාශය වූ ‘‘රට සහ හෙට’’ වැඩසටහනට එක්වෙමිනි. Read More

ඖෂධ ජාවාරම් කරුවන්ට රෝගීන් බිලිදෙන නව ඖෂධ පනත

නව ඖෂධ නියාමන අධිකාරී පනත් කෙටුම්පත බිබිලේ ප‍්‍රතිපත්තිය පෙන්වමින් එම ප‍්‍රතිපත්තිය මරා දැමීමට සකස් කළ එකක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. ඊයේ (02) මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා කියා සිටියේ ආණ්ඩුව මෙය ජනතාවගෙන් සඟවා හොර රහසේ කඩිනමින් සම්මත කිරීමට යන්නේ එය ජනතා විරොධී පනතක් Read More

ෆුල් ෆේස් හෙල්මට් භාවිතය තහනම්

සම්පුර්ණයෙන් ආවරණය කරන ලද හිස් වැසුම් භාවිතය තහනම් කර තිබේ. ඒ අනුව එළඹෙන මාර්තු 21 වන දින සිට අදාළ තහනම ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. මෙය අලුත් නීතියක් නොව පැවති නමුත් ක්‍රියාත්මක නොවුණු නීතියක් බවත්,2013 ක්‍රියාත්මක කළද එල්ලවූ බලපෑම් හමුවේ එය අක්‍රීය කිරීමට සිදුවුණු බවත් පොලිස් මාධ්‍ය Read More

මං දැන් ජ්‍යෙතිෂ්‍ය විශ්වාස කරන්නේ නෑ – මහින්ද

තමන් දැන් ජ්‍යෙතිෂ්‍ය විශ්වාස නොකරන බව හිටවපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. පාකිස්තාන ‘ඩිවෝන්’ පුවත්පත හා සාකච්චාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත. විනාඩි පහක පමණ කාලයක් තුල පැවැත්වී ඇති එම සාකච්චාව මෙසේය. ප‍්‍රශ්ණය : කොටි ත්‍රස්තවාදින් පරාජය කරන්න පකිස්ථානය සහය දුන්නද? පිළිතුර : ඔවු, විශේෂයෙන්ම ඔබලාගේ හිටපු ජනාධිපති මුෂාරෆ් අපට සහය දුන්නා. බටහිර Read More

මහින්ද අගමැතිකමට ඉල්ලන්නේ රෙදි ඇඳගෙනද…? මේ මෛත‍්‍රීගේ හැටි තාම කවුරුත් දන්නෙ නෑ..

හිටපු ජනාධිපතිවරයා අගමැතිකම බලාගෙන මැතිවරණයට ඉදිරිපත්වීමට සැරසෙන්නේ රෙදි ඇඳගෙනදැයි යනුවෙන් ප්‍රශ්න කිරීමට තමන්ට සිදුවන්නේ යෑයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. තමාවයි හිටපු ජනාධිපතිවරයාවයි එකම වේදිකාවකට ගෙන ජනතාව ඇමතීම සඳහා කපුකමේ යෙදෙන අයත් දැන් කරළියට පැමිණ තිබෙනවා. නමුත් ඒ අය මෛත්‍රීපාල සිරිසේන කියන්නේ කවුද කියලා හරිහැටි හඳුනා නොගෙන කටයුතු කරනවා යෑයි ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය. Read More

ස්වයංනිර්ණ අයිතිය පිළිගත් ‘දේශයන් දෙකක්-එකම රටක්’ යාපනයේදී යෝජනාව සම්මතයි..

ස්වයංනිර්ණය අයිතිය පිළිගත් ‘දේශයන් දෙකක් එකම රටක්’ යන අපගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා කටයුතු ගම් මට්ටමින් පුළුල් කර, සරණාගතව ජීවත්වන අපගේ ඥාතීන්ව සම්බන්ධ කරගෙන සටන් කරන බවට දෙමළ ජාතික ජනතා පෙරමුණ යෝජනාවක් සම්මත කරගෙන ඇත. දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ වාර්ෂික ජාතික සමුළුව යාපනය කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවේදී 28 වන දින Read More

t

o

p