දෙවැනි පෙලේනායකයෝ පහළොවක් ප්‍රභාකරන් ඝාතනය කළා

March 4, 2015

ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා විසින් මෙහෙයවනු ලබන ‘සත්‍යාගාරය’ වැඩසටහනේ සාකච්ඡා සටහනකි මේ. පසුගියදාවිකාශය වූ මේ වැඩසටහනට සහභාගී වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්තිමුරලිදරන්(කරුණා) මහතායි.

ආයුබෝවන් ඔබතුමාට…

ආයුබෝවන්.

ඔබ කවුද?

ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්.

ඔබගේ රැකියාව?

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට ඉන්නවා. පාර්ලිමේන්තු මන්ත්‍රීකම විනයාගමූර්ති මුරලිදරන් මන්ත්‍රීතුමාගෙරැකියාව.

ඔබ එල්. ටී. ටී. ඊ. සංවිධානයට බැඳුණෙ ඇයි? කොයි කාලෙද? කෙටි උත්තරයක්

1983 ජූලි කලබල ඇතිවෙච්ච කාලවකවානුවේදී එල්. ටී. ටී. ඊ. සංවිධානයට ගොඩක්තරුණ තරුණියන් එකතු වුණා. එම කාලයේදී එවකට හිටපු දේශපාන නායකයින්ගේ ඉල්ලීමඅනුව මාත් පාසල් ගිය කාලයේදී එල්. ටී. ටී. ඊ. සංවිධානයට බැඳුණා.

ගරිල්ලා හමුදාවක් කියන්නෙ මොකක්ද?

විශාල සංඛ්‍යාවක හමුදා සෙබළුන් ඉන්න තැන කුඩාසෙබළුන් පිරිසක් ඉන්න තැනකට පහර දෙන ක්‍රමයට තමයි ගරිල්ලා සටන් කියලා කියන්නෙ.

විනයවත් වුණේ, වඩා විනයගරුකව හැසිරුණේ L.T.T.E. සංවිධානයේ ඉන්නකොට ද ඉවත්වුණාට පස්සෙද?

මම එදත් එහෙමයි. අදත් එහෙමයි. විනයගරුක පුද්ගලයෙක්. ඒ වගේම L.T.T.E සංවිධානය කියන්නෙ ඉතා විනයගරුක සංවිධානයක්. එහිදී මත්පැන් බීම, සිගරට් බීමපවා තහනමට ලක්වෙච්ච දේවල්. ඒවට අපි සම්බන්ධ වුණේ නැහැ. දැනටත් මම සමාජය තුළ ඒවිනයගරුක පුද්ගලයෙක් හැටියට තමයි හැසිරෙන්නෙ.

විමුක්ති සටන්කරුවෙක් සහ ත්‍රස්තවාදියකු අතර තිබෙන වෙනස කුමක්ද?

අපි විමුක්ති සටන්කාමීන් කියන්නෙ මොකක්ද කියලා තේරුම් අරගෙන තමයි L.T.T.E සංවිධානයට බැඳුණෙ. අපිට දුකත් හිතුණා එකවරකදී අපි විමුක්ති සටන්කාමීන්හැටියට L.T.T.E සංවිධානයේ ඉන්නකොට සමහරුන් ඒක ත්‍රස්තවාදය කියලා නම් කිරීම.ඒ ලෝකයේ තිබිච්ච තිබිච්ච තත්ත්වය අනුව තමයි එම නම වෙනස්වුණේ. කියුබාවේ ඒ වගේමවියට්නාමයේ, චීනයේ තිබුණ සටන්කාමී කණ්ඩායම්. ඒ ගැන අවධානයට ලක් කරලා ඒ ගැනකියවලා බලලා තමයි අපිත් මේ L.T.T.E සංවිධානයට බැඳුණෙ. මේ දෙක අතර ඉතා විශේෂවෙනසක් තියෙනවා කියලා තමයි මං හිතන්නෙ.

ඒ දෙකෙන් ඔබ අයිති වෙන්නෙ මොකටද ?

මම විමුක්ති සටන්කාමියකු හැටියට තමයි සම්බන්ධ වුණේ. ඒ වගේ කෙනෙක් හැටියට තමයිමම මාව දකින්නෙ.

දැන් ඔබ සටන්කරුවෙක් නෙවෙයි. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. ඒ කියන්නෙදැන් ඔබේ විමුක්ති අරගලය ඉවරයිද?

විමුක්ති සංවිධායකයෙක් හැටියට තමයි, විමුක්ති සංවිධානයේ මමත් සාමාජිකයකුවිය යුතුයි. මගේ දෙමළ ජනතාවත් එක්ක ඒ ගොල්ලන් වෙනුවෙන් මම සටන් කළ යුතුයි කියනඅරමුණෙන් තමයි ගියේ. කවදා ඒක ත්‍රස්තවාදී කණ්ඩායම හැටියට නම් කළා ද. එදා මමතීරණය කළා මෙම සංවිධානයන් ඉවත්වෙන්න ඕන කියලා.

ඔබ විශ්වාස කරනවද පසුගිය අවුරුදු දහයේ තිබුණු රජයට වඩා මේ ජනවාරි මාසයේ 8 වැනිදා පත්වෙච්ච රජය ඇතුළෙ නිදහස කියන කාරණාව තියෙනවා කියලා.

ජනතාවගේ තීන්දුවට අපි ගරුකළ යුතුයි. හිටපු ජනාධිපතිතුමා සමඟ මම වසර දහයක්එකට හිටියා. ඒ වගේම යුද්ධෙ ඉවර කරන්නත් ම‍ගේ දායකත්ත්වය මම ලබාදුන්නා. දැන්ජනතාව වෙනසක් හරහා තීන්දුවක් ලබාදීලා තිබෙනවා. එයට සියලු දෙනාම ගරු කළ යුතුයි.

කරුණා අම්මාන් මහත්මයා දැන් කිව්වා ඔහු විමුක්ති සටන්කරුවෙක් කියලා. එහෙම නම්ඔහුගෙ හිටපු නායකයා වේලුපිල්ලේ ප්‍රභාකරන් විමුක්ති සටන්කරුවෙක්ද? ත්‍රස්තවාදියෙක්ද?

ප්‍රභාකරන් ආරම්භයේ දී හොඳ නායකයෙක් හැටියට හිටියා. නමුත් එක අවස්ථාවකදීආගමික ස්ථානවලට (දළදා මාලිගාව) සිවිල් ජනතාව ඉලක්ක කරගෙන, දේශපාලනනායකයින් ඉලක්ක කරගෙන සමූල ඝාතනය කිහිපයක් සිදුකළා. එම නිසා එම විමුක්තිසටන්කාමී සංවිධානය කියන එක ත්‍රස්තවාදී කණ්ඩායමක් බවට පත්වෙනවා. 2002,2004 කාල පරිච්ඡේදය තුළ ඇති වූ සාම සාකච්ඡාව තුළින් මට හිතුණා හොඳ ප්‍රවණතාවයක්ලබාගන්න පුළුවන් කියලා. නමුත් එවකට හිටපු නායකයින් එයට කැමැත්තක් පළ කළේනැහැ. ඔවුන් ඒ සාම සාකච්ඡාවල ප්‍රයෝජනය හරියට ලබාගත්තා නම් දැනටමත් ඔවුන්ටදේශපාලනඥයෙක් හැටියට මේ රටේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇතිවෙයි කියලාමම විශ්වාස කළා.
නමුත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඔවුන් යුද්ධයක් කරා යන්න ඕන කියන එක තමයි ඔවුන්ගේ බලාපොරොත්තුව වෙලා තිබුණෙ‍ ඒත් එක්කම විශේෂයෙන්ම රජීව් ගාන්ධිගේ ඝාතනයෙන් පස්සේ රටවල් 26ක් L.T.T.E සංවිධානය තහනම් කරනවා. ඉන් පසුව තමයි L.T.T.E සංවිධානයේ නායක වේළු පිල්ලේප්‍රභාකරන්ව පවා ත්‍රස්තවාදී නායකයෙක් හැටියට ලොව හඳුන්වන්නෙ.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුණාට පස්සෙ ඒ කණ්ඩායමේ හිටපු බොහෝ දෙනා එයාට තිබ්බ චෝදනා රාජපක්ෂ ජනාධිපතිවරයාට තල්ලු කරනවා. ඒ වගේ පොට්ටු අම්මාන්අද නෑ.සුසෙයි නෑ. මහත්තයා නෑ. යෝගි නෑ. ප්‍රභාකරන් නෑ.ඔක්කොම නෑනෙ. දැන් අපදන්නා විදියට මේ මඩකලපුව ආශ්‍රිතව හිටපු නායකයා කරුණා අම්මාන්. රේගන් හිටියා අම්‍පාරෙ.දැන් හරි ලේසිනේ තමන් කරපු සියලු ඝාතන ටික තමන් කරපු සියලු අපරාධ ටික අර පොලිසියේ 600ක් මරාදාපු එක මායිම් ගම්මානවලට ගහපු එක භික්ෂුන් ඝාතනය කරපු එකමේ සේරම ටික මැරිච්ච ප්‍රභාකරන්ට පටවන එක නේද මේ කරන්නෙ….

2004 මම එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන් වෙන්වෙලා ආවට පස්සෙ මම මේ ගැනපැහැදිලිවම කිව්වා. ඔවුන් ඒක පිළිගත්තෙ නැහැ. ඉන් පස්සෙ මට චෝදනාවක් එල්ලකරනවා අරන්තලාව භික්ෂු ඝාතනය, පොලිස් ඝාතනය, මේ සිද්ධි දෙකට මම සම්බන්ධ නැහැ.එවකට මං හිටියෙ යාපනයේ.

හැබැයි ඔබ තමයි මේ වෙද්දි මඩකලපුවේ අණදෙන නායකයා.

මගේ ජීවිතයේ ගොඩක් කාලය මම ගතකරේ උතුරේදී. එහි අංශ තුනක් තිබුණා. දේශපාලනඅංශය, බුද්ධි අංශය, හමුදා අංශය. මම යුදමය කාලෙ යුද පිටියෙ තමයි මගේ ජීවිත කාලෙන්‍ගොඩක් කාලය ගැවසුණේ. ඒ වගේම මම වෙන්වෙලා ආවට පස්සෙත් පොට්ටුඅම්මාන් ඔවුන්ගෙබුද්ධි අංශය හරහා මඩකලපුව සාමාන්‍ය වැසියන් පන්සිය දෙනකුට වඩා මරා දමපුසිද්ධිය ගැනත් මම මතක් කරනවා.

වේළුපිල්ලේ ප්‍රභාකරන් දෙවනි පෙලේ නායකයෙක්ට ඉන්න ඉඩ දුන්නෙ නැත්තෙ ඇයි? මොකක්ද හේතුව…

ප්‍රභාකරන් කවදාවත් ඒ වගේ දෙයකට කැමති නැහැ. මහත්තයා එහෙම උඩට එයි කියලාබලාපොරොත්තුවෙන් හිටපු නිසා තමයි මහත්තයව මරලා දැම්මෙ. ඒ වගේම දෙවැනි පෙලේහිටපු නායකයන් පහළොස් දෙනෙක් ප්‍රභාකරන් ඝාතනය කරලා තියෙනවා.

මේකට හරියටම මට උත්තරයක් හොයලා දෙන්න. 1818 ලංකාවේ අරගලේකදී මිනිස්සු මැරෙනවා. 1971තරුණ කැරැල්ලෙදි මේ රටේ විශාල සංඛ්‍යාවක් මිය යනවා. කැරලිකරුවන් සාමාන්‍ය මිනිසුන් සහ යුද ක්ෂේත්‍රයට අදාළ පොලිසියේ. හමුදාවේ අය. 88, 89 කාලෙත් මේකම සිදුවෙනවා. සිවිල් මිනිස්සු මැරෙනවා. අරගලකරුවොමැරෙනවා, පොලිසියෙ අය මැරෙනවා, ආමි එකේ අයත් මැරෙනවා. තිස් අවුරුදුයුද්ධයේදීත් දෙපැත්තෙම අය මැරෙනවා. යුද්ධයේ ඒ කියන්නෙ අධික ප්‍රමාණයක් මැරෙනවා. මේ සියල්ල දෙස බලනවිට ඔබ මට උත්තරයක් දෙන්න යුද අපරාධ කියලා ඔබ කියන්නෙ මොනවාද?

රටකට, රටේ ස්වෛරීභාවයට තර්ජනයක් එල්ල වන විට හමුදාව ඕනම අවස්ථාකදීමැදිහත් වෙනවා. ඒක ඕනම රටක සිදුවන දෙයක්. මං හිතනවා මේ රට තුළ සමූහ ඝාතනයක්සිදු වූයේ නැහැ. එතකොට ඒක යුද අපරාධයක් හැටියට අපට හිතන්නට බැහැ. ලක්ෂ තුනකජනගහනය ප්‍රාණ ඇපකරුවන් හැටියට L.T.T.E සංවිධානය තබාගෙන හිටියා. එසේනැතිව ඔවුන්ව ප්‍රාණ ඇපකරුවන්ව ලෙස තබානොගෙන ඔවුන්ව නිදහස් කරලා ඔවුන් ඒසටනට බැහැලා තිබුණා නම් ඔවුන්ව විමුක්ති සටන්කාමීන් හැටියට අපට හඳුන්වන්නපුළුවනි. ඒ වගේම මේ රටේ සිද්ධවුණේ සියලුම ජාතීන්ට හොඳ දෙයක්. සමූහ ඝාතනයක්සිද්ධවුණේ නැහැ. කාම්බෝජයේ වෙච්ච සිදුවීම සමූහ ඝාතනයක්. ඉරාකයේ කුර්දිජාතිකයන් මරන්නට තැත් කිරීම එයද යුද අපරාධයක් හැටියට මා දකිනවා. නමුත්ශ්‍රී ලංකාව තුළ සිදුවුණේ යුද අපරාධයක් නොවෙයි කියලා තමයි මම ප්‍රකාශ කරන්නෙ.

සමූහයක් ඝාතනය වුණොත් විතරයි ඒක යුද අපරාධයක් වෙන්නෙ කියලා කිව්වනෙ. ඒකට උදාහරණයක් ගත්තෙ පෝල්පොට්. දැන් අර පොලිසියෙ හයසියයක් මරපුඑක සමූලඝාතනයක්නෙ. ඒක යුද අපරාධයක්ද එතකොට.

ඒක යුද අපරාධයක් තමයි. ඒකට මම කොහොමත්ම කැමැති නැහැ. අත්අඩංගුවේ හිටපු අයට එහෙම වෙච්ච එකට මගේ කණගාටුව මම එවෙලේදීම ප්‍රකාශ කළා.

71 මේ රටේ අරගලයක් තිබුණා. 88, 89 තිබ්බනේ අරගලයක් මේ රටේ. තිස් අවුරුදුයුද්ධයක් තිබුනනේ. මේ අරගලයෙන් පස්සෙ මේඅරගලේ ඉන්න අප ප්‍රජාතන්ත්‍රවාදයදෙනවා කියලා පාර්ලිමේන්තු එනවා. මන්ත්‍රීවරු වෙනවා. 71ත් වුණා. 88ත් වුණා.යුද්දෙදිත් වුණා. පස්සෙ ඔවුන් පාඨයක් හදාගන්නවා අපි කලින් චණ්ඩාශෝකලා. දැන්අපි ධර්මාශෝකලා. එතකොට තොග ගණන් අහිංසකයොනෙ මැරෙන්නෙ. යුද්ධයෙකදීවැඩිහරියක් මැරෙන්නෙ අහිංසකයෝ. ඒ අහිංසකයො මැරුනට හත්සියයි, හයසියයයි, දාහයි, දෙදාහයි මේවා සංඛ්‍යා ලේඛන. ඒ කියන්නෙ තොග ගණන් මැරුණම සංඛ්‍යා ලේඛන.හැබැයි තනි මිනිහෙක් මැරුණොත් ඒක නඩුවක් බවට පත්වෙනවා. ඒ ගැන මට ඕන මුරලිදරන් මහත්තයගෙ අදහස.

ලංකාවේ මෙවැනි අවස්ථාවක් සිදුවෙච්ච කාලපරිච්ඡේදය තුළ පොදු සමාව කියන එකටසියලු දෙනාටම පොදුවෙ දීලා තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදයටපිවිසිලා පාර්ලිමේන්තුවට පැමිණිලා තිබෙනවා. ඒ වගේම දෙමළ ජාතික සන්ධානයේමන්ත්‍රීන්ගෙන් අහලා තිබෙනවා. යුද්ධයේ ආරම්භයේදී මේක නවත්තගන්න බොහෝඅවස්ථාවන් තිබුණා. එහිදී වරද්දගත්තා දෙපාර්ශ්වයෙන්ම. සිංහල නායකයින් හාදෙමළ නායකයින් වරද්දගත්ත නිසා තමයි මෙය දිගින් දිගටම දුරදිග ප්‍රශ්නයක්හැටියට මතුවුණේ. 1983 ජූලි කලබලය අපට නවත්වගන්න පුළුවන් තත්ත්වයක් තිබුණ. ඒවගේම හමුදා සෙබළුන් දහතුන් දෙනකු ඝාතනයෙන් පස්සෙ තමයි මේ ජූලි කලබලයඇතිවුණේ. ඒ වගේම දෙමළ ජනතාව සහ මුස්ලිම් අනෙකුත් ජාතීන් සිවිල් වැසියෝ මරණයටපත්වීමට ඒ ආරම්භයේදී දෙපැත්තෙම හිටපු දෙමළ සහ සිංහල පැත්තෙ හිටපු නායකයන්දූරදර්ශීව හිතලා ඒකට වැඩපිළිවෙළක් හදලා තිබ්බා නම් මේ තරම් දුරට එන්නෙ නැහැයිකියන එක මං සඳහන් කරන්න කැමතියි. ඒ වගේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටස්තුතිවන්ත වනවා එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු සටන්කාමීන් දොළොස් දහසකප්‍රමාණයක් මොවුන් අත්අඩංගුවට අරන් තිබුණත් එකොළොස් දහස් පන්සියයක් දැන්නිදහස් කර තිබෙනවා. ඒ වගේම දේශපාලන අත්අඩංගුවේත් බොහෝ පිරිසක් ඉන්නවා. ඔවුනුත් ඉදිරියේදී නිදහස් වෙයි කියලා මං හිතනවා. ඒ වගේම මම යුද පිටියේදී බොහෝදේ මගේ ඇස්වලින් දැක්කා.
ඒ අත්දැකීම මට තිබෙනවා. ඒ නිසා එවැනි දෙයක් ආයෙමත් ඇතිවෙන්නෙ නැතිව නිදහස්රටක් බිහිවිය යුතුයි කියන අරමුණෙන් තමයි මම ගිය රජයත් එක්ක කටයුතු කළේ. මමකවදාවත් යුද්ධය කරපු වෙලාවෙ හරි මින් පසු හරි මං ජාතිවාදය අවුස්සන විදියටකිසිම කතාවක් කිසි තැනක කියලා නැහැ.

ලෝකයේ ඕනම රටක යුද්ධයක් තිබ්බට පස්සෙ ඒ ගැන සමාලෝචනයක් කරනවා. වියට්නාමයේ යුද්ධයෙන් පස්සෙ සමාලෝචනයක් කළා. පොල්පොට් කාම්බෝජයෙත් සමාලෝචනයක් කළා. දකුණු අප්‍රිකාවේ මැන්ඩෙලා යුද්ධයෙන් පස්සෙ සමාලෝචනයක් කළා. ලෝකයේ ඕනෑම රටකයුද්ධයකින් පස්සෙ ඒ පිළිබඳ සමාලෝචනයක් කරනවා. එහෙම එකක් රටකට ඕනෑ නැද්ද ?

ජාත්‍යන්තර පරීක්ෂණයක් කියා ඒක මේ රටට අවශ්‍ය නැහැ. මේ රට ප්‍රජාතන්ත්‍රවාදීරටක්. ඒ වගේම අපේ රටේ ස්වෛරීභාවය අපි ආරක්ෂා කළ යුතුයි. දකුණු අප්‍රිකාව වැනිරටවල් පවා ටී. ආර්. සී. කියන පදනමෙන් තමයි ඔවුන්ගේ පරීක්ෂණ ඔවුන් සිදු කළේ.විදෙස් බලවේගවලට ඒ අවස්ථාවේදී ඉඩ දුන්නෙ නැහැ. ඒ වගේම මෙසේ තිබෙන ප්‍රශ්නමෙසේ විසඳගත යුතුයි කියලා මම හිතනවා. මගේ සහෝදරයන් එල්. ටී. ටී. ඊ.ය විසින්ඝාතනයට ලක් කළා. මං එවැනි පරණ දේවල් ගැන මතක් කරලා ඒ ගැන සොයාගෙන යනපුද්ගලයෙක් නෙමෙයි. නමුත් ඒ පරණ දේවල් අමතක කරලා අපි අලුත් මාවතකට යොමුවියයුතුයි කියන අදහස තමයි මා තුළ තිබෙන්නෙ. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවට අපි යම්කිසිදෙයක් දැනුවත් කළ යුතුයි.
අපේ කලින් හිටපු මීට පෙර තිබූ රජය කළ වරද තමයි මේ යුද්ධය මොකටද සිද්ධ වුණේ කොහොමද සිද්ධ වුණේ කියා පැහැදිලි කිරීම හරි ආකාරයෙන් ජාත්‍යන්තරයට ලබාදුන්නෙ නැහැ.ඒ නිසා තමයි මේ ප්‍රශ්නය උද්ගතවී තිබෙන්නෙ. මං හිතනවා මේ රජය ඒ අඩුපාඩුවපුරවලා දෙයි කියලා.

කරුණා අම්මාන් මහත්තයා කියනවා මම කිසි දවසක ජාතිවාදී ප්‍රකාශයක් කරන්නේනැහැ කියලා. මං කිසි දවසක අනාගතයේ ජාතිවාදියෙක් වෙන්නෙ නැහැ කියලා. මේප්‍රකාශය වැදගත්. හැබැයි ඔහු මේ ප්‍රකාශය කරන්නෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයා විදියට. ඒ පක්ෂය මේ වෙද්දි ජාතිවාදය අවුස්සමින් ඉන්නවා.ඡන්දයෙදි ජාතිවාදය පාවිච්චි කළා හා කරමින් ඉන්නවා. අනාගතයේ දවසක උපසභාපතිවරයා විදිහට එම පක්ෂයේ කවුරුහරි ජාතිවාදය පාවිච්චි කළොත් ඔබ උපසභාපති විදියට කොහොමද ක්‍රියා කරන්නෙ.

ජාතිවාදයට අපි කිසිවිටෙක ඉඩ දෙන්නට බැහැ. ඒක අපි සම්පූර්ණයෙන්ම හෙළා දකිනකාර්යක්. ඒ වගේම ගිය ජනාධිපති මැතිවරණයේදී ජනතාව නිසි තීරණයක් ලබාදීලාතියෙනවා ජාතිවාදයට විරුද්ධව. එය මම පිළිගන්නවා. මේ රටේ සිටින දෙමළ ජනතාව 13%ක් සිටිනවා. සිංහල ජනතාව 70%ක්. මුස්ලිම් ජනයා 8%ක් පමණ සිටිනවා. ඒ වගේමගියවර මැතිවරණ ප්‍රතිඵල දිහා අපි බැලුවම ප්‍රතිශතය අනුව 50%ක ප්‍රතිශතයක්ලබාගෙන තියෙනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. ඒ වගේම මහින්ද රාජපක්ෂමැතිතුමා ලබාගෙන තියෙන්නෙ 50%ක ප්‍රතිශතයක්. 70%පදනමෙන් 50%ක් තමයි මහින්දරාජපක්ෂ මැතිතුමා අරගෙන තියෙන්නෙ.
ඒ වගේම දෙමළ දේශපාලන නායකයන් වුණත් සිංහල නායකයන් වුණත් මේ ජාතිවාදය වපුරනවා. ජාතිවාදය කතා කරනවා. ඒක නවත්වන්න ඕන කියන එක මගේ හැඟීම. ඒ වගේමශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩමුළුවක් පසුගිය සෙනසුරාදා, ඉරිදා දවසකපැවැත්වුණා. එහිදීත් වැඩි වෙලාවක් කතාබහට ලක්වුණේ මේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ ඉන්න සාමාජිකයන් සහ මන්ත්‍රීවරුන් ජාතිවාදය අවුස්සන විදියට හැසිරෙනවා කියලා. ඒ පිළිබඳ අපි ගොඩක් දුරට එහිදී සාකච්ඡා කළා.

මේ කාලපරිච්ඡේදය තුළ ජාතිවාදය කතා කරන්න අවශ්‍ය නැහැ. සමහරුන් කියනවා ආයෙ ප්‍රභාකරන් කෙනෙක් ඉපදෙන්න පුළුවන්. එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහිවෙන්නපුළුවන්. තවත් බලවේග එකතුවෙන්න පුළුවන් කියන කරුණ මේ පිළිබඳ අපි කනගාටුවටපත්වෙන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. මෙහි ශක්තිමත් හමුදාවක් ඉන්නවා. හොඳ විනයගරුකහමුදාවක් තිබෙනවා. ඒ නිසා ඒ වගේ දෙයක් අනාගතයේදී සිද්ධ වෙන්නෙ නැහැ කියන එකමගේ ප්‍රකාශයයි.

ප්‍රභාකරන් කෙනෙක් නැවත එන්න පුළුවන්. මේ රට නැවත බෙදෙන්න පුළුවන් කියලා කිව්වෙ එක්සත් ජාතික පක්ෂය නෙවෙයි. කිව්වෙ ඔබ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඇයිඔබ විරුද්ධ වුණේ නැත්තෙ ඒකට…

මම ඒක පිළිගන්නවා. ජාතිවාදය කතා කළා තමයි. ඒ වගේ දෙයක් සිද්ධවීමට අපි ඉඩදෙන්නෙ නැහැ. ඒ වගේම ජාතිවාදය කතා කිරීමට විරුද්ධව අග්‍රාමාත්‍ය රනිල්වික්‍රමසිංහ මැතිතුමා කුරුණෑගලදී පැවති උත්සවයකදී ඒ පිළිබඳ ගොඩාක් අදහස්ප්‍රකාශ කර තිබුණා. ජාතිවාදය වපුරන්න එපා කියා අර්ථ කථනයෙන්. ඒ වගේම පුවත්පත්කර්තෘවරුන්ට විරුද්ධවත් එතුමා ඒ පිළිබඳව දීර්ඝ කතාවක් කළා. ඒක මම පිළිගන්නවා.

එහෙනම් කරුණා අම්මාන් මහත්තයා කියන විදියට ජාතිවාදය වපුරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වුණා. හැබැයි ඡන්දෙ පැරදුණාට පස්සේ හිටපු ජනාධිපතිවරයා කියනවා උතුරට ඡන්ද බලය දුන්න නිසා තමයි මම පරාද වුණේ. මේ ව්‍යංගයේ කියන්නෙ මොකක්ද ?

උතුරේ පළාත් සභා පිහිටුවන්නට හිටපු ජනාධිපතිතුමා ගොඩක් දායකවී තිබෙනවා.ඒකට මම හැමදාමත් ගරු කරනවා. එතුමාට විතරක් මම දොස් කියන්නෙ නැහැ. මේකෙ බොහෝකරුණු අඩංගු වෙනවා. ඒක තමයි මගේ අදහස.

ඔබතුමා මේ කරන්න හදන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්තයත් බේරගෙන, මෛත්‍රීපාලමහත්මයත් බේරගෙන හිටපු ජනාධිපතිතුමාත් බේරගෙන තමන් බේරෙන්නට නේද ?

නැහැ. දමිළ සහ මුස්ලිම් ජනතාවගේ සිත් දිනාගැනීමට පසුගිය රජය අසමත් වුණා. ඒනිසා එය පරාජයවීමට ගොඩක් හේතු වුණා. ඒ වගේම දෙමළ මිනිස්සුන්ටත් ගොඩක් ප්‍රශ්නතිබුණා. ඒ වගේ ඒ කාල පරිච්ඡේදය තුළ ඒවා නිරාකරණය කිරීමට පසුගිය රජය උත්සාහකළා නම් මෙහෙම පරාජයට අවස්ථාවක් උදාවෙන්නේ නැහැ.

පක්ෂයේ තිබෙන මේ ජාතිවාදී මුහුණුවර වෙනස් කරන්න හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේඅනාගත අභිවෘද්ධිය සඳහා ඔබ මේ කාලය තුළ කරපු කාර්යභාරය මොකක්ද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම තනතුරක් දරපු එකම දමිළ ජාතිකයා තමයි මම කියලාහිතනවා. ඒ වගේම දමිළ නියෝජිතයන්ගේ සංඛ්‍යාව ද ඡන්ද ප්‍රතිශයතද කාලයෙන්කාලයට වෙනස්වෙලා තිබෙනවා. උතුරු පළාත් සභාව වෙනුවෙන් අංගජන් කියන පළාත් සභාමන්ත්‍රීවරයා අපිත් එක්ක සිටිනවා. ඒ වගේම 2008වසරේදී තිස් වසරක යුද්ධය පැවතිකාලය පරිච්ඡේදයේදී ප්‍රභාකරන්ගේ මරණයට පෙර වර්තමාන ජනාධිපතිතුමා විසින්තමයි 2008මඩකලපුව දිස්ත්‍රික්කයේ පක්ෂ කාර්යාලයක් විවෘත කළේ. ඒ වගේම මගේපුංචි කාලෙ ඉඳලා අපේ පවුලේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැදිච්ච කට්ටියක්හැටියට මම දන්නවා ඒ කියන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඒ වගේම S.W.R.D බණ්ඩාරනායක මහතාගේ ඡායාරූප පවා අපේ ගෙදර තිබුණා.

ඔබ කිසියම් සංවිධානයක ඉන්නකොට වැඩ කරන්නේ අවංකවද?

මම හැම වෙලාවෙම අවංකව තමයි කටයුතු කරන්නේ.

එහෙම කෙනෙක් කොහොමද ගරිල්ලා සංවිධානය අතහැරලා ශ්‍රීලනිපයේ උපසභාපතිධුරයක් හොබවන්නේ. විමුක්ති කොටි සංකල්පයේ ඉඳලා සඟ, වෙද, ගුරු , ගොවි, කම්කරු කියන නිදහස් පක්ෂයට එද්දි විශාල ප්‍රතිපත්තිමය මාරු කිරීමක් කරන්නටවෙනවා. සංවිධානයකට අවංකව වැඩ කරනා කෙනෙක් කොහොමද එක පාරම මේ ප්‍රතිපත්තිය මාරුකරන්නේ?

ඔව් මම ඒ දේ කළා. ඒ කියන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියසහ එවකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කාල පරිච්ඡේදයේදීතමයි මම L.T.T.E සංවිධානයෙන් එළියට එන්නේ. එවකට තිබිච්ච සාම සාකච්ඡා තුළ L.T.T.E සංවිධානයට හොඳම අවස්ථාවක් තිබුණා මේ ප්‍රශ්නය විසඳගන්නට. නමුත්ඔවුන් සතුව ඒක හරි ආකාරයට ඉටු කිරීමේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ.
ඒ වගේම මින් පස්සෙ 2005 දී ජනාධිපති හැටියට මහින්ද රාජපක්ෂ මහතා පත්වෙනවා ස්ථිර සාමයක් මේ රට තුළ ඇතිකිරීම සඳහා. එතුමාත් සමඟ මම අවංකවම කටයුතු කළා.
එවකට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට L.T.T.E සංවිධානයකොන්දේසියක් දැම්මා. කරුණා අම්මාන්ව අපිට බාරදුන්නොත් පමණයි අපි සාමසාකච්ඡාවට එන්නේ කියලා. නමුත් එතුමිය ඒක කළේ නැහැ. මම ඒකට ස්තූතිවන්ත වෙනවා.
ඒ වගේම එවකට හිටපු අග්‍රාමාත්‍ය තුමන් ඒ පිළිබඳව මට උදව් කළා.

ප්‍රභාකරන් සමඟ ඔබට තිබුණ ප්‍රශ්නය මොකක්ද?

එයාට අවශ්‍ය වෙලා තිබුණේ යුද්ධයක් කරන්න. මං කිව්වා ඕගොල්ලො යුද්ධයක් කරනවා නම් කරන්න මම මේකෙන් එළියට යන්නම් කියා. මගේ සටන්කාමීන් 600ක් විතර හිටියා. ඔවුන්වත් ගෙදර යවල මම මෙහා පැත්තට ආවා.

කරුණා කිව්වා එයාගෙ ලොකු අයියා එල්.ටී.ටී.ඊ. එකෙන් මැරුවා කියලා. යුද්ධෙකදි මෙහෙමසම්බන්ධ වුණාම මැරුවා කියලා කියන්නෙ නැහැ. උතුරෙයි මඩකලපුවේ වෙච්ච ප්‍රශ්නෙවෙලාවෙදි දෙගොල්ලො ගහගද්දි තමයි ස්වර්ණලා අතින් රෙජී මැරෙන්නේ . ඒ වෙලාවෙ තමයිපිල්ලෙයාන් බේරෙන්නේ. එහෙම එකකට කියන්නෙ එල්.ටී.ටී.ඊ. එක මැරුවා කියලා.අරගලේකදි රෙජී ම‍ැරෙනවා. ඒත් ඔබතුමා කියනවා රෙජීව එල්.ටී.ටී.ඊ.එක මැරුවාකියලා.?

මම ඒක පිළිගන්නවා.

සංවිධාන පාවාදීම කියන එක දැන් විලාසිතාවක්. ඔබත් කළේ සංවිධාන පාවාදීලා අලුත්විලාසිතාවක් වුණ එක නේද?

මගේ ජීවිතයේ අවසානය දක්වා මම නම් හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේඉන්නවා කියලා තමයි. මට එහෙම පක්ෂ මාරු කිරීමේ කිසිම අවශ්‍යතාවක් නැහැ. මම එවකටහිටපු රජයට සම්බන්ධ වුණේ යුද්ධය ඉවර කිරීම උදෙසා. ඒ වගේම දැනුත් මම ශ්‍රී ලංකානිදහස් පක්ෂයේ ඉන්නවා. ඒක කවදාවත් වෙනස් කරන්නෙ නැහැ.

දෙමළ ඩයස්පෝරාව කියලා එකක් කතා කරනවනේ. ඔබ හිතන විදියට දෙමළ ඩයස්පෝරාව කියනඑක තවදුරටත් තර්කානුකූල ද ?

ඩයස්පෝරාව කියන සංකල්පය මම පිළිගන්නේ නැහැ. එහෙම කියන්නත් බැහැ. ඉතාලියේ සිංහල වැසියන් ගොඩක් ඉන්නවා. ගොඩක් යුරෝපයේ රටවල දමිළ ජනතාව ඉන්නවා. ඒ නිසාමෙහෙම දෙයක් ගැන මම හොඳ අවබෝධයෙන් ඉන්නේ. ඒ වගේම යුද්ධය ගැනත් ඔවුන් වෙත පසුගියරජය හොඳ පැහැදිලි කිරීමක් කරලා නැහැ. රුද්ද්‍රකුමාරන්ට පවා අපිට මේ ගැන හොඳදැනුම්දීමක් කරන්න පුළුවන්. ඒ පිළිබඳ සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේඅවස්ථාවක් උදාකර ගත්තොත් හොඳයි කියන එක තමයි මම ප්‍රකාශ කරන්නේ.

තර්නානුකූලව ඩයස්පෝරාව මේ වෙද්දි වලංගු නෑ කියන්නේ ‍දමිළ ජනතාවගේ තිබිච්චප්‍රශ්නය ඉවරයිද?

අපිට තිබෙනවා පළාත් සභාවක්. ඒ පළාත් සභාවේ ක්‍රමය තුළ ගොඩක් ප්‍රශ්න විසඳගන්නපුළුවන්. දැන් තියෙන සුළු ප්‍රශ්න මංනං දකින්නෙ නැහැ. මින් ඔබ්බට ගිහිල්ලා තනිරාජ්‍යයක් ලබා ගන්නවා නැත්නම් අපිට ලැබෙන්නේ නැති දෙයක් ගැන අපි හිතනවා කියන එකතර්කානුකූල නැහැ. ඒ වගේම 2001සැප්තැම්බර් ප්‍රහාරයේ පස්සෙ මුළු ලෝකයමපිළිගත්තා ත්‍රස්තවාදී කල්ලිවලට තවදුරටත් ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ නිසාඅපිත් ඒක තේරුම් අරගෙන තමයි ඒ වෙලාවේදී හිටියේ. ඒ නිසා ඒක තර්කානුකූල නැහැයිකියන රාජ්‍යයක් කියන සංකල්පය ඒක වෙන්න බැරි සිද්ධියක්. අපේ රටේ නිදහස තියෙනවා.සියලුම ජාතීන් එකට ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් තිබෙනවා. එවැනි අවස්ථා අපිප්‍රයෝජනයට ගත යුතුයි.

එක ක‍ාලෙක ඔබේ අසමසම නායකයා ප්‍රභාකරන්, ඊට පස්සේ අසමසම නායකයා වෙනවාමහින්ද රාජපක්ෂ. මේ දෙන්නගේ ඔබට අනුව තිබිච්ච වෙනස මොකද්ද? අසමසම වෙන්න තිබුණසමානකම මොකක්ද?

යුද්ධය හරහා රට ලබාගන්න ඕන කියා අරමුණෙන් ප්‍රභාකරන් ක්‍රියා කළා. මහින්දරාජපක්ෂ රට බේරා ගැනීමේ අදහසින් හමුදාව පාවිච්චි කරමින් යුදමය ක්‍රියාදාමයකළා. ඒක තමයි දෙන්නා අතර තිබෙන වෙනසක් හැටියට මම දකින්නේ. ඒ වගේම එවකට හිටපුනායකයින් ජේ. ආර්. ජයවර්ධන වගේම තවත් රාජ්‍ය නායකයින් පිටුපස දොරෙන් ගිහින්එල්.ටී.ටී.ඊ. සංවිධානයත් එක්ක සාකච්ඡා කළා. ඒ කරන්නෙ නැතිව මහින්ද රාජපක්ෂ සෘජුවම යුද්ධයට සහභාගි වෙලා මේක ඉවර කරපු නිසා තමයි මේක මේ විදියට තියෙන්නේ.

ප්‍රභාකරන් දෙවැනි පෙළ නායකයකුට ඉඩ ‍දුන්නේ නැහැ කියලා ඔබතුමා කිව්වා. මම නැවත අහනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයත් දෙවන පෙළ නායකත්වයකට ඉඩදුන්නේ නැහැ නේද?

පක්ෂය තුළ ප්‍රශ්න තිබුණා. ඕවා විසඳලා මැතිවරණයකට ගිහිල්ලා තිබුණා නම් මේ වගේදෙයක් අහන්න ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ අවුරුදු දෙකක් තිබුණා. ඒ කාලෙදි පක්ෂයේ බොහෝපිරිස් අතර බොහෝ ප්‍රශ්න තිබුණා. එහෙම අවස්ථාවක් තිබුණ නිසා තමයි එවකට පක්ෂයේලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතා පවා පක්ෂයෙන් ගිහිල්ලා මේ වගේ මැතිවරණයකටඉදිරිපත් වුණේ. ඒ වගේම 18 වැනි සංශෝධනය ගෙනාපු එකත් වැරදියි කියලා මම හිතනවා.නමුත් තනි පුද්ගලයෙක් හැටියට මම දැකපු නායකයන් අතර මහින්ද රාජපක්ෂ ජ්‍යෙෂ්ඨනායකයෙක් හැටියට මම දකිනවා.

මඩකලපුවේ කිරාන්වල 1966ඉපදිලා එල්.ටී.ටී.ඊ. එකට යන්නෙම ප්‍රභාකරන් අසමසමනායකයා කරගෙන. චර්විල් වගේ කියලා පසුගිය කාලය පුරා ඔබතුමා අසමසම නායකයෙක්ඇදහුවා. දැන් ඔබතුමා‍ෙග් අසමසම නායකයා කවුද?

එවකට පක්ෂයේ නායකයා ලෙස හිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. එතුමාගේජයග්‍රහණය වෙනුවෙන් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් අපි ගොඩක් මහන්සි වෙලාතිබෙනවා. ඒ වගේම දැන් පක්ෂයේ නායකයා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එම පක්ෂයට අපි අවංකවම වැඩ කරනවා. අපට අයිතියක් තිබෙනවා එතුමාගේ යටතේ වැඩ කිරීමට.

ගරිල්ලා සංවිධානවල හිටපු අය ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එනවනේ.පාර්ලිමේන්තුවට එනවනේ. ඒ ඇවිල්ලා මැති ඇමැතිවරු වෙනවා. ඒ වුණාම එක අන්තයකඉඳන් අනිත් අන්තයට පණිනවා. දුක් විඳපු අන්තයේ ඉදන් සැපම ඉන්තයට යනවා. ඕකට බුදුදහම කියන්නේ අත්ථ කිලමථානු යෝගයේ ඉඳලා කාමසුඛල්ලිකානු යෝගය දක්වා යනවා කියලා.සුඛෝපභෝගී සල්ලාල ජීවිතයකට මාරුවෙනවා. කරුණා අම්මාන් නැමැති ගරිල්ලාසටන්කරුවා විනයාගමූර්ති මුරලිදරන් නම් වූ දේශපාලනඥයා බවට පත්වුණාමජීවිතයේදී මේක සිදුවුණාද නැද්ද?

එහෙම ඔබතුමා කියන විදිහට නම් දුක්කිත ජීවිතයක් මට තිබුණෙ නැහැ. ඒකට හේතුව තමයිඑල්.ටී.ටී. සංවිධානයත් පොහොසත් සංවිධානයක්. ඒ වගේම සුඛෝපභෝගී ජීවිතයක්ගත කරන්න පුළුවන් අතිවිශාල සල්ලි ප්‍රමාණයක් එම සංවිධානයේ තිබුණා. නමුත්ප්‍රශ්න තිබුණා. ඒ වගේ ගැටලු තිබුණා. දුක්වෙන්න ඉඩ තිබුණා. නමුත් ඒ වගේ දුක්කිතජීවිතයක් ගත කළේ නැහැ.
ඒ වගේම අවුරුදු දහයක දේශපාලන ඉතිහාසයේ මගේ දමිළ ජනතාව වෙනුවෙන් මම ඉතාම කැපවීමෙන් වැඩකරලා තියෙනවා. ඔවුන්ට අවංක සේවයක් ඉටුකරලා තිබෙනවා.

ජාතිවාදය සහ ආගම් වාදය තරම් මේ රටට හෙනයක් වෙච්ච, මේ රට අගාදයට ගෙනිච්ච, විනාශයට ගෙනිච්ච වෙනත් කිසිවක් මේ රටේ නැහැ කියලා මම හිතනවා. ඔබ ඒකපිළිගන්නවාද? නැද්ද?

ඒක මම සම්පූර්ණයෙන් පිළිගන්නවා. ජාතිවාදය සම්පූර්ණයෙන්ම තුරන් කළ යුතුයි.

මේ වැඩසටහන නරඹන අය සතුටුවෙයි ඔබ ජාතිවාදියකු නොවෙයි කිව්වම. හැබැයිඑහෙමනම් ලංකාවේ ජාතිවාදියො නැද්ද? ඉන්නවනම් ඔවුන් කවුද? මේ මොහො‍තේ ඔවුන් නම්කරන්න.

එක එක ප්‍රශ්න තිබෙනවා. ටී. එන්. ඒ. සංවිධානය, ජාතික හෙළ උරුමය, බොදුබල සේනාවඒ වගේ සංවිධාන තිබෙනවා. එම පක්ෂවල ප්‍රතිපත්තියේ වෙනස්කම් සිදුවුණානම්ගොඩක් දේ වෙනස්වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒත් එක්කම තනි තනි පුද්ගලයෝ නම්කරන්න මම කැමැති නැහැ. මම කලින් කිව්වා වගේ මම පොදු පුද්ගලයෙක්. කිසිම කෙනකුගේසතුරෙක් නොවේ.

ඔබ කොතරම් සිංහල හිතවාදී වෙන්න හැදුවත් සමාජය ඔබ අපේක්ෂා කරන තරමට සිංහලසමාජය ඔබ පිළිගන්නේ නැහැ නේද?

ඔබතුමා කියන විදිහට නෙමෙයි. සිංහල ජනතාව සමඟ මට සමීප සබඳකම් තිබෙනවා. සමහරුවේදිකාවල යම්කිසි අදහස් ප්‍රකාශකරලා ඇති. විවේචනය කරලා ඇති. ඒක මම ගණන්ගන්නේ නැහැ. නමුත් යුද්ධය කරන්න දායක වුණ කෙනෙක් හැටියට මටත් යම්කිසි තැනක්තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ ව‍ගේම මගේ ආරක්ෂාවත් එම ජාතිය තමයිබාරගත්තෙ කියන එකත් මම මෙතනදී ප්‍රකාශ කරන්නට ඕන.

ඔබ ළඟ ඉන්න ආරක්ෂකයින් සිංහලද? දෙමළ ද?

සියළුදෙනාම සිංහල.

ඔබ දෙවරක්ම පාර්ලිමේන්තු ආවේ ජාතික ලැයිස්තුවෙන්. මෙච්චරටම ජනතාවපිළිගන්නවා නම් මේ තරම් ජනතාවට ආදරෙයි නම් ඊළග පාර පාර්ලිමේන්තුවට එන්නේඡන්දයෙන් ද? ජාතික ලැයිස්තුවෙන් ද ?

ඒක පක්ෂයේ තීරණ විය යුතුයි. වර්ථමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාඇතුළු මධ්‍යම කාර සභාව ඒ තීරණ ගනියි.

ඔබ දෙමළ ජනතාවගේ සතුරාද ? මිතුරාද ?

මිතුරා.

ඔබ ලිංගික නිදහස අගයකරනවා ද? නැද්ද ?

සිංහල සහ දෙමළ සංස්කෘතිය එකවගේම තමයි තිබෙන්නේ. මුස්ලිම් අය වෙන විදියට ඉන්නවාමම පිළිගන්නවා ඔවුන් හොඳ ආකාරයකට ඉන්නවා කියලා මම ලිංගික නිදහස පිළිගන්නවා.

මීනගම් කියලා මාලිගයක් හැදුවා නේද මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන මඩකලපුවේ.?

කිසිම මාලිගයක් හැදුවේ නැහැ. මීනගම් කියන්නේ ලොකු කඳවුරක්.

මිනිසුන්ගේ සල්ලි එකතුකරලා සහ සංවිධානයේ කාන්තාවන් පාවිච්චි කළා කියලා ප්‍රභාකරන් චෝදනා කරලා පොට්ටුඅම්මාන් එවලා මඩකළපුවට විනය පරීක්ෂණයක් කළානේද? ඒ සියල්ල ඇත්ත කියලා එළිවුණා නේද? සංවිධානයෙන් අයින් වෙන්නේ මේ වගේ විනයප්‍රශ්න නිසා නේද?

වැරැදි අදහසක් තමයි ඔබතුමාට ලැබිලා තියෙන්නේ. එල්. ටී. ටී. ඊ. සංවිධානයේඉන්නකොට ඒ වගේ වැරැදි දේවල්වලට හසුවෙන්න බැහැ. ඒවගේ මුදල් හුවමාරු කිරීම පවා ඒඒ අංශවලින් තමයි සිද්ධවෙන්නෙ. නමුත් අපි හරි මාර්ගයකට එනකොට එල්. ටී. ටී. ඊ.සංවිධානය විසින් වැරැදි ප්‍රචාරවලට මේවා පාවිච්චි කළා කියන එක තමයි මගේ අදහස.ප්‍රභාකරන් මැරෙනකම් ඍජුව මට කිසිදෙයක් කියලා නැහැ. අනෙත් අය තමයි කියලා තියෙන්නේ.

වරක් කරුණා අම්මා‍න්ගෙන් මාධ්‍යවේදියෙක් අහනවා ප්‍රභාකරන්ගේ මළ සිරුර දැක්කම මොනවද හිතෙන්නේ කියලා. ඒ වෙලාවේ ඔබ කියනවා මට විශේෂ දුකක්වත් සතුටක්වත්ඇතිවුණේ නැහැ. මේ මැරිලා ඉන්න මිනිහා මොනතරම් ප්‍රමාණයක් අපේ රටේ මිනිස්සුමැරුවද කියලා. මේ ප්‍රකාශය ඔබේ. එල්. ටී. ටී. ඊ. සංවිධානයෙන්ම දැනට ජීවමානව ඉන්නේ ඔබ විතරයි. මේ වැඩ සටහන බලන ප්‍රේක්ෂකයෙක් හිතුවොත් එහෙම ප්‍රභාකරන් ඔහු මැරුණා. ඔහු මැරුණට පස්සේ ඔබ කියනවා රටේ මිනිස්සු කොච්චර මේ මිනිහා මැරුවාද කියලා. ඒ නිසා මට මේ මිනිහා දැක්කම දුකක්වත් සතුටක්වත් ඇතිවෙන්නේ නැහැ. ප්‍රේක්ෂකයෝ කිව්වොත් එහෙම මට මේ කරුණාඅම්මාන් දැක්කම දුකකුත් නැහැ.සතුටකුත් නැහැ. මේ කරුණා අම්මාන් නිසා කොයිතරම් ප්‍රමාණයක් මේ රටේ මිනිස්සුමැරුණද කියලා.

1983 ජූලි කලබලයෙන් පස්සේ අපි යුද්ධයකට සම්බන්ධ වුණ එක ඇත්ත. ඒක අපි අවංකවම කළා. නමුත් ටික කාලයක් ගියාට පස්සේ මට තේරුණා මේක වැරැදි පැත්තකට යන්නේ කියලා. සිංහල හා දමිළ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් මේ නිසා මැරෙනවා. ඒ නිසා අවස්ථාවක් ලැබුණා මට එල්. ටී. ටී. ඊයෙන් එළියට ඇවිල්ලා මේකේ හරිමග පෙන්වලා දෙන්න උත්සාහ කළා. නමුත් එතැනදි බැරිවුණා. ඒත් අද යුද්ධයත් ඉවරවෙලා. ටී. එන්.ඒ. සංවිධානයට පවා දේශපාලන නිදහස ඇතිකරමින් ඒ තුළින් දේශපාලනය කිරීමේ අවස්ථාව අපි උදාකරදීමට ඉඩ සලසලා තිබෙනවා. ඒ වගේම අනෙකුත් ප්‍රදේශවල ඉන්නසියලුම ජාතීන්ට එක වගේ නිදහසේ ජීවත්වීමේ පරිසරයක් උදාකරන්න මගේ දායකත්වයමම ලබාදීලා තියෙනවා කියන එක සිංහල මිනිස්සු පිළිගන්නවා. එදා මම එල්. ටී. ටී. ඊ.සංවිධානයෙන් එළියට බැහැලා ආවේ නැත්නම් මෙහෙම නිදහසක් හෝ සාමයක් නැතිවෙයිකියලා බොහෝදෙනා අතර එහෙම විශ්වාසයක් තියෙනවා කියලා මම තුළත් විශ්වාසයක්තියෙනවා.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p