Local News

අගමැති රනිල්ට රාහුල් ගාන්ධි සුභ පතයි

ඉන්දීය ජාතික කොන්ග්‍රසයේ සභාපති ශ්‍රී රාහුල් ගාන්ධි මහතා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍යවරයා වශයෙන් තේරී පත්වී රාජකාරි ආරම්භ කිරීම  පිළිබඳව සතුටුව සුභ පැතුම් පණිවිඩයක් එවා තිබේ. එම සුභ පැතුම් පණිවිඩය පහත දැක්වේ. “ප්‍රජාතාන්ත්‍රිකව තේරී පත්වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වශයෙන් එම ධූරයේ නැවතත් රාජකාරි ආරම්භ කිරීම පිළිබඳව ඔබතුමාට මාගේ සුභාශිංසන පිරිනමමි. නොබෝදා Read More

විමල් සොරාගත් බව ඔප්පු වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට කොළඹ වාණිජ මහාධිකරණ අද නියෝග කළේය.   වීරවංශ මහතා විසින් රචිත “නැත්ත වෙනුවට ඇත්ත” යන ග්‍රන්ථය මගින් බුද්ධිමය දේපළ පනත යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් ටිල්වින් සිල්වා මහතා ගොනු කර තිබූ Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවාද නැතිද තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවාද නැතිද යන්න පිළිබඳව අවසන් තීරණය ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පැවරීමට රජය තීරණය කර තිබේ. රජය ඉහත තීරණයට එළැඹඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවය. ශ්‍රී ලංකාවේ නව ආ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් Read More

ලබන 14දා ගෙවීමට ඇති ණය වාරිකය ගැන අගමැති හෙළි කරයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවන විශාලතම ණය වාරිකය වන අමෙරිකානු ‍ඩොලර් මිලියන 2600 ක මුදල ලබන 14 වැනිදා ගෙවීමට සිදුව ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී  (10) ප්‍රකාශ ක‍ළේය. මෙරට ඉතිහාසය තුළ වැඩිම ණය ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇත්තේ 2019 වසරේදී බවත් එම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 5900 ක් බවත් අගමැතිවරයා අවධාරණය කළේය. එමෙන්ම පසුගිය රජය සමයේ Read More

කඩා වැටුනු ආර්ථිකය ගොඩ ගන්න ජනතා හිතවාදී අයවැයක්

දිනපනස් එකේ කුමන්ත්‍රනයෙන් අස්ථාවර වු ආර්ථිකය යළි ස්ථාවර කරමින් ජනතා හිතවාදී අයවැයක් 2019 වසර සඳහා ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී (10) ප්‍රකාශ කළේය. පැවැති ‍දේශපාලන අර්බුදය හේතුවෙන් දින පනස් එකක කාලයක් පුරාවට දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවා තබන බවත් අගමැතිවරයා සඳහන් කළේය. කඩා වැටුනු ආර්ථිකය ගොඩ නැගීමේ දී එල්ලවන කවර අභියෝගයකට Read More

පාර්ලිමේන්තුව ගැන මට කියන්න ලැජ්ජයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අනාගත පරපුරට ආදර්ශයක් නොවේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරන්දෙණියේ දී අද (9) පැවසීය. තමා පාර්ලිමේන්තුවේ නොහොබිනා අයුරින් හැසිරුණේ නැති වුවත් පාර්ලිමේන්තු සභිකයකු නිසා පාසලකට පැමිණ දරු දැරියන්ට උපදෙසක් දෙන්නට තරම් තත්ත්වයක නැතැයි ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ 75 වැනි සංවත්සරය සහ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා Read More

සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ ඉහලට

සුරක්ෂා රක්ෂණාවරණය 2019 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය පසුගිය දා පැවති කැබිනට් මණ්ඩලයේ දී හිමි විය. පසුගිය වසරේ දී (2018) සුරක්ෂා රක්ෂණාවරණය ලබාදීමේ දී ලද අත්දැකීම් සැළකිල්ලට ගනිමින් රජයට අවම වියදමක් දරා සිසුන්ට වැඩි ප්‍රතිලාභ හිමිවන පරිදි  2018/19 වර්ෂය සදහා නව යෝජනා ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීම අනුව අධ්‍යාපන අමාත්‍යාංශය Read More

2019 වසරේ ණය ගෙවන්න රු.බි.2200ක් අවශ්‍යයි

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට ඊයේ (7) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. එම විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේදී ඇස්තමේන්තු කල සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4,470 ක් වේ. ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක් පමණ වේ. 2019 Read More

විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ පිළිගන්නා බව කථානායක පවසයි

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්නා බව කතානායක කරූ ජයසූරිය මහතා නිවේදනයකින් අද පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ. පාර්ලිමේන්තුව ආරම්භයේදී කතානායකවරයාගේ නිවේදන දැනුම් දුන්නේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාය. එම සම්පුර්ණ නිවේදනය මෙලෙසින්.. නිවේදනය 2018 දෙසැම්බර් මස 18 වෙනි  දින කථානායකතුමා විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ  විරුද්ධ පාර්ශ්වයේ අසුන් ගෙන සිටින පිළිගත් දේශපාලන Read More

නීති විරෝධී දුම්වැටි අලෙවියෙන් රු.බි.18ක බදු ආදයමක් අහිමිවෙයි

නීති විරෝධි දුම්වැටි මෙරට අලෙවි කිරිම තුළින් රජයට රුපියල් බිලියන 18 ක බදු ආදායමක් 2018 වර්ෂයේදී අහිමි වී ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් ඊයේ (07) එළි දැක්වූ පර්යේෂණ වාර්තාවක සඳහන්වේ. ශ්‍රී ලංකාවට 2018 වර්ෂයේදි පමණක් නිති විරෝධි දුම්වැටි මිලියන 583 ක සංඛ්‍යාවක් ඇතුළු වී ඇතැයිද එය ශ්‍රී ලංකාවේ සමස්ත දුම්කොළ නිෂ්පාදන වෙළෙද ‍පොලෙන් 15.57 ක් බවද නිති Read More

t

o

p