Local News

ප්‍රධාන ඇමතිගේ ළි‍‍ඳෙන් උණ්ඩ මතුවෙලා

උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ නිල නිවසේ ළිඳක තිබී උණ්ඩ තොගයක් සොයාගෙන තිබේ. අනුරාධපුර පොලීසිය පැවසුවේ මහ ඇමතිවරයාගේ අනුරාධපුර නිල නිවාස පරිශ්‍රයේ ළිඳක මෙම උණ්ඩ තිබූ බවයි. පැරණි උණ්ඩ තොගයක් එහි තිබී සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවේය. සේවකයින් විසින් ළිඳ පිරිසිදු කිරීමේදී මෙම උණ්ඩ සොයාගෙන තිබේ. ටී 56 වර්ගයේ උණ්ඩ 259ක්, ඒ.කේ 47 ස්වැංක්‍රිය ගිනි අවි Read More

බඳගිරියේ තරුණයා 21 දක්වා රිමාන්ඩ්

හම්බන්තොට බඳගිරියේ වී ගබඩාවකින් වී සොරකම් කලැයි සැකපිට  ජී ජී ගයාශාන් (22) තරුණයා හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් ලබන (21)වැනිදා තෙක් අද (16) අලුයම 2:30 නිල නිවසේ්දී රිමාන්ඩ් කරනු ලැබීය.

දුරකථන – අන්තර්ජාල බදුවලින් තරුණ ප්‍රජාවට අසාධාරණයක්

දුරකථන හා අන්තර්ජාල ගාස්තු මත පනවන ලද අධික බදු බර හේතුවෙන් තරුණ ප්‍රජාව විශාල අසාධාරණයකට ලක්ව ඇති බව සමාජවාදී තරුණ සංගමය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වාදෙන්නේ මේ වන විට දුරකථනය සහ අන්තර්ජාල සේවා රටේ මහජනතාවගේ අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව ඇති බවයි. එවැනි තත්වයක් තුළ දුරකථන සහ අන්තර්ජාල ගාස්තු මත සියයට 50කට ආසන්න බද්ධක් Read More

ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගී වූ අය ගැන අගමැති සොයයි

බ්‍රසිලයේ රියෝද ජැනෙයිරෝ නුවරදී පැවැති ඔලිම්පික් ක්‍රිඩා උළෙලට ක්‍රිඩකයන් සහභාගී කිරිම සම්බන්ධයෙන් තමන් සතුව තිබෙන සියලූ තොරතුරු දෙන ලෙස වරාය හා නාවුක කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉහත දැනුම් දීම කර ඇත්තේ අර්ජුන රණතුංග ඇමතිවරයා මාධ්‍ය හරහා කළ ප්‍රකාශකයට අනුවය. රියෝද ජැනෙයිරෝ Read More

හම්බන්තොට තරුණයා අතුරුදහන් වීම කඩාකප්පල්කාරි ක්‍රියාවක්ද ?

එක්සත් ජාතින්ගේ සංවිධානයේ 71 වෙනි මහ සැසිය ඇමතීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉතා ආසන්නව තිබියදී හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේදි තරුණයෙකු අතුරුදහන් කිරිම කිසියම් දේශපාලන කණ්ඩායමක් අවශ්‍යතාවය මත සිදුවූවේදැයි වහාම සොයා කරුණු වාර්තා කරන ලෙස රජය රාජ්‍ය බුද්ධි අංශ වෙත අද (15) දැනුම් දී තිබේ. හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයා අතරුදහන් වී සතියක කාලයක් ගතවුවද ඔහු සම්බන්ධයෙන් Read More

දූෂණ විරෝධී හඬ සංවිධානය දූෂණ මර්දන කමිටුවට පැමිණිලි කරයි

මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියෙන් සිදුව ඇතැයි කියන දැවැන්ත වංචාව ඇතුළු සිද්ධි 4කට අදාළව දූෂණ විරෝධී හඬ සංවිධානය ඊයේ (14දා) පස්වරුවේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කෙළේය. දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා එම පැමිණිලි කමිටු ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළේය. මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ගනුදෙනුව හා Read More

ඇමතිට ටොකක් ඇන්නා පොලිස්පති ප්‍රකාශ කරලා

පොලීසිය බාර ඇමතිවරයා වන නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක සහ පොලිස්පති පූජිත් ජයසුන්දර අතර දැඩි විරසකය මේ වන විට උග්‍ර තත්ත්වයට පත් වෙමින් තිබේ. එම තත්ත්වය එළියට එන්නේ 150 වන පොලිස් දිනයත් සමඟය. පොලිස් දිනය වෙනුවෙන් පැවැති උත්සවයට සුදානම් කර තිබු කෙටි ආහාර සංග්‍රහය (ෂෝට් ඊට්ස්), සමරු කාසිය හා පොලිස් දිනය වෙනුවෙන් Read More

බල මණ්ඩල දෙසැම්බරයට පෙර ඕනා රනිල් උපදෙස් දෙයි

එක්සත් ජාතික පක්ෂයේ ශාඛා, සමිති, බල මණ්ඩල, ජාතික යොවුන් පෙරමුණු හා එක්සත් ලක් වනිතා සංවිධානයන් ආසන මට්ටමින් පිහිටුවීම ලබන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන පක්ෂ මහ සමුළුවට පෙර අවසන් කළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ සියüම ආසන සංවිධායකවරුන්ට අද (13) දැනුම් දී ඇත.

සංශෝධිත වැට් අද කැබිනෙට්ටුවට

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මුදල් අමාත්‍යංශය කියා සිටියේ අදාළ පනත්  කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාට බාර දී ඇති බවයි. අවස්ථා කිහිපයකදීම වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබුණ ද ඊට එල්ල වූ විරෝධතා හේතුවෙන් එය නැවත  සකස් කිරීමට මුදල් Read More

t

o

p