Local News

ගම්පහ ඇඳිරි නීති බලප‍්‍රදේශ තුල වෙළඳ සැල් අද විවෘතයි

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප‍්‍රදේශ 19 තුල පිහිටි සියලූ ආහාර ද්‍රව්‍ය අලෙවිසැල්, වෙළඳසැල් සහ ඖෂධ සැල් අද (20) දිනයේදී විවෘත කෙරෙයි   අද උදෑසන 08 සිට රාත්‍රි 10 වන තෙක් සියලූ ආහාර ද්‍රව්‍ය අලෙවිසැල්, වෙළඳසැල් සහ ඖෂධ සැල් විවෘතව තැබෙයි   සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සමාජ Read More

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,538ක් දක්වා ඉහළට

මෙරටින්  වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 5,538 ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 2,122 ක්. පූර්ණ සුවය ලැබූ පිරිස 3,403 කි.

ගම්පහ 5000 දීමනාව හෙට සිට

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, දිවුලපිටිය සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් 72,345කට රුපියල් පන්දහසේ දීමනාව හෙට (20) සිට ලබාදීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ මැදිහත්වීම මත මුදල් Read More

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.   දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමයි. සුළගේ Read More

මතුගම ගම්මාන 03ක් හුදෙකලා වෙයි

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන ගම්මාන වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ගම්මාන ලෙස නම් කර ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. මේ දක්වා එම ගම්මාන ඇසුරෙන් කොරෝනා වෛරසය ආසාදිතයින් 17 දෙනෙකු සොයා ගෙන ඇති බවයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත Read More

මහරගම ඇරැව්වල සහ පැලන්වත්තේ හතරකට කොරෝනා

වැල්ලවත්ත පෞද්ගලික බැංකුවක සේවය කරන අලෙවි ප්‍රවර්ධන නිලධාරීන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ මව්වරුන් දෙදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී බවට ඊයේ (17) වාර්තා වූ බව පිළියන්දළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. මෙසේ වෛරසය ආසාදනය වී ඇත්තේ මහරගම, ඇරැව්වල, පතල්වත්ත ප්‍රදේශයේ නිවසක සහ පැලැන්වත්ත කුරුලු උයන ප්‍රදේශයේ පවුල් දෙකකට අයත් අය බව පැවසෙනවා.

කොවිඩ්-19 රෝගීන් 2000 ඉක්මවා යයි

මෙරට තුළ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යා 2000 ඉක්මවා ගොස් තිබෙනවා. වැඩිම කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව වන රෝගීන් 300කට අධික පිරිසක් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර කඹුරුගමුව, IDH, හම්බන්තොට, ඉරණවිල, තෙල්දෙණිය සහ වැලිකන්ද යන රෝහල්වල ද කොවිඩ් රෝගින් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටී. මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5475 Read More

20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 සහ 22 විවාදයට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (16) තීරණය කරන ලදී. මේ අතර 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව ලබන ඔක්තෝබර් 20 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබනු ඇත. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු Read More

සත්වෝද්‍යාන වසා දැමේ

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියලුම සත්වෝද්‍යාන වසාදැමීමට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක කියා සිටියේ.

මාළු වෙළෙන්දියකටත් කොරෝනා

රත්මලාන ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය ආසාදිත කාන්තාවක් ඊයේ(16) සොයා ගෙන ඇත. රත්මලාන කඳවල පාර, සඳුන්ගම රතුකුරුස නිවාස සංකීර්ණයේ පදිංචි 63 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොවිඩ් -19 වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ. මෙම කාන්තාව දෙහිවල කරගම්පිටිය ඉරිදා පොළේ මාළු වෙළදාමේ නිරත වූ කාන්තාවක් බව සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිත කාන්තාව සොයා ගැනීමත් සමඟ ඇයගේ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා Read More

t

o

p