Local News

ජපුර සිසුවා අනතුරට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව පළමු වසර සිසුවෙකුගේ හිසට ට්‍රැක්ටර් ටයරයක් පතිත කරවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිබේ.  එහිදී කිසියම් පාර්ශවයක් වැරදිකරුවන් බවට පත්වුවහොත් විනය ක්‍රියාමාර්ග පවත්වා පන්ති තහනම් සහ දඬුවම් දීමට පියවර ගනු ඇත.

මීගමුවේ හෝටල් සේවකයෙක් මරුට

මීගමුව පොලිස් වසමේ පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි පිරිසක් අතර ඇති වු ගැටුමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත්ව ඇත.  පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකට පැමිණි 6 දෙනෙකුගෙන් යුත් පිරිසක් විසින් එම හෝටලය තුළ දී මත්පැන් පානය කිරීමට උත්සහ කිරීමේ දී හෝටල් හිමිකරු සහ සේවකයින් සමඟ ආරවුලක් ඇතිව තිබේ.   පහර කෑමට ලක්වු හෝටලයේ හිමිකරු ඇතුළු සිව් දෙනෙක් බරපතළ Read More

ලෝක වෙළදපොලේ බොරතෙල් අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට තවමත් නැහැ

මේ වන විට ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සීග්‍රයෙන් පහත වැටී ඇත. එහෙත් මෙරට ඩීසල් මිල හෝ පෙට්රල් මිල අඩු කිරීමට ඔබ අමාත්‍යංශය මෙතෙක් කටයුතු කර නැත. වසර 1991 ට පසු ඉතිහාසයේ ප්‍රථමවතාවට බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 32.78 ක මිලකට මේ වන විට ලෝක වෙළදපොලේ අලෙවි වෙමින් පවතී. එම නිසාලෝක වෙළදපොලේ බොරතෙල් මිල අඩුවීමේ වාසිය ඉතාම Read More

රන් මිලෙහි වාර්තාගත වැඩිවීමක්

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල වාර්තාගත ලෙසින් ඉහළගොස් තිබේ. වෙළෙඳපොළ විශ්ලේෂකයන් සඳහන් කළේ, රත්‍රං සඳහා මෙතරම් ඉහළ මිලක් වාර්තා වන්නේ වසර 7 කට පසු බවයි. මේ අනුව ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1702 යි සත 45 ක් ලෙසයි. මීට සති කිහිපයකට පෙර ලෝක වෙළදපොලේ රන් මිල සටහන් වුණේ රන් අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1645 යි ශත Read More

දිස්ත්‍රික්ක පහකට පානීය ජල ගැටලු

දිවයිනේ දිස්ත්‍රික්ක පහකට නිසි පරිදි පානීය ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය අනතුරු අඟවයි. කොළඹ, කළුතර, ගම්පහ, කෑගල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල පානීය ජලය ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. දැඩි නියඟය හේතුවෙන් ජල මූලාශ්‍රවල ජලය සිඳී යාම මීට හේතුව බව එම මණ්ඩලය සඳහන් කරයි.

එජාපය දිස්ත්‍රික්ක 22න්ම

එළඹෙන මහමැතිවරණයේදී එජාපය දිස්ත්‍රික්ක 22 සඳහාම තරග කරන බව එජාප ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

දරුවෙකු පැහැරගන්න ආ විදේශිකයන් කොටුවෙයි

අවුරුදු 10ක් වයසැති ළමයෙකු පැහැර ගෙන යාමට තැත් කළ විදේශීය ජාතිකයින් සිව්දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර කටුගස්තොට, මැණික්කුඹුර ප්‍රදේශයේ පිහිටි සතිපොළක් ආසන්නයේදී මෙම සිදුවිම සිදුව ඇති බවයි වාර්තා වුනේ. මෙම කුඩා දරුවා ඔහුගේ බාප්පා සමග සතිපොලට පැමිණ ඇති අතර එහිදී එකවර පැමිණි වෑන් රථයක සිටි පිරිසක් මෙම දරුවා පැහැර ගැනීමට උත්සහ කර තිබෙනවා. එහිදී Read More

තවත් රටවල් කිහිපයක් කොරෝනා ලැයිස්තුවට

නව කොරෝනා වෛරසයට ගොදුරු වූ රටවල් ලැයිස්තුවට තවත් රටවල් කිහිපයක් එක් වී තිබේ. ඒ ලොව කුඩාම රාජ්‍ය වූ වතිකානය රාජ්‍යය,  සර්බියාව, ස්ලෝවැකියාව, පේරු සහ ටෝගෝ රාජ්‍යයයි. ඒ අනුව චීනය ඇතුළු කොරෝනා ආසාදිතයන් වාර්තා වන රටවල් සංඛ්‍යාව 100කට ආසන්න අතර වාර්තාවන මරණ ගණන 3433කි. චීනයෙන් ආරම්භ වී ලොව පුරා පැතිර යන  නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂය Read More

රවි ඇතුළු 10කට වරෙන්තු

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 10 දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (6) වරෙන්තු නිකුත් කළේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු රාජ්‍ය ආයතන අටකට සිදුකළ මූල්‍ය පාඩුව නැවත අයකර ගැනීම සඳහා රජය වෙනුවෙන් නීතිපතිවරයා විසින් සිවිල් නඩු අටක් පවරා ඇති අතර, ඉන් නඩු පහක් කොළඹ දිසා අධිකරණය හමුවේ කැඳවීය. මහ බැංකු බැඳුම්කර Read More

බැදුම්කර වංචාවන් සම්බන්ධ සියළු පාර්ශවයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ විය යුතුයි

යහපාලන රජය යටතේ 2015 හා 2016 වසරවල සිදු වූ බැදුම්කර වංචාවන් දෙකට සම්බන්ධ සියළු පාර්ශවයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ විය යුතු බව දකුණ හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. රාජගිරියේ දී පැවැති පුවත්පත් සාකච්ඡාවක දී අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා පැවසූවේ “යහපාලන රජයේ පළමු බැදුම්කර වංචාවට සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ 1937 අංක Read More

t

o

p