සිරිකොතට සිව් මහල් නව ගොඩනැගිල්ලක් මේ වසරේ

September 13, 2016

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය තුළ සිව් මහල් නව පරිපාලන සංකීර්ණයක් ඉදි කිරිමට පක්ෂය කටයුතු යොදා ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පක්ෂ මූලස්ථානයේ ඉදිකෙරෙන නව පරිපාලන ගොඩනැගිල්ල විශාල ප්‍රමාණයේ සම්මන්ත්‍රණ ශාලාවකින්ද සමන්විත වන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂ නව පරිපාලන ගොඩනැගිල්ල වසරක කාලයකදී සම්පූර්ණයෙන්ම ඉදිකර අවසන් කිරිමට ද සැලසුම් කර ඇත.
නව පරපුරට පක්ෂය භාරදීමේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මේ වන විට පක්ෂයේ පරිපාලන කටයුතු මුළුමණින්ම පරිගණක ගත කර තිබේ.
පරිගණක ගත කර ඇති එක්සත් ජාතික පක්ෂ පරිපාලන කටයුතු සියල්ල නව ගොඩනැගිල්ල වෙත ගෙන යාමට නියමිතය.
ඇමරිකා එක්සත් ජනපදයේ ඩිමොක්‍රටික් හා රිපබ්ලකින් පක්ෂ මෙන්ම එන්ගලන්තයේ කොන්සවේටිව් හා ඉන්දියාවේ බි.ජේ.පි පක්ෂය ආදි පක්ෂ ගණනාවක් නුතන තාක්ෂණය යොදා ගනිමින් පක්ෂ මූලස්ථාන පවත්වාගෙන යන ආකාරයට නව සිව් මහල් පරිපාලන ගොඩනැගිල්ල තුළදි එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන කටයුතුද පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p