Local News

ඇමතිවරුන්ගේ වාහන පිළිබඳ වාර්තාව ලැබෙන තෙක් නව වාහන මිලදී ගැනීම නවතී

රජයේ ඇමතිවරුන් මේ වන විට භාවිතා කරන වාහන පිළිබඳ වාර්තාවක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් අය වැය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇත.  එතෙක් ඇමතිවරුන්ට නව වාහන මිලදි ගැනිම නැවතීමට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම් දී ඇත. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් එහි සභාපති එම්.ඒ සුමන්තිරන් මහතා ඊයේ (23) මේ බව Read More

බ්‍රසිල හා ඇමරිකා තානාපති කාර්යාල මිලදී ගැනීම සොයන්න විශේෂ කාරක සභාවක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බ්‍රසිලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ඇමරිකා එක්සත් ජනපද නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහා ගොඩනැගිලි මිලදී ගැනිමට දරන ලද වියදම් පිළිබඳ සොයා බලා වාර්තා කිරිම සඳහා කතානායක කරු ජයසූරිය මහතා විසින් විශේෂ කාරක සභාවක් පත් කරන ලදි. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පත් කර ඇත. Read More

ජාතිවාදී හා ආගම්වාදි ක්‍රියාවන් මර්ධනයේ වගකීම ප්‍රදේශයේ ඕ.අයි.සී ලාට

ජාතිවාදි හා ආගම්වාදය මුවාවෙන් රටේ විවිධ ප්‍රදේශවල කරන නොයෙක් ක්‍රියාවන් මැඩපැවැත්වීමේ වගකිම හා බලය ඒ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිවරුන්ට පැවරීමට ඇමති මණ්ඩලය තීරණය කර ඇත. සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තු සංකිර්ණයේ ඊයේ (23) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය. ජාතිවාදි හෝ ආගම්වාදි කිසිදු ක්‍රියාවක් රජය කිසිසේත් අනුමත Read More

පිළියන්දලදී වෙඩි තැබූ පුද්ගලයෝ ඉන්දියාවට පලා යති ; පොලිස් ඔත්තුකරුත් පැන ගිහින්

පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් මේ වන විට බෝට්ටු මගින් චෙන්නායි නුවරට පළාගොස් ඇති බව නිතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (23) ප්‍රකාශ කළේය. මෙම පිරිස තලෙයිමන්නාරමට ගොස් එහි සිට බෝට්ටු මගින් ඉන්දියාවට පළාගොස් ඇති බවට මේ වන විට හෙළිදරව් වී ඇති බවද ඒ මහතා Read More

පක්ෂ නායකයන් එකඟ වූ පසු පළාත් පාලන ඡන්දය පැවැත් වෙනවා – අගමැති රනිල්

පළාත් පාලන ඡන්ද ක්‍රමයට සංශෝධන 54 ක් ඉදිරිපත්ව තිබෙන නිසා පක්ෂ නායකයන් රැස්වී ඉක්මණින් එකඟතාවයකට පැමිණි පසු ඡන්දය පැවැත්විය හැකි බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (23) ප්‍රකාශ කළේය. පළාත් පාලන මැතිවරණ පනත සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ එකඟතාවය පමණක් මේ වන විට ඒ වෙනුවෙන් Read More

තරුණ සේවා සභාවෙන් දේශපාලනය ඉවත් කිරීමට අප කටයුතු කළා

ශ්‍රී ලංකාවේ බිම්මට්ටමේ තරුණ නායකයින් සියලූම දෙනා අද මෙහි රැස්වී සිටිනවා. අද මෙහි පැමිණ සිටින්නේ තම ගමට නායකත්වය දෙමින් වැඩකළ තරුණයන්ගෙන් ප්‍රධානම පිරිසයි. ඔවුන් කළ සේවය වෙනුවෙන් ත්‍යාග සහතික ප්‍රදානය කිරීම ද අද සිදු කෙරෙනවා. 2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූ පසුව නැවත වරක් තරුණයන්ට තැන දෙන වැඩසටහන් ඇති කිරීමට තීරණය කර තරුණ Read More

රට වෙනුවෙන් දේශීය විදේශීය වශයෙන් පුළුල් වගකීමක් පැවරී තියෙනවා

රවී කරුණානායක මහතා ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ය. ඉන් අනතුරුව ඒ මහතා පැමිණියේ මුදල් අමාත්‍යාංශය වෙතයි. වසර දෙකකුත් මාස හතරක පමණ කාලයක් මුදල් අමාත්‍යවරයා ලෙස රටේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා තමාට ශක්තිය ධෛර්යය ලබා දුන් සියලුම නිලධාරීන්ට සහ පෞද්ගලික කාර්ය මණ්ඩල සාමාජිකයන්ට මෙහි දී Read More

විදෙස් කටයුතු වලට අමතරව රවීට තවත් ආයතන රැසක්

විදේශ කටයුතු නව අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රවී කරුණානායක මහතාට, මෙතෙක් විදේශ අමාත්‍යංශය යටතේ නොතිබූ ආයතන රැසක් භාරදීමට නියමිතව ඇත. ඊට අමතරව විදේශ අමාත්‍යංශය යටතේ තිබූ සියලු ම ආයතන අමාත්‍ය රවී කරුණානායක මහතා යටතේ ගැසට් කෙරෙයි. මුදල් අමාත්‍යංශය යටතේ තිබූ සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ජාතික ලොතරැයි මණ්ඩලය, ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යංශයට අයත්ව තිබූ මහ‍පොළ භාරකාර අරමුදල, මෙලෙස Read More

අල්ලස් කොමිසම, මහා පරිමාන දුෂණ කොමිසම, දුෂණ ලේකම් කාර්යාලය දැන් බෝඩ් ලෑලි විතරයි

අල්ලස් කොමිසම, මහා පරිමාන දුෂණ කොමිසම, දුෂණ ලේකම් කාර්යාලය දැන් බෝඩ් ලෑලි විතරයි. එෆ්.සී.අයි.ඩී.ය ට වහන්න එදා හොරුත් – මෙදා හොරුත් සැදී පැහැදී ඉන්නවා – දුෂණ විරෝධී පෙරමුණ උපදේශක කීර්ති තෙන්නකෝන් කියයි ලැසිල් ද සිල්වා ලේකම් ධූරයෙන් ඉවත් කරලා මාසයක් යනකොට ‘බරපතල වංචා දුෂණ විමර්ශන ජනාධිපති කොමිෂන් සභාව බෝඩ් ලෑල්ලක් වුණා. දිල්රුක්ෂි ඩයස් ඉවත් කිරීමෙන් Read More

මහින්ද ලකුණ යටතේ ජනතාවාදී ආණ්ඩුවක් ගොඩ නඟන්න පෙළ ගැසෙමු ; දැන තමයි හොඳම වෙිලාව

අගෝස්තුවේ කල් ඉකුත් වෙන හවුල් ආණ්ඩු කැද හැලියෙන් ඉවත්ව මහින්ද ලකුණ යටතේ ජනතාවාදී ආණ්ඩුවක් ගොඩනැගීම සදහා පෙළගැසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන්ට දැන් කාලය උදා වී ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මැතිතුමාට කළ හැකි ලොකුම ගෞරවය එක්සත් ජාතික Read More

t

o

p