Local News

සැර අඩු බීර බදු යළි වැඩි කරන්නැයි ජනපති රවීට කියයි

2016 අය වැයෙන් බීර සඳහා අඩු කළ ආනයනික බදු ගාස්තු යළි වැඩි කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට උපදෙස් ලබාදී තිබේ. සැර 5%ට අඩු ආනයනික  බීර සඳහා මෙවර අය වැයෙන් බදු ගාස්තු අඩු කිරීමට යෝජනා කර ඇත. ඒ අනූව බීර වර්ග ආනයනයේදී පැවති බදු විෂමතාව මඟහරවා ගැනීමට සැර අඩු බීර Read More

පේරූ රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක්!

පේරු රාජ්‍යයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. එහි ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ ඒකක 7. 5ක් ලෙස සටහන්ව ඇති බව  අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කළේය. බ්‍රසීලයට ආසන්න පේරූ දේශසීමාවේ කිලෝමීටර් 602ක් පමණ පොළොව අභ්‍යන්තරයේ භූකම්පනය හටගෙන ඇති බව සඳහන්ය. විනාඩි 30ක පමණ කාලයක් පමණ පැවති භූකම්පනයේ බලපෑමෙන් සිදුවු ජීවිත හෝ දේපළ හානී පිළිබඳ මෙතෙක් වාර්තා නොවන බව Read More

රටට ආදරය කරන සියල්ලන් අයවැය පැරදවීමට ඡන්දය දිය යුතුයි…

ජනතාවගේ හිස මත බදු බර පටවමින් රට විදේශිකයන්ට විකිණීම සඳහා සකස්‌ කර ඇති මෛත්‍රී – රනිල් හවුල් ආණ්‌ඩුවේ මංගල අයවැය පරාජයට පත් කිරීම සඳහා රටට ආදරය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්දය භාවිත කළ යුතු යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්‌වූ අමරසිංහ මහතා මෙසේද පැවසීය. ‘මේ අයවැය Read More

ශ්‍රීලනිප මන්ත්‍රීන් අය වැයට සහය දෙනවා

අය වැයට පක්ෂව ඡන්දය ලබාදීමට  පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි. කෙසේ වෙතත් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව හෙතෙම කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද සවස පැවැත්විණ.

නිදහසේ රස්සාව කරගන්න දෙන්න-සමුද්‍ර ආරක්ෂණ නිලධාරීන් ඉල්ලයි

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ගේ පාලනයෙන් මුදවා තමාට නිදහසේ රැකියාව කරගෙන යාමට ඉඩකඩ සාදන ලෙස සමුද්‍ර ආරක්ෂණ නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරයි. එම සංගමයේ කැඳවුම්කරු බී.අයි ආබ්දීන් මහතා අද (23) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ එවක ආරක්ෂක අමාත්‍යංශයේ සිටි දමයන්ති ජයරත්න මහත්මිය නාවික ඒජන්තවරුන්ට ලිපියක් යොමුකරමින් සියලුම සේවකයින් නැව්ගත කිරීමේ වගකීම ඇවන්ට්ගාඩ් වෙත පවරන Read More

අගමැති කතරගම යයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතරගම පුදබිම වෙත ගොස් විශේෂ ආගමික වතාවත්වල නිරත වී තිබේ. පළමුව කිරිවෙහෙර වැඳපුදාගෙන ආශිර්වාදය ලබාගත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  ඉන් අනතුරුව කතරගම දේවාල  භූමියේ අෂ්ටඵල බෝධිය අභියස පැවති විශේෂ බෝධි පූජාවකට සහභාගී වී තිබේ.

ඉන්දියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට අවධානය

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට තිබෙන්නේ ඉතා අභියෝගාත්මක පසුබිමක බවත්, මෙම තත්ත්වයෙන් මිදීමට නම් ඇමරිකාව, ඉන්දියාව, සිංගප්පූරුව හා චීනය වැනි දැවැන්ත ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් සමඟින් නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම කෙරෙහි යොමු විය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දා පැවති බිස්නස් ටුඩේ ටොප් Read More

තානාපතිවරු 8ක්- කොමසාරිස්වරු 4ක් පත්කෙරේ

රටවල් කිහිපයක් සඳහා නව තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් පත් කර තිබේ. ඒසේ පත් කර ඇති අයගේ නම් හා රටවල් පහත පරිදිය. •    ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු – තානාපති – චීනය •    දර්ශන පෙරේරා – තානාපති – ඉන්දුනීසියාව •    ඒ.එල්.එම් ලාෆීර් – තානාපති – ජෝර්දානය •    කේ.ඩබ්ලිව්.එන්.ඩී කරුණාරත්න – තානාපති – මියන්මාරය •    ඒ.එම්. තසීම් – තානාපති – Read More

13 හැවිරිදි පාසල් සිසුවෙක් ගෙල සිරකර ඝාතනය කරලා

පණාමුර ප්‍ර දේශයේ අවුරුදු 13ක පාසල් සිසුවෙකු  ගෙල සිරකර ඝාතනය කර තිබේ. අදාළ සිසුවාගේ ශරීරය පතල් වළක තිබී පණාමුර පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍ර කාශක කාර්යාලය සඳහන් කරයි. අදාළ 13 හැවිරිදි පාසල් සිසුවා 14 හැවිරිදි තවත් පාසල් සිසුවෙකු සමඟ ඔවුන්ගේ පාසලෙන් පිටත්ව ගිරවුන් ඇල්ලීමට ගොස් තිබේ. එහිදී අවුරුදු 13ක පාසල් සිසුවා Read More

ප්‍රංශ ප්‍රහාරයේ මහ මොළකරු ඝාතනය කරයි

පසුගිය දින ප්‍රංශයේ පැරිස් නුවරට ප්‍රහාර එල්ල කළ යැයි සැලකෙන මහ මෙළකරු ඝාතනය කර තිබේ. අදාළ සැකකරු  අබ්දුල්හමීඩ් අබූඩ් ලෙස හැදින්වෙන අතර ඊයේ සිදුකළ හදිසි වැටලීමකදී ඔහු ඝාතනයට ලක්වුණු බව ප්‍රංශ බලධාරීන් පවසයි. ශාන්ත ඩෙනිස් නගරයෙය් ඊයේ මෙහෙයුමෙන් අනතුරුව සුන්බුන් පරික්ෂා කිරීමේදී ඔහුගේ සිරුර හමුවී ඇති බව විදේශ පුවත් සේවා පෙන්වා දෙයි.

t

o

p