දූෂණ විරෝධී හඬ සංවිධානය දූෂණ මර්දන කමිටුවට පැමිණිලි කරයි

September 15, 2016

මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියෙන් සිදුව ඇතැයි කියන දැවැන්ත වංචාව ඇතුළු සිද්ධි 4කට අදාළව දූෂණ විරෝධී හඬ සංවිධානය ඊයේ (14දා) පස්වරුවේ දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිලි කෙළේය. දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා එම පැමිණිලි කමිටු ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළේය.
මහජන බැංකුව ඩිජිටල්කරණය කිරීමේ ගනුදෙනුව හා සම්බන්ධව තමා සතු තොරතුරු මූල්‍ය අවභාවිතාව පිළිබඳවත්, උතුරු මැද පළාතේ රුපියල් කෝටි 25කට අධික කොන්ත්‍රාත් ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබාදීමේ ගනුදෙනුවක්, රජයේ වැවිලි සමාගමකට අයත් හලාවත පොල් ඉඩමක සිදුවූ රුපියල් ලක්ෂ 53ක පොල් හොරකමක් හා මුදල් අමාත්‍යවරයා සම්බන්ධ පෞද්ගලික ගුදමකට අදාළ මූල්‍ය අවභාවිතයක් තමා ඉදිරිපත් කළ පැමිණිලිවලට අදාළ බව සමරසිංහ මහතා මාධ්‍යයට පැවැසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p