Local News

දඹුල්ල රෝහලට බෙහෙත් ගන්න එන රෝගීන් ආපහු යයි

දඹුල්ල මූලික රෝහල වෙත විශේෂයෙන් වෛද්‍ය සායන සඳහා දිනපතා පැමිණෙන සිය ගණන් රෝගීන්ට මෙම ස්ථානයෙහි පවතින අවිධිමත් තත්ත්වය නිසා දැඩි අපහසුතාවකට මුහුණපෑමට නිරන්තරයෙන් සිදුවන නමුත් මෙම තත්ත්වය මගහැරවීමට රෝහල් කළමනාකාරිත්වයට මෙතෙක් නොහැකිවීම ජනතාවගේ දැඩි අප්‍රසාදයට හේතුවි ඇත. මෙම වෛද්‍ය සායන සඳහා දුරබැහැර පෙදෙස්වල සිට බොහෝ රෝගීන් පැමිණෙන අතර ඇතමුන් සායනවලට පෙරදිනයේ පැමිණ කොතනක හෝ අගුපිලක Read More

නැගෙනහිර පළාත් ජල සංවර්ධන ව්‍යාපෘතියේ අක්‍රමිකතා නිසා රුපියල් කෝටි 06 ක පාඩුවක් – කෝපා කමිටුවේදී හෙළි වෙයි

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JAICA) ආයතනයේ අධාර මත2013 දී සිදුකළ නැගෙනහිර පළාත් ජල සංවර්ධන ව්‍යාපෘතිය සඳහා  DI පයිප්ප සහ උපාංග ‍ගෙන්වීමේදී සිදුවූ අක්‍රමිකතා හේතුවෙන් රුපියල් 62,499,656 ක මුදලක් වැඩිපුර ගෙවීමට රජයට සිදුවී ඇති බව පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය.   මහා භාණ්ඩාගාරය විසින් එම ව්‍යාපෘතියට අවශ්‍ය DI පයිප්ප සහ Read More

මාර්ග අවට තිබෙන අවිධිමත් විදුලි කණු ඉවත්කිරීමේ සූදානමක්

විදුලි කණුවල ගැටී සිදුවන අනතුරු අවම කිරීම සඳහා මාර්ග ආශ්‍රිතව අවිධිමත්ව පවතින විදුලිකණු නිවැරදිව ඉවත්කිරීමට සහ  සුදු වර්ණය ආලේපකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡාකොට ඉක්මනින් වැඩපිළිවෙලක් සැකසීමට කටයුතු කරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විදුලිබල මණ්ඩලයේ නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. අමාත්‍යවරයා නිළධාරීන්ට මෙම උපදෙස් ලබාදුන්නෙ පාර්ලිමේන්තුවේදී පැවති විදුලිබල කටයුතු පිළිබඳ අමාත්‍යාශයීය උපදේශක කාරක සභා Read More

නව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉදිරි සති කිහිපය තුළදී – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

නව ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සඳහා මහජන අදහස් ලබා ගැනීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගියදා පැවසීය. ජාතික වෙළඳ ප්‍රතිපත්තිය සැකසීම වෙනුවෙන් විද්වත් කමිටුවක් පත් කර ඇති බවත්, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ වෙනම ස්ථානයක් එම කමිටු රැස්වීම් සඳහාම වෙන් කර ඇති බවත් වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී හෙතෙම Read More

බෝට්ටුවෙන් කැනඩා යන්න හැදු පිරිසක් අල්ලයි

නිති විරෝධිව බෝට්ටුවකින් කැනඩාව බලා පිටත්වීමට සුදානම්ව සිටි පිරිසක් කල්පිටියේදි නාවුක හමුදාව භාරයට ගෙන ඊයේ (12) කල්පිටිය පොලිසියට බාරදී ඇත. පුද්ගලයන් 24 දෙනෙකු මෙලෙස කැනඩාව බලා යාමට සුදාන්ම්වී ඇති බවත් ඔවුන් අතර කාන්තාවක් හා කුඩා ළමුන් තිදෙනෙකු ද සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීවේය. මෙම පිරිස ත්‍රිකුණාමලය, මඩකලපුව, යාපනය හා Read More

යුනිෆෝම් අඳින හැමෝටම අපරාධ විසඳන්න බැහැ- පිලිප් දිසානායක

නීතියට පිටින් කළ ඝාතන 26 ක් 2020 වසරේ දී පමණක්  වාර්තා වී ඇති බව වධහිංසාවට එරෙහි ශ්‍රි ලාංකික එකමුතුවේ කැඳවුම්කාර මණ්ඩල සභික පිලිප් දිසානායක මහතා පවසයි. පසුගිය වසර තුල සිද්ධින් 16 ක් සිදුව ඇති අතර මහර සිද්ධියේ මිය ගිය රැඳවියන් 11 නා ද සමඟ ඝාතනය වු ගණන 26 ක් බව ඔහු පෙන්වා දෙයි. රටක මානව Read More

කොහුවල කාර් රථය ගිනි ගෙන ව්‍යාපාරිකයා මිය යාම ගැන විමර්ශන කණ්ඩායම් දෙකක් සොයයි

කොහුවල ප්‍රදේශයේ මාර්ගයක දී කාර් රථයක් ගිනි ගැනීම හා ඒ තුළ තිබු පිළිස්සුණු මළ සිරුර සමබ්න්ධයෙන් විමර්ශන කණ්ඩායම් දෙකක් පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. කොහුවවල, ආසිරි මාවතේ දි ඊයේ (10) රාත්‍රියේ දි වැගන් ආර් රථයක් ගිනි ගෙන ඇති අතර ප්‍රදේශවාසීන් හා ගිනි නිවිම් අංශ එක්ව ගින්න නිවාදැමීමෙන් Read More

ජාතික පාරිසරික පනත කඩිනමින් සංශෝධනය කළ යුතුයි – කෝප් කාරක සභාව පරිසර අමාත්‍යාංශයට දන්වයි.

වසර 20 කට අධික කාලයක සිට  යාවත්කාලින කිරීමට උත්සහ දරන   ජාතික පාරිසරික පනත කාලානුරූපව කඩිනමින් සංශෝධනය  කිරීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්‍ය චරිත හේරත් මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට දැනුම් දුන්නේය. මෙම පනතේ සංශෝධන පිළිබඳව දීර්ඝව සාකච්ජා කළද එය ප්‍රායෝගිකව මෙතෙක් ක්‍රියාත්මක නොවීම ගැටලුවක් බවත් හෙතෙම Read More

වල්සපුගල ගොවි අරගලය දිය කර හැරීමේ රජයේ උත්සහයක්

වනජීවි අධ්‍යක්ෂක ජනරාල් විසින් හමිබන්තොට අලිකළමණාකරණ රක්ෂිතය ගැසටි කරන බවට ලිඛිත පෙරොන්දුවක්  දී ඇති බවට  පිරිසක් විසින් කර ඇති ප්‍රකාශය ව්‍යාජ ප්‍රකාශයක් බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි. එම සංවිධනයේ කැදවුම්කරු රවීන්ද්‍ර කාරියවසම් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සදහන්වේ. ගොවි ජනතාව විසින් අලි ඇතුන්ගේ වාසභූමි ආරක්ෂා කිරීම උදේසා ආරමිබකල මාරන්තික උපවාසය දියත්කලේ ගොවිජනතාවගේ කැප Read More

ගල්අගුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දුර්වලතා නිසා රටට විශාල මුදල් ප්‍රමාණයක අලාභයක්

ගල්අගුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දුර්වලතා නිසා රටට විශාල මුදල් ප්‍රමාණයක අලාභයක් සිදුවී ඇති බැවින් මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් කමිටුවට ඉදිරිපත්කිරීමට කටයුතු කළ යුතු යැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව බලශක්ති අමාත්‍යාංශයට  නිර්දේශ කර තිබේ. එසේම  මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සහ එම ව්‍යාපෘතිය සඳහා වන ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ විශේෂ විගණන වාර්තාව අධ්‍යයනයේදී Read More

t

o

p