Local News

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරගය අද ඇරඹෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29 ) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ක්‍රිකට් ලොව රන් දෙවොල වශයෙන් සැලකෙන ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ පළමු තරගයේ ජයග්‍රහණය එංගලන්ත කණ්ඩායම කඩුලු 5කින් හිමි කරගැනීමට සමත් වූ අතර මෙම තරගය පරාජය නොවී සිටීම තරගාවලි පරාජයෙන් ගැලවීම සඳහා අනිවාර්ය වනු ඇත. එමෙන්ම Read More

ජනපති රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ “රනිල් සමඟ රට දිනවන වසර පහක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මීට සුළු මොහොතකට පෙර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී එළිදැක්විණ. එය “ථෙරවාද වෙළෙඳ ආර්ථිකය, ක්‍රියාන්විතය – 2025න් ඔබ්බට, ප්‍රභාශ්වර සමාජයක් කරා, මව්බිම දිනවමු සහ එකමුතු ශ්‍රී ලංකා” යන ප්‍රධාන අංග 5කින් සමන්විතය.

“සොබාදනවි” පළමු අදියර ජනපති සුරතින් විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කෙරවලපිටිය “සොබාදනවි” සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයේ විවෘත චක්‍රීය අදියර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් මීට සුළු මොහොතකට පෙර විවෘත කෙරිණි. ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ප්‍රාථමික ඉන්ධන ප්‍රභවය ලෙස ද්‍රවකෘත ස්වභාවික වායුව (LNG) භාවිතා කරමින් මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබයි. මෙය LNG වායුව භාවිතා කරන Read More

රබර් වගාවට රුපියල් 4000ක පොහොර සහනාධාරයක්

මෙරට රබර් වගාවෙන් ලබන අස්වැන්න වැඩි කිරීම සඳහා රබර් වගාකරුවන්ට පොහොර සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඒ අනුව , රබර් වගාව සඳහා යොදන කිලෝ ග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 9,500 සිට රුපියල් 5,500ක් දක්වා මිල අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත Read More

සෙල්ලකතරගමදී පාසල් ළමුන් පිරිසකට දෙබර ප්‍රහාරයක්

කතරගම පොලිස් වසමේ සෙල්ලකතරගම පාලම අසලදී ළමුන් පිරිසකට සහ දෙමාපියන්ට දෙබර ප්‍රහාරයක් එල්ල වී තිබේ. සෙල්ලකතරගම පදිංචිකරුවන් වන ප්‍රහාරයට ලක්වූ ළමුන් 10 දෙනෙකු සහ දෙමාපියන් තිදෙනෙකු කතරගම රෝහලට ඇතුළත් කර ඇත. තුවාලකරුවන් අතර පිරිමි ළමුන් 4ක්, ගැහුණු ළමුන් 6ක් සහ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු රෝහල්ගත කළ අය අතර වේ.

තුන්වන ලෝක යුද්ධයක් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම්

යුක්‍රේනයට යුද ආධාර ලබා දී රුසියාවට පහර දීමට ඉඩ සැලසීමෙන් තුන්වන ලෝක යුද්ධයක් ආරම්භ විය හැකි බව රුසියාව විසින් අමෙරිකාවට අනතුරු අඟවා තිබේ. එසේ වුවහොත් එය යුරෝපයට පමණක් සීමා නොවන බව රුසියාව ප්‍රකාශ කරයි. යුක්‍රේනය පසුගිය 06 වනදා රුසියාවේ බටහිර කර්ස්ක් ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කළ අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු රුසියාවට එල්ල වූ විශාලතම ආක්‍රමණය Read More

නීති විරෝධී දුම්වැටි තොගයක් සමග මගියෙකු කටුනායකදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින්. සැකකරු සන්තකයේ තිබී සොයාගත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් විසි දෙලක්ෂ 20,000ක් පමණ වෙයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායිහි ටැක්සි රථ රියැදුරෙකු ලෙස සේවය කළ අනුරාධපුර, මඩාටුගම Read More

ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අගෝ 29

ස්වාධින අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී අනිද්දා (අගෝ. 29) එළිදක්වයි. “පුලුවන් ශ්‍රී ලංකා” යන දැක්ම මුල් කර ගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කොට තිබේ. රට බංකොලොත් භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීම සහ ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් Read More

ජනාධිපති සන්නද්ධ හමුදා කැඳවයි

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත් කර තිබේ. අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුධ හමුදාව,ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සියලු සාමාජිකයන් මෙලෙස කැඳවීමේ නියමය ඇතුළත් ගැසට් නිවේදනය අද (27) ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ. පරිපාලන Read More

මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකේදී අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ශ්‍රී ලංකා වෘත්තීය සංගම් සංවිධානයේ 37 වන වාර්ෂික සමුළුවට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය Read More

t

o

p