Local News

ජනාධිපති කොමිසමේ බරපතළ වංචා 10 ක් ගැන විමර්ශන අවසන්

බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම වෙත ලැබුණු පැමිණිලි 10ක් පමණ විමර්ශන මේ වන විට අවසන් අදියරට එළඹ ඇති බව එම කොමිසම පවසයි. පසුගිය සිකුරාදා දිනය වන විට කොමිසම වෙත පැමිණිලි 1157ක් ලැබී තිබූ බව එහි ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කළේය. ඉන් පැමිණිලි 700ක් පමණ බරපතළ වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමට අදාළ නොවන Read More

අද පටන් වැසි අඩුවෙයිලූ..

දින කිහිපයක් තිස්සේ පැවති ගිගුරුම් සහිත වැසි තත්වය අද දිනයේ සිට අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ වෙතත් අද දිනයේද උතුර, නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇතැයිද දෙපාර්තමේන්තුව කියයි.

ඇමරිකානු යුධ යන්ත‍්‍රය සක‍්‍රියව තැබීමට රුසියාව චීනය සතුරු වීම අවශ්‍ය

ඇමරිකාවේ යුධ යන්ත‍්‍රය පණ ගන්වා තැබීම සඳහා ඔවුන් චීනය හා රුසියාව සමග පසමිතුරු බව ගොඩනගමින් සිටින බව දේශපාලන විශ්ලේෂක මයිකල් ස්පි‍්‍රන්ග්මාන් පවසයි. ඔහු පවසා ඇත්තේ දකුණු චීන මුහුදේ නාවික මෙහෙයුම් අඛණ්ඩව සිදුකිරීම මෙවැනි කුපිත කරවනසුළු ක‍්‍රියාවක් බවයි. චීනය විසින් දකුණු චීන මුහුදේ පිහිටා ඇති ස්ප‍්‍රැට්ලි කොදෙව් සමූහය ආශ‍්‍රිතව කෘත‍්‍රිම දිවයින් තැනූ අතර එය ආශ‍්‍රිතව පිහිටවූ Read More

අහසින් මාළු වැස්සක් වහී..

අනුරාධපුර, මැදවච්චිය, මෛත්‍රීපුර ප‍්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමඟ මාළු රැසක්ද අහසින් ඇද වැටී තිබේ. ප‍්‍රදේශවාසීන් පවසන්නේ මෙසේ වැටුනු මත්ස්‍යයින් තිත්ත පැටව් විශේෂයක් බවයි. ගිගුරුම් සහිතව ඇද හැලූණු මහ වර්ෂාවේදී නිවෙස්වල වහළයෙන්ද මත්ස්‍ය පැටව් පොළොවට වැටුනු බවත් වර්ෂාවෙන් අවසානයේ පරිසරයේද තැනින් තැන මත්ස්‍යයින් සිටි බවත් ප්‍රදේශවාසීහු පවසති.

එමානුවෙල්ගේ සංචාරයට පෙර ගෝලීය දෙමල සංසද තහනම ඉවත් කෙරේ

ගෝලිය දෙමල සංසදයට මෙරට තුල පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය සූදානම් වන බව වාර්තා වෙයි. එම සංසදයේ ප්‍රධානී පූජක එස්.ජේ. එම්මානුවෙල් මෙරටට පැමිණීමට පෙර එම තහනම ඉවත් කෙරෙනු ඇතැයිද ආරංචි මාර්ග කියයි. ජනාධිපති මෛත‍්‍රිපාල සිරිොස්න ඇතුළු ලක් රජයේ දුත පිරිසක් විසින් පසුගිය මාර්තුවේදී කරන ලද ආරාධනාවක් අනුව මෙරට සංචාරයක නිරත වන්නේ යයි පූජක එම්මානුවෙල් Read More

මහින්දට විරුද්ද වූ ෆවුසි-ෆයිසර් මුස්ලිම් සමළුවේදී කණ පිරෙන්න කුණු බැණුම් අහගනිති

කොළඹදී පැවැති ශ්‍රීලනිප මුස්ලිම් සම්මේලනයේදී ෆයිසර් මුස්තාපා හා ඒ.එච්.එම්. ෆවුසි අමාත්‍යවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කරමින් කළ කතාවක් හේතුකොටගෙන ඊට සහභාගි වූ මුස්ලිම් ජනතා නියෝජිතයන්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ. විශාල ගාලගෝට්ටියක් දක්වා මෙම විරෝධතාව මතුව එද්දී ඉදිරිපත් වූ රාජ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා මැදිහත් වී තත්ත්වය සමනය කරන්නට උත්සාහ කර ඇත. පෙරේදා Read More

ජනපති හෙට තායිලන්තයට යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිල සංචාරයක් සඳහා හෙට  තායිලන්තයට පිටත්ව යාමට නියමිතව තිබේ. තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවික සබඳතා ආරම්භ වී වසර 60ක් සපිරීම මුල්කරගනිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මෙම සංචාරය සිදුවන බව සඳහන්ය. තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව සංචාරයේ නිරත වන ජනාධිපතිවරයා නොවැම්බර් මස 4 වන දින දක්වා එරට රැඳී සිටීමට නියමිත බව  විදේශ Read More

හමුදා කඳවුර තුළදීම හොර සල්ලි අච්චු ගහලා

රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 02 ක් සමග යුද හමුදා සෙබලු දෙදෙනෙක් ඇල්ල පොලිස් වසමේ මිල්ලගම දී අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලීසිය පවසයි. මෙම මුදල් දියතලාව යුද හමුදා කඳවුර තුළදීම යුද හමුදා සෙබලුන් දෙදෙනෙක් මුද්‍රණය කර ඇති බව අනාවරණය වී ඇති අතර ඒ සඳහා යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් ද සෙයාගත් බව පොලීසිය සඳහන් කරයි ව්‍යාජ මුදල් Read More

ලෝක නගර දිනය අද

ලෝක නගර දිනය අදට (31) යෙදී තිබේ. සමස්ත සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා පදනමක් ලෙස නාගරික වශයෙන් සිදු කෙරෙන මූලික සේවාවන්හි වැදගත්කම හඳුනා ගනිමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2013 දෙසැම්බර් 27 වැනි දා දී සෑම වසරකම ඔක්තෝබර් 31 වැනි දා ලෝක නගර දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2014 වසරේ සිට ලෝක Read More

12 හැවිරිදි දරුවෙක් ඝාතනය කරලා

මාතර, තිහගොඩ ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදීමෙන් වයස අවුරුදු 12ක ළමයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද අළුයම 1.15 ට පමණ ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය. මාතර, තිහගොඩ, කපුවත්ත ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර දෙපිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් සිදුවූ ගැටුමකකින් ඝාතනය සිදුව ඇති බව සඳහන්ය.

t

o

p