Local News

උපාය මාර්ගික හා සංචාරක නගරයක් ලෙස ගාල්ල සංවර්ධනයට පියවර

මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ලෝක බැංකු ණය ආධාර සහ රජයේ දායකත්වය සමග කි‍්‍රයාත්මක උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් නියමු ව්‍යාපෘති ලෙස මහනුවර සහ ගාල්ල මහා නගර තෝරාගෙන තිබේ. එහි සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 25,370 ක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත. මෙහි පළමු අදියරේ කටයුතු 2019 වර්ෂයේදී නිම කිරීමට නියමිතය. ගාල්ල නගර Read More

තොරතුරු දැනගැනීමේ පනත මාධ්‍යවේදියාට නොව සමස්ත පුරවැසියා වෙනුවෙන්

තොරතුරු දැනගැනීමේ පනත මාධ්‍යවේදියා වෙනුවෙන් නොව සමස්ත පුරවැසියා වෙනුවෙන් ක්‍රියාත්මක කළ ශක්තිමත් පනතක් බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය(19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ගුරු උපදේශකවරුන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවකට සහභාගි වෙමිනි. මෙම වැඩමුළුව තොරතුරු දැනගැනීමේ අයිිතිය පිළිබඳ ව වූ පනත පිළිබඳ ව දැනුම්වත් කිරීම සඳහා පවත්වනු ලැබූවකි. Read More

රවී මෑත කාලයේ පත් වූ දක්ෂම මුදල් ඇමතිවරයෙක්

අමාරු අවස්ථාවේදි වගකීම් භාර ගෙන එය නිසි ලෙස ඉටු කළ රවි කරුණානායක මහතා මෑත කාලයේ පත් වූ දක්ෂ මුදල් ඇමතිවරයෙකු බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා කොළඹදී ප්‍රකාශ කළේය. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නවින් දිසානායක මහතා මේ බව කීවේය. මුදල් අමාත්‍යධූරයේ වෙනසක් කැබිනට් මණ්ඩල Read More

පිළියන්දල ප්‍රහාරයෙන් තුවාල වූවන්ගේ සුව දුක් බැලීමට ඇමති සාගල යයි

අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා අද (18) පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට පැමිණියේය. ඒ පසුගිය 09 වැනිදා පිළියන්දල මොරටුව පාරේදී මත්ද්‍රව්‍ය වැටලීමකදී වෙඩි ප්‍රහාරයකට ලක්ව, බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා මෙන්ම එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ සමාධි Read More

කෘෂිකර්ම අමාත්‍යාංශයේ නමට අගමැතිවරයා ගත් ගොඩනැගිල්ලේ බදු ගිවිසුම් අවසන් කළ යුතුයි

  කෘෂිකර්ම අමාත්‍යාංශයේ නමට අගමැතිවරයා තම ගජ මිතුරාගෙන් ලබාගත් ගොඩනැගිල්ලේ බදු ගිවිසුම් අවසන් කළ යුතු බව දූෂණ විරෝධි පෙරමුණ පවසයි. එම පෙරමුණ විසින් අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියෝ මේ බව සඳහන් කළහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2016 පෙබරවාරි 17 දින කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනු Read More

පසුගිය දෙමසක තුල ජාත්‍යන්තරව හා ජාතිකව ආර්ථික ජයග්‍රහණ රැසක් ලංකාවට හිමිවුණා

පසුගිය දෙමසක කාලය තුළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර හා ජාතික වශයෙන් විශාල ආර්ථික ජයග්‍රහණ රැසක් හිමිකර ගැනීමට හැකි වුණු බවත්, මීට පෙර ශ්‍රී ලංකාවේ එවන් යුගයක් උදා වී තිබුණේ නැති බවත් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වික්‍රමසිංහ මහතා එසේ පැවසූයේ චීන සංචාරය අවසානයේ ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන් හමුවෙමිනි. එහිදී වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ මෛත්‍රිපාල සිරිසේන Read More

සුරා බදු වෘත්තීය සමිති හා මුදල් ඇමති අතර පැවැති සාකච්ඡා සාර්ථකයි

සුරා බදු දෙපාර්තමේන්තුවට නව කොමසාරිස් ජනරාල්වරයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් වෘත්තීය සමිති නියෝජිතයන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් ඊයේ (16)  මුදල් අමාත්‍යංශයේ දී පැවැතිවිණි. වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කළේ සිය දෙපාර්තමේන්තුවේ ම ඉහළ නිලධාරියකු ඊට පත් කිරීමෙන් බදු ආදායම වැඩි කර ගැනීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ තව දුරටත් ශක්තිමත් වන Read More

විදුලි භාවිතා කරන කාලය අනුව ගෙවීමේ නව ක්‍රමයක් හදුන්වා දෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පුද්ගලික සමාගමේ ගෘහස්ත විදුලි පරිභෝජකයන් සඳහා ඔවුන්ගේ විදුලි පාරිභෝගික රටාව (වෙලාව) වෙනස් කළ හැකි කාලපාදක ගාස්තු ක්‍රමය (Time of the day terrify) තෝරා ගැනීමට අවස්ථාවක් ලබා දී ඇත. මේ අනුව ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දී ඇත. Read More

චින ලංකා පොත් ප්‍රකාශකයින් දෙරටේ සංස්කෘතිය හුවමාරුව ශක්තිමත් කිරීම අගය කරනවා – අග්‍රාමාත්‍ය රනිල්

චීන ජාතික පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සහ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය එක්ව දෙරටේ සංස්කෘතික හුවමාරු වැඩසටහන් ශක්තිමත් කරලීම උදෙසා ගෙන යනු ලබන වැඩ පිළිවෙල අගය කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. වික්‍රමසිංහ මහතා ඒ අදහස් පළ කළේ 16 වන දා පෙරවරුවේ බෙයිජිං නුවර දී චීන ජාතික පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් සමග Read More

චීන – ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට 60 පිරීම නිමිත්තෙන් ‘ලංකා කුමරු’ නිර්මාණය කරයි

චීන – ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්ට වසර 60 ක් පිරීම නිමිත්තෙන් බෙයිජිං රූපවාහිනී ආයතනයට අනුබද්ධ බෙයිජිං කකු මීඩියා (Beijing KAKU Media) සමාගම විසින් නිර්මාණය කරන  “ලංකා කුමරු” නම් කාටූන් චිත්‍රපටය හඳුන්වා දීමේ උළෙල ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන සම්භාවනීයයන්ගේ ප්‍රධානත්වයෙන් බෙයිජිං නුවර කෙරි හෝටලයේ පූදොන් ශාලාවේදී පැවැත්විණි. ඈත අතීතයේ ලංකාවේ සිට චීන Read More

t

o

p