Local News

දිල්රුක්ෂි ගැන ජනපති තින්දුව අගමැති පැමිණි පසුවයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලා අස්විමේ ලිපිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ තින්දුව අගමැතිවරයා දිවයිනට පැමිණි පසු ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

තිස්ස අත්තනායක දෙසැම්බර් 05 දා දක්වා රිමාන්ඩ්

එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම්  තිස්ස අත්තනායක මහතා දෙසැම්බර් 5 වැනි දා  තෙක් රිමාන්ඩ් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනි  විරවර්ධන මහත්මිය නියම කළාය. පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අත්සන් යොදා ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කළ බව පොලිසිය ඔහුට එරෙහිව නඩු පවරා ඇත. අදාළ චෝදනාව සම්බන්ධයෙන් තිස්ස Read More

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 34 ක ආධාර

ශ්‍රී ලංකාව වෙත 2020 දක්වා කාලය තුළ යුරෝ මිලියන 210 ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 34ක) සංවර්ධන ආධාර යුරෝපීය සංගමය වෙතින් ලබා දෙන බව ඊයේ (18) බ්‍රසල්ස් නුවර දී නිවේදනය කෙරිණි.

ලංගම සේවකයින් පෙත්සමකට අත්සන් තබයි

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ගේ ගැටලුවලට විසඳුම් ඉල්ලා පෙත්සමකට අත්සන් තැබීම අද (18) ආරම්භ කළේය. සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා අදාළ පෙත්සමට අත්සන් තැබෙන බවයි. ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම වහාම අත්හිටුවන ලෙසත් ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසත් ඔවුන් අදාළ පෙත්සම මගින් Read More

මීගමුවේ ධීවරයින් මාරාන්තික උපවාසයකට සැරසේ

කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා මීගමුව ආශ්‍රිත ගැඹුරු මුහුදෙන් වැලි හැරීමට විරෝධය පළ කරමින් ඊයේ (17) පෙරවරුවේ මීගමුවේ ධීවරයින් පිරිසක් විරෝධතාවක නිරත විය. ඔවුන් ඊයේ පෙරවරුවේ ආරම්භ කළ විරෝධතාවය හේතුවෙන් කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගය ද දුම්රිය මාර්ගයද තෙල්වත්ත සහ ගල්කන්ද යන මංසන්ධිවලින් අවහිර වූ අතර ඉන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල විය. මෙම විරෝධතාවය Read More

නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවක්

අද (18) ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ විශේෂ හමුවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ අද පස්වරු 7.00ට මෙම හමුව නිදහස් පක්ෂ මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවසේ දී පැවත්වෙන බවයි. එහිදී වත්මන් දේශපාලන තත්ත්වය, පක්ෂය හමුවේ ඇති අභියෝග මෙන්ම එළඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වෙන Read More

අගමැති රනිල් බෙල්ජියමේ පුනර්ජනනීය විදුලි උත්පාදන ක්‍රම විමසයි

සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ට ලොබ බදිමින්, අතීත අභිමානය අගය කිරීමට හුරු පුරුදුව සිටි බෙල්ජියම් ජනතාවට, අනාගතයට සරිලන පුනර්ජනනීය විදුලි බල උත්පාදන ක්‍රමවේදයන් හුරු පුරුදු කරලීමේ අභියෝගයට තමන් සාර්ථක ලෙස මුහුණ දුන් බව බෙල්ජියමේ ලොව්රාන් (Laurent) කුමරු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස හමුවෙමින් පැවසීය.

ස්වාධින කොමිෂන් සභාවල ස්වාධිනත්වයට හානියක් නැහැ – කථානායක දැනුම් දෙයි

ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වයට හානි වන අන්දමේ කිසිදු බලපෑමකට ඉඩ නොදිය යුතුය යන ස්ථාවරයෙහි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිටින බව කථානායක කරු ජයසූරිය මහතා සියලූම ස්වාධින කොමිෂන් සභාවල සභාපතිවරුන් ප්‍රමුඛ සාමාජිකයන් සියලු දෙනා වෙත දැනුම් දී ඇත.

ඒකාබද්ධයේ නව පක්ෂය ලබන වසරේ එළියට

ඒකාබද්ධ විපක්ෂය විසින් නිර්මාණය කිරීමට යන නව දේශපාලන සන්ධානය මේ වසරේදී රට හමුවේ ඉදිරිපත් නොකිරීමට එහි නායකයන් තීරණය කර ඇතැයි වාර්තාවේ. දැනටමත් එම දේශපාලන ව්‍යාපාරයේ සංවිධාන කටයුතුවලින් වැඩි කොටසක් අවසන් කර තිබුණද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා ගනුලබන තීන්දු තීරණ කෙරෙහි අවධානයෙන් සිටිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගතයුතු බව ඔවුන්ගේ අදහස වී Read More

අල්ලස් කොමිසමේ ඩිල්රුක්ෂි ඉල්ලා අස්වෙයි

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සිය තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබේ. ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත ඇය විසින් යොමුකර ඇතැයි සඳහන්ය. හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු ත්‍රිවිද  හමුදාපතිවරුන් පරීක්ෂණවලට අදාළව තමන්ට නොදන්වා අධිකරණයට  ගෙනයාම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයක් මාධ්‍ය මගින් දිගින් දිගටම අනාවරණය කරන ලදී. ඒ අනූව ඇයගේ එම ඉල්ලා Read More

t

o

p