ඉන්දියාව සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුමකට අවධානය

November 20, 2015

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට තිබෙන්නේ ඉතා අභියෝගාත්මක පසුබිමක බවත්, මෙම තත්ත්වයෙන් මිදීමට නම් ඇමරිකාව, ඉන්දියාව, සිංගප්පූරුව හා චීනය වැනි දැවැන්ත ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල් සමඟින් නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම කෙරෙහි යොමු විය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය. ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දා පැවති බිස්නස් ටුඩේ ටොප් 20 වාර්ෂික සම්මාන රාත්‍රියට එක්වෙමිනි.

“ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ තරඟාකාරීත්වය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතිනවා. විශේෂයෙන්ම අපගේ අපනයන ආදායම මේ වන විට තිබෙන්නේ සතුටුදායක පසුබිමක නොවෙයි. මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකා තේ සඳහා තිබුණු ඉල්ලුම විශාල වශයෙන් පහළ බැස තිබෙනවා.

“කෙසේ වෙතත් යුරෝපා සංගමයේ වෙළෙඳ තහංචි හා GSP සම්බන්ධ ගැටළු නිරාකරණය කර ගැනීම සඳහා මෙතෙක් අප දරා ඇති උත්සාහය සාර්ථක මට්ටමක තිබන බව කිව හැකියි. නැවත වරක් ඉතා ඉක්මනින් එම ප්‍රතිලාභ අපට හිමිවනු ඇතැයි අපේක්ෂ කළ හැකියි“, යනුවෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

– biz.adaderana.lk

Sammy

Previous story Next story

Leave a comment

t

o

p