Local News

රාජිත ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුවට යයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 72 වන වාර්ෂික සමුළුව ලබන 20 දින සිට 28 දින දක්වා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙන අතර, ඊට සහභාගි වීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හෙට (17) ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතය. වාර්ෂික සමුළුව ආරම්භ වීමට ප්‍රථම පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයින්ගේ සාකච්ඡාවකට ද ජිනීවා නුවර දී Read More

චීන සමුළුවට ගිය එකම විධායක ජනාධිපති මෛත්‍රී පමණයි

චිනයේ බීජිං නුවර පැවැත්වෙන ආසියානු ශිෂ්ඨාචාර (සංස්කෘතික) සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයන් අතරින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සුවිශේෂී පිළිගැනීමක් හිමිව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) මුලීකත්වයෙන් සංවිධානය කරන ආසියානු ශිෂ්ඨාචාර (සංස්කෘතික) සමුළුව ඊයේ (15) ඇරබිනි. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග ග්‍රීසියේ ජනාධිපති පොරොකොපිස් පව්ලෝපෝලාස් (විධායක බලතල Read More

වයඹ හා මිනුවන්ගොඩ ගැටුම් වෙසක් නවතන්න – බුද්ධි අංශ කියයි

වයඹපළාතේ හා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා වෙසක් උත්සවය මුළුමණින්ම කඩාකප්පල් කිරීම සඳහා කළ ඒවා බව රාජ්‍ය බුද්ධි අංශ වාර්තා මගින් රජයට දැනුම් දී තිබේ. වයඹහා මිනුවන්ගොඩ ප්‍රචණ්ඩ ක්‍රියා සංවිධානාත්මකව හොදින් සැලසුම්සහගතව කෙරී ඇති බවත් ඉහත ප්‍රචණ්ඩ ක්‍රියා පිටුපස දේශපාලන පක්ෂ කිහිපයක ප්‍රබලයන් ඵටින බවත් රජයට ඉදිරිපත් කළ බුද්ධි අංශ වාර්තාවේ සදහන්වේ. සිද්ධියට අදාළ බුද්ධි Read More

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය කතානායකට බාර දෙයි

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද(16) පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය මහතා වෙත බාරදී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මන්ත්‍රීවරුන් 64 කට ආසන්න පිරිසක් මේ වන විට එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇති බව කතානායක මධ්‍ය අංශය නිවේදනය කරයි. මේ අතර අදාළ යෝජනාව කඩිනමින් විවාදයට ගැනීම Read More

දමුල්ල අනතුරින් තිදෙනෙකු මරුට හයක් තුවාල

ඒ නවය ප‍්‍රධාන මාර්ගයේ දඹුල්ල කැකිරාව මාර්ගයේ මඩාටුගම ප‍්‍රදේශයේදී වැන් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුනලා ගැටීමෙන් ඊයේ (15) පස්වරු 2.00 ට පමණවූ අනතුරකින් කාන්තාවන් දෙදෙනකු හා පිරිමි පුද්ගලයෙකු මියගොස් තවත් සයදෙනෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබේ. තුවාලකරුවන් අතර හිමිනමක් වයස අවුරුදු 05 ක් වන දැරියකද සිටිති, වෑන් රථයේ ගමන්කළ පිරිස Read More

චින සංචාරය නිමවා ජනපති මෙරටට පැමිණෙයි

චීනයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (16) අළුයම දිවයිනට පැමිණ ඇත. මේ අතර චීනයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා චීන අග්‍රාමාත්‍ය ලී ක්වෑන්ග් මහතා අතර සාකච්ඡාවක් පවත්වා ඇත. ඊයේ පස්වරුවේ බීජිං නුවරදී මෙම සාකච්ඡාව පැවැති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු Read More

ත්‍රස්ත විමර්ශන අංශය සී අයි ඩී යට

  ශ්‍රි ලංකා පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබේ. මීට පෙර ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පැවතුණි. පසුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් එම කොට්ඨාශය ඔහු යටතට පවරාගෙන තිබුණි. නමුත් වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න Read More

රනිල් ඇදිරි නීතිය මැද හෙට්ටිපොල සංචාරය කරයි

රටේ සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලූ බලතල ලබාදී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14) දින කුලියාපිටියේ දී පැවසීය. ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්තාවය සමනය කිරීම සඳහා ඊයේ රාත්‍රියේ කැබිනට් මණ්ඩලය රැස්කොට ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා පොලිස්පතිතුමා සමග සාකච්ඡා කර මෙම පියවර ගත් බව වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍ය Read More

නාමල් කුමාර හා අමිත් වීරසිංහ පොලිස් අත්අඩංගුවේ

ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරි ක්‍රියාහේතුවෙන් මහසෝන් බලකායේ අමිත් වීරසිංහ හා දුෂණ විරෝධි බලකායේ අධ්‍යක්ෂ නාමල් කුමර ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අමිත් වීරසිංහව විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් තෙල්දෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර නාමල් කුමාර අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොල පොලිසියට පැමිණි අවස්ථාවේදීය. කුලියාපිටිය ඇතුළු නගර කිහිපයක ඇති වූ සිද්ධින් සම්බන්ධයෙන් නාමල් කුමාර අත්අඩංගුවට ගෙන ඇති Read More

වෙසක් පොහොය වෙනුවෙන් ප්‍රතිපත්ති පුජා පැවැත්වීමට ගෙන ඇති තීරණයට සහය

වෙසක් පොහොය වෙනුවෙන් මෙරට සියලූ විහාරස්ථානවල ප්‍රතිපත්ති පූජා පැවැත්විය යුතු බවට මහානායක හිමිපාණන් වහන්සේලා ගෙන තිබෙන තීරණය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පුර්ණ සහයෝගය ලබාදෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම වැඩකටයුතු පහසුකරවීම සඳහා ආරක්ෂක අංශ මෙන්ම ආණ්ඩුවේ යාන්ත්‍රණය යොදවන බව ඊයේ (13) වන දින අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී පැවසීය. පසුගිය 21 වෙනිදා සිදුවූ බෝම්බ Read More

t

o

p