ස්වයංනිර්ණ අයිතිය පිළිගත් ‘දේශයන් දෙකක්-එකම රටක්’ යාපනයේදී යෝජනාව සම්මතයි..

March 1, 2015

ස්වයංනිර්ණය අයිතිය පිළිගත් ‘දේශයන් දෙකක් එකම රටක්’ යන අපගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා කටයුතු ගම් මට්ටමින් පුළුල් කර, සරණාගතව ජීවත්වන අපගේ ඥාතීන්ව සම්බන්ධ කරගෙන සටන් කරන බවට දෙමළ ජාතික ජනතා පෙරමුණ යෝජනාවක් සම්මත කරගෙන ඇත.

දෙමළ ජාතික ජනතා පෙරමුණ සහ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ වාර්ෂික ජාතික සමුළුව යාපනය කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවේදී 28 වන දින පවත්වා ඇත.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුවට, පක්‍ෂයේ ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන්, පක්‍ෂයේ ජාතික සංවිධායක මණිවන්නන්, උතුරු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රීවරු, පාක්‍ෂිකයින් සහභාගි වී ඇත. මෙම සමුළුවේදී යෝජනා 07ක් සම්මත කරගෙන ඇත.

සම්මත කරගත් යෝජනා :

  1. ස්වයං නිර්ණය අයිතිය පිළිගත් ‘දේශයන් දෙකක්, එකම රටක්‘ යන අපගේ අරමුණ ඉටුකර ගැනිමට, අපගේ පක්‍ෂය ගම් මට්ටමින් පුළුල් කර, සරණාගතව ජීවත්වන අපගේ ඥාතීන් සහ තමිල්නාඩුවේ ඥාතීන් ඒකාබද්ධ කරගෙන සටන් කරන්නෙමු.
  2. දෙමළ ජනතාවට එරෙහිව සිදුකල සහ සිදුකරමින් සිටින ජාති ඝාතනය පිළිබඳව අපක්‍ෂපාති ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන මෙන් ඉල්ලා, අපගේ කටයුතු රට තුල මෙන්ම විදෙස් රටවලත් ක්‍රියාත්මක කරන්නෙමු.
  3. අතුරුදහන් කල පුද්ගලයින් සහ දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙස අවධාරණය කරමිනුත්, ඉඩම් ආක්‍රමණයට එරෙහිවත් විවිධාකාර සටන් වල නිරත වන්නෙමු.
  4. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කල දෙමළ මාතෘ භූමියේ දෙමළ ජාතික සභාවක් පිහිටුවා, දෙමළ ජනතාව පාලනය කරන පරිපාලන ව්‍යූහයක් පිහිටුවීම.
  5. යුද්ධය හේතුවෙන් පීඩාවට පත් ආබාධිත පුද්ගලයින්ගේ ජීවනෝපාය නගා සිටුවීමට සටන් කරන්නෙමු.
  6. සරණාගතව ජීවත්වන දෙමළ ජනතාවගේ සහයෝගය ඇතිව උතුරු නැගෙනහිර සංවර්ධන කටුයුතු සිදුකිරීමට අප සඳහා වන ආර්ථික ප්‍රථිපත්තියක් සකස්කර කටයුතු කරන්නෙමු.
  7. අප සඳහා වන අධ්‍යාපන ප්‍රථිපත්තියක්, ක්‍රිඩා ප්‍රථිපත්තියක්, කලා හා සංස්කෘතික, සෞඛ්‍ය ප්‍රථිපත්තියක් සකස්කර ඒ අනුව කටයුතු කරන්නෙමු.

– Lankatnews

Sammy

Previous story Next story

Leave a comment

t

o

p