Local News

ශ්‍රී ලංකා – මාලදිවයින් දෙරට අතර අවබෝධතා ගිවිසුම් හුවමාරු කරයි

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මාලදිවයින් සංචාරය අතරතුර දී, දෙරට අතර වීසා නිකුත් කිරීම තවදුරටත් පහසු කිරීම, සමාජ ආරක්‍ෂණය, උසස් අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ තරුණ සංවර්ධනය වෙනුවෙන් අවබෝධතා ගිවිසුම් හතරක් හුවමාරු කර ගනු ලැබිණි.  දෙරට අතර වීසා නිකුත් කිරීම තවදුරටත් පහසු කිරීමේ ගිවිසුම යටතේ, මීට පෙර පැවැති ගුවන් තොටුපොලේ දී වීසා ලබා ගැනීමේ පහසුකම Read More

ලක්දිව ඉංජිනේරු සමාගමේ දුම් සහතික නිකුත් කිරීමේ පරීක්ෂණ මධ්‍යස්ථානය විවෘත කෙරේ

පරණ බස් අලුතින් හදන ලක්දිව ඉංජිනේරු සමාගම මේ වසරේ පළමු අර්ධයේදී වාර්තා ගත ලාභයක් අත්පත් කර ගනී. ඒ ජනවාරි – අගොස්තු මාසවල රුපියල් මිලියන 35ක ලාභයක් ලබමිනි. එම කාලයේදී සමාගම ප්‍රති නිෂ්පාදනය කළ බස්රථ ගණන 107ක් වේ. එය පසුගිය වසරේ ජනවාරි – අගොස්තු මාසවලට සාපේක්ෂව සමාගමේ කාර්යක්ෂමතාව සියයට සියයකින් ඉහළ යාමක්ද වේ. මෙම කරුණු අනාවරණය වූයේ Read More

කාලෝ ෆොන්සේකා සමුගැනීම රටටම දැරිය නොහැකි පාඩුවකි

මෙරට වෛද්‍ය විද්‍යාව, සාහිත්‍ය, කලාව, දේශපාලනය, ආදී විෂයයන් රැසක ප්‍රාමාණික බුද්ධිමතෙකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අප අතරින් සදහට ම වෙන් වූවේ ය. එවැන්නෙකුගේ වියෝගය එක් එක් පාර්ශ්වයකට වඩා පොදුවේ සමස්ත රටට ම සිදු වූ පිරවීමට අපහසු තරමේ රික්තකයක් බැව් නොකිව මනා ය. වෛද්‍ය පීඨ පීඨාධිපතිවරයෙකු මෙන් ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පාලක සභා සාමාජිකයෙකු ලෙස Read More

කුලියාපිටියේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට

සුදු ජාතිකයින්ගේ පාලන සමයේ සිට පොල් ආර්ථිකය පදනම් කරගත් කුරුණෑගල දිස්ත්‍රික්කය නවීකරණය කිරීම තම අරමුණවී තිබූ බවත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ එම නවීකරණය ඉදිරි කාලය තුළ ඇති කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කුලියාපිටියේදී පැවසීය. තමන් බෝක්කු ඉදි නොකරන බවට ඇතැමුන් ප්‍රකාශ කරන බව පැවසූ වික්‍රමසිංහ මහතා තමා බලයට පැමිණියේ බෝක්කු හැදීමට නොව රට හැදීමට බව අවධාරණය Read More

අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් Read More

තෙවන පාසල් වාරය අද (2) ආරම්භ වේ

පාසල්වල තෙවන වාරය අද (02)  ආරම්භ වේ. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු සදහා යොදාගන්නා පාසල්වල තෙවන පාසල් වාරය සැප්තැම්බර් මස 16 වනදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

දීඝවාපි චෛත්‍ය ප්‍රතිනිර්මාණ කටයුතු ඇරඹෙයි

බුදුන් වහන්සේගේ නිය ධාතුව තැන්පත්කල ඵෙතිහාසික දීඝවාපිය විහාරස්ථානයේ අභිනව චෛත්‍ය ප්‍රතිනිර්මාණ කටයුතු නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 1980 දශකයේ මෙහි වැඩ ආරම්භ කර තිබුණත් නොයෙකුත් අගහිඟතා මෙන්ම විවිධ හේතූන් මත එම වැඩ අතරමග නතර වී තිබුණ අතර එයට නවජීවයක් ලබාදීම සඳහා මෙම ප්‍රතිසංවර්ධන කටයුතු මෙදින ආරම්භ කළ බව අමාත්‍ය සජිත් Read More

අතහැර දැමු පුද්ගල නාශක බෝම්බ දෙකක් යාපනය, කරෙයිනගර් ප්‍රදේශයෙන් සොයාගැනේ

නාවික හමුදාව විසින් යාපනය,  කරෙයිනගර් ප්‍රදේශයේ  වෙල්යායක තිබි අතහැර දමන ලද පුද්ගල නාශක බෝම්බ දෙකක් 2019 අගෝස්තු 30 සිදුකල සෝදිසි කිරිමකදි සොයා ගන්නා ලදි. ඒ අනුව උතුරු නාවික විධානය විසින් කරෙයිනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරිමකදි  වෙල්යායක තිබි මෙම අත්හැර දැමු  පුද්ගල නාශක බෝම්බ දෙක සොයාගෙන ඇති අතර, එම බෝම්බ නාවික හමුදා බෝම්බ නිශ්ක්‍රීය Read More

නව හුවාවී‍ දුරකථනවලින් ගූගල් යෙදවුම් ඉවතට

අමෙරිකානු රජය විසින් තම නිෂ්පාදන හුවාවී සමාගමට අලෙවි කිරිම තහනම් කිරිම හේතුවෙන් හුවාවී‍ සමාගම ඉදිරියේ නිෂ්පාදනය කරන ස්මාර්ට් ජංගම දුරකතන සඳහා ගූගල් ඇප් සහ යූ ටියුබ් යෙදවුම්වලින් තොරව වෙළඳපලට ඉදිරිපත් කරන බව එම සමාගම පවසයි.

මීතොටමුල්ලට පමණක් දෙවැනි තේක්කවත්ත පාරිසරයට විශාල හානියක්

ධාරිතාව හා වපසරිය අනුව මීතොටමුල්ලට පමණක් දෙවැනි වන මහනුවර තේක්කවත්ත කැළි කසළ අංගණය හේතුවෙන් මහත් පාරිසරික හානි සිදුවන බව ප්‍රදේශවාසීන් චෝදනා නගති. වසර අසූවකට අධික කාලයක් මහනුවර නගරයේ කැළි කසල මෙම ස්ථානයේ බැහැර කිරීම නිසා මේ වන විට කටුගස්තොට තේක්කවත්ත පමණක් නොව අවට ගම්මාන රැසක ජනතාවට සෞඛ්‍ය තර්ජන මතුව ඇතැයි කියමින් ගම්වාසීන් පිරිසක් මධ්‍යම පළාත් Read More

t

o

p