Local News

සෝදිසියෙන් තවුහිද් ජමාද් කමිස, බැංකු රිසිට් හා රුධිර එකතු කිරිමේ සිරප් හමුවේ

ගතවූ පැය 24 තුළ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලින් ජාතික තවූහිද් ජමාත් සංවිධානයේ කමිස සහ බැංකු රිසිට් අභිරහස් රුධිරය එකතු කිරීමේ සිරප් තොගයක් සොයා ගෙන ඇත. යුද්ධ හමුදාව නාවික හා ගුවන් හමුදාව මෙන්ම පොලිසියේද සහය ඇතිව බ්‍රහස්පතින්දා (2) දින සවස දිවයින පුරා ප්‍රදේශ ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුම් ආරම්භ කරනු ලැබු අතර, එහිදි යුද්ධ හමුදා Read More

පාසැල් විවෘත කිරීමට පෙර විශේෂ ආරක්ෂක උපදේශ මාලාවක්

දිවයින පුරා පාසල් ලබන සඳුදා විවෘත කිරීමෙන් පසු පාසල් ළමයින් ප‍්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් මෙන්ම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සකස් කර තිබේ. ඒ අනුව ළමයින් පාසල් වෙත ඇරලවීම සඳහා පැමිණෙන වාහන පාසල් අසල නවතා තැබිය හැක්කේ උපරිමව විනාඩි 03ක් පමණකි. මෙලෙස වාහන නතර කිරීම සඳහා සුදුසු ස්ථාන පාසල් කළමනාකාරීත්වය Read More

ළමයින්ගේ හා තරුණයින්ගේ වයස වෙනස් කරයි

අවුරුදු 18 දක්වා වු තැනැත්තන් ළමයින් ලෙස අර්ථ නිරූපනය කිරීමට ළමයින් සහ තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීමට හා  අවුරුදු 18 සිට 22 දක්වා වු තැනැත්තන් තරුණයින් ලෙස අර්ථ නිරූපණය වන පරිදි තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥා පනතට සංශෝධන ගෙන ඒමට  පියවර ගෙන ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි. ඒ සඳහා අධිකරණ Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අදත් තද සුළං සහ තද වැසි

මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින අතිශයින් චන්ඩ  ‘ෆොනී’ සුළි කුණාටුව අද (02) වන විට යාපනයට ඊසාන දෙසින් කි.මී 750 ක් පමණ දුරින් උතුරු අක්ෂාංශ 15º.2′ ත් නැගෙනහිර දේශාංශ 84º.1′ ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ශ්‍රී ලංකාවට මන්නාරම සිට කන්කසන්තුරය, මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන Read More

පොලිස්පති සි.ඩි වික්‍රමරත්න, නිතිපති දප්පුල ද ලිවේරා, ආරක්ෂක උපදේශක ඉලංගකෝන්

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද, සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා වැඩබලන නිතිපතිවරයා ලෙස ද පත් කර තිබේ. එමෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කර තිබේ. මේ අතර, නීතිපති ජයන්ත ජයසූරීය මහතා නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත. ඒ අනුව Read More

පන්සල් 50 කට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වන්න නියමිතයි – ඥානසාර හිමි

“මොකුත් කියන්න ඕනේ නැහැ… වෙසක්, පොසොන්… මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්… කිසිම පිංකමක්… කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න නියමිතව තියෙනවා.  ඒ තොරතුරු ඕනි නම් ගන්න එන්න බන්ධනාගාරයට.” අද (29) දින හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී මෙම විශේෂ ප්‍රකාශයක් Read More

මුස්ලිම් සංවිධාන හා සාකච්ඡා කොට ආරක්ෂාවට තර්ජන ඇති ඇදුම් පැළදුම් ගැන පනතක්

මුස්ලිම් සංවිධාන සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව ආරක්ෂාවට තර්ජනයක් විය හැකි අන්දමේ ඇඳුම් පැළඳුම් තහනම් කරලීමේ නීති රීති සම්මත කර ගැනීමට පාර්ලිමේන්තුවට පණත් කෙටුම් පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනෑම දෙයක් ඇඳුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා හෝ  අමාත්‍ය මණ්ඩලයේ කිසිදු අමාත්‍යවරයෙක් විරෝධතාවයක් පළ කළේ නැහැ. යයි අධිකරණ ඇමතිනි තලතා අතුකෝරළ Read More

විගණකාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර සබඳතාවය දැන් ශක්තිමත්

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ රාජ්‍ය ගිණුම්කාරක සභාව ඉතාමත්ම සක්‍රීය වූ පසුගිය වසර 4 තුළ විගණකාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව අතර ද ශක්තිමත් සබඳතාවයක් ගොඩනැගුණ බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. මෙම තත්ත්වය තුළ නාස්තිය සහ දූෂණය පිටුදැකිම සඳහා වැදගත් මාවතකට අවතීර්ණ විමට හැකි වූ බවද ඒ සඳහා දායකත්වය ලබා දුන් හිටපු විගණකාධිපතිවරයාගේ සේවය අගය Read More

පොල්ගාන්නේ නැතුව ප්‍රතිත්‍රස්ත පනත වහාම පාර්ලිමේන්තුවට ගේන්න – අගමැති

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව ඕනෑම රටක ක්‍රියාත්මක ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහිව පියවර ගැනීමේ විධිවිධාන ඇතුළත් ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තු කමිටුවේ සිරකර ගනිමින් පෛාල් ගාන්නේෙ නැතිව වහාම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී ඊයේ (28) පැවසීය. 2017 වසරේ ඔක්තෝම්බර් 09 වැනිදා ඉදිරිපත් කරනු ලැබූ ප්‍රතිත්‍රස්ත පනත එම වසරේ සැප්තැම්බර් 17 වනදා ගැසට් කරනු ලැබුව Read More

බුර්කාව තහනම් කරනවාට විරුද්ධ වුනේ නැහැ – අගමැති කාර්යාලය

ඉස්ලාම් භක්තික කාන්තාවන් විසින් භාවිතා කරන ශරීරය සම්පූර්ණයෙන් ආවරණය වන බුර්කා ඇඳුම භාවිතා කිරීම තහනම් කිරීමට අමාත්‍යවරුන් පිරිසක් විසින් යෝජනා කළ අවස්ථාවෙහි එම යෝජනාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විරුද්ධ බවට පළ වන ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර සිටී. ඉහත ප්‍රවෘත්තිය මගින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බුර්කාව තහනම් කිරීමට නීති පැනවීමට විරුද්ධ බවට Read More

t

o

p