Local News

රජයේ ඉදිරි ගමන නතර කරන්නට තැත් කරන කිසිදු බලවේගයක් හමුවේ නිකං බලා ඉන්නේ නෑ

අයෝජන රට තුළට ගෙන්වා රාජපක්ෂ ණය සියල්ලක්ම ජනතාවට කිසිදු බරක් නොදී ගෙවා දමන අතර රජයේ ඉදිරි ගමන නතර කරන්න හදන ඕනෑම බලවේගයක් හමුවේ නිකං බලා සිටින්න එක්සත් ජාතික පෙරමුණ සූදානම් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික මැයි රැළිය අමතා ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ බොරැල්ල කැම්බල් පිටියේ  Read More

කොළඹ නගරය අපි විධිමත්ව ගොඩනගනවා

“කොළඹ කාක්කෝ කියලා අවමානයට ලක් කරපු ජනතාව ලංකාවේ රාජාලියන් පිරිසක් බවට ඉහළට එසැවීම අපගේ අධිෂ්ඨානයයි” ජාතික හෙළ උරුමයේ මහලේකම්, මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක මැතිතුමා  මෙම අදහස් පළ කලේ, ‘අව්වට වැස්සට හුරු මිනිසුන්ගේ දිරිය මැයි දිනයේ’ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. පිටකොටුව බෝධිරාජ මාවතේ  පැවැති මෙම මැයි දින සැමරුම ජාතික හෙළ උරුමය විසින් සංවිධානය Read More

ප්‍රේමදාස ජනාධිපතිතුමා මතු වුණේ ජනතාවගෙන් කැපවුණේ ද ජනතාව වෙනුවෙනුයි

දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ගුණානුස්මරණ උත්සවය අද (01) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ප්‍රේමදාස  ජනාධිපතිවරයා සම්බන්ධයෙන් මම අලූතින් පැවසීමට අවශ්‍ය නැහැ. විපක්‍ෂනායක ආර්. සම්බන්ධන් මහතාගේ සුභාශිංසන පණිවුඩයෙන් හා කතානායකවරයාගේ කතාවෙන් රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගුණ වර්ණනා කළා. ප්‍රේමදාස මහතා නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් හා අමාත්‍යවරයා වශයෙන් ඩඩ්ලි සේනානායක මහතාගේ කාලයේ සේවය කළ ආකාරය අප දන්නවා. Read More

ශ්‍රී ලංකාවේ මූල්‍ය විනය හා විනිවිධභාවය සම්බන්ධයෙන් කලාපිය රටවල පැසසුම්

තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාව නව ගමනක් යාමට ආරම්භ කර ඇති මොහොතක එහි සියලු වැසියන්ට සංවර්ධනයේ ප්‍රතිලාභ ලැබීමට සලස්වා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කලාපයේ ජීවත්වන ජනයා එහි සංවර්ධන වේගයට වැඩි වේගයකින් වයසට යමින් සිටින බැවින් ඔවුන් වෙනුවෙන් අවශ්‍ය සමාජ යටිතල පහසුකම් සැපයිය යුතුව ඇති බවයි. මුදල් අමාත්‍යවරයා Read More

සාම්ප්‍රදායික නොවී නූතන අභියෝග හඳුනාගෙන හිමිකම් දිනා දෙමු

සාම්ප්‍රදායික මැයි දින සැමරුමකට සීමා නොවී, නූතන අභියෝග හඳුනා ගනිමින්, වැඩකරන ජනතාවගේ හිමිකම් දිනා දීමට වැඩපිළිවෙළක් සැකසීම අත්‍යවශ්‍ය යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මැයි දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මෙම අදහස් පළ කර ඇත. එහි මෙසේද සඳහන් වේ. සමස්ත ලෝකය රඳා පවතින්නේ වැඩකරන ජනතාවගේ දහදිය ශ්‍රමය මතය. ඉතිහාසය පුරා ඔවුන් ස්වකීය අයිතිවාසිකම් Read More

ජනපති විශේෂ ගැසට් පත්‍රයකින් නිකුත් කළ ආඥාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය

ඉවතලන කැලි කසල ඉවත් කිරිම අත්‍යාවශ්‍ය සේවාවක් කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුව අද (28) අනුමත කළේය. පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදි මහලේකම් ධම්මික දසනායක මහතා විසින් ගැසට් නිවේදනය සභාවට කියවා ප්‍රසිද්ධ කිරිමෙන් පසු කතානායක කරු ජයසූරිය මහතා ගැසට් නිවේදනයට සභාවේ අනුමැතිය විමසිය. ඒ අනුව ඡන්ද විමසිමකින් තොරව ගැසට පත්‍රයට සභාවේ අනුමැතිය හිමිවින. Read More

යහපාලන වසර දෙකේ ඉන්දු ලංකා සබඳතා ගැඹුරින්ම ශක්තිමත් වුණා

පසුගිය වසර දෙකක කාලය තුළ ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා යළි ශක්තිමත් හා ගැඹුරු තලයකට පත්ව ඇති බව ද, ඒ තත්වය උදා කර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සේවාව අගය කරන බව ද ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං (Hon. Rajnath Singh) මහතා පැවසීය. ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් Read More

ලංකාව සහ ඉන්දියාව අතර අවබෝධතා ගිවිසුම්වලින් දෙරටට ප්‍රතිලාභ සමබරව ලැබෙනවා

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම දෙරටේ මිත්‍රත්වය, සුහදත්වය හා සහෝදරත්වය පාදක කර ගනිමින්, දෙරටේ ම ජනතාව වෙත අන්‍යෝන්‍ය වශයෙන් සමබර ප්‍රතිලාභ ලැබීම අරමුණු කර ගත් මූලික ලියැවිල්ලක් බව ඉන්දීය විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් (Hon. Sushma Swaraj) මහත්මිය පැවසුවාය. මේ ලියැවිල්ල පදනම් කර ගනිමින්, විවිධ ක්ෂේත්‍ර‍ සංවර්ධනය කිරීම පිළිබඳව එකඟත්වයනට එළැඹිය හැකි Read More

විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අනුර විජේපාල මහතා සියධුරයෙන් ඉල්ලා අස්විම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ගරු අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා වෙත ඊයේ (26) පස්වරුවේ භාරදෙන ලදි. ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ඉල්ලා අස්විමට තීරණය කිරිමට හේතුපාදක වූ කරුණු ලෙස දක්වා ඇත්තේ මේ දිනවල ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තිය සමිති අතර පවතින ගැටලු හමුවේ මෙම Read More

බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න ඉන්දියාවේ උපරිම සහාය

ඉන්දීය සාගරයේ  ආර්ථික, වෙළඳ, සමාජයීය හා මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමේ ශ්‍රී ලාංකේය අපේක්‍ෂාවන් සදහා පූර්ණ සහය ලබා දෙමින්, බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරලීම උදෙසා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු යහපාලන සම්මුතිවාදී ආණ්ඩුව ගෙන යනු ලබන වැඩ පිළිවෙල වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන බව ඉන්දීය – ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරුන් අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවන්හිදී අවධාරණය කෙරිණි. Read More

t

o

p